ARTIFICIAL INTELLIGENCE Part 2: Neural Networks

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
මචන්ල, එහෙනම් Artificial Intelligence ගැන thread series එකක් කරන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.

මගෙ මුලින් AI ගැන දාපු thread එක මෙන්නෙ..
link http://www.elakiri.com/forum/showthread.php?t=1837753

ඒ thread එකෙන් මම AI Chatbot කෙනෙක් හදාගන්න හැටි කියල දුන්න. ඇත්තටම කිව්වොත් නිකම්ම chatbot ව run කරන හැටි තමා කිය්ල දුන්නෙ. මොකද ඒකෙන් ඔයාලට AI වල තියන Potencial එක වැටහෙනව.

ඇත්තටම කිව්වඔත් අනාගතේ කියන්නෙ AI ම තමා..

අනික මේක ඉතාම interesting subject එකක්..
මටත් එච්චර programming බෑ.. ඒත් මොකක් හරි programming language එක දැන් ඉගෙන ගත්තත් පාඩුවක් නෑ. අනික AI field එක කියන්නෙ මාරම demand field එකක්..

හරි වැඩේට බහිමු. මොකද්ද මේ Artificial Intelligence එහෙමත් නැත්තං AI කියන්නෙ?

සරලවම කිව්වොත් තනියම හිතල යමක් කරන්න පුලුවන් machine/ software එකක්..

ඒ කියන්නෙ AI වලට හිතන්න පුලුවන්ද?
සරල උත්තරෙ 'ඔව්'. හිතන්න පුලුවන්.

එතකොට AI කියන්නෙ සත්වයෙක්ද?/ switch off කරොත් අපිට පව් සිද්ද වෙයිද? නෑ. හේතුව AI කියන්නෙ සත්වයෙක් නෙමෙයි. එයාලට තණ්හාව නෑ. ok ok ඕව අපිට වැඩක් නෑ. ඒව පස්සෙ කතා කරමු..

එතකොට කොහොමද මූ(AI ) හිතන්නෙ?
ඕකට උත්තර දෙන්න කලින් අපි අපෙන්ම අහමු කොහොමද අපි හිතන්නෙ කියල?
අපි ඉපදෙද්දි අපි කිසිම දැනුමක් ගෙනාවෙ නෑ. හැබැයි කාලයක් ගතවෙද්දි අපේ sensory organs වලින් අපිට ගොඩාක් තොරතුර් ඇවිත් අපේ මොලයෙ neurones ටික ඒ තොරතුරු වලට අනුව වෙනස් වෙලා හැඩ ගැසුන..
අපි උදාහරනෙකට ගම්මුකො සිංහල භාශාව ඉගෙන ගැනීම.

දැන් මෙහෙම scenario එකකට යන්න. හිතන්න අද මේ මොහොතෙදි අපිට මොකක් හරි වෙලා අපේ මොලේ තිබ්බ මතකය සම්පූර්ණයෙන්ම erase වෙලා යනව. දැන් එතකොට ඔයාට ඒ එක්කම සිංහල කතා කිරීමෙ හැකියාව නැතිවෙලා යනවද?

නෑ ඒක නැතිවෙන්නෙ නෑ. ඔයාට ඔයාගෙ නම මතක නැති උනත් ඔයාට සිංහල කතා කරන්න පුලුවන් කම ඉතුරු වෙලා තියනව. එහෙම වෙන්නෙ මේකයි. ඔයාගෙ මතකය කියන්නෙ මොලේ synthesis වෙන proteins.. ඔයා gather කරගත්තු හැකියාවන් ඔයාගෙ මොලේ neural pathways wala structual වෙනස් කම් වෙලා තමයි පවතින්නෙ.

ඕක computer එකට මෙහෙම apply කරන්න.

neurones = software
proteins = data

එතකොට මෝලේනම් input data වලට අදාලව neurones learn කරනවා. learn කරනව කියන්නෙ neurones වල structure එකේ වෙනස්ක්කම් ඇතිවෙනව. එහෙම Neurones වෙනස් උනාට පස්සෙ අපිට අර input data නැතුව උනත් ඉගෙනගත්ටු දෙයක් use කරන්න පුලුවන්. උදාහරනෙකට වාහනෙයක් drive කරන්න ඉගෙන ගත්තට පස්සෙ, ආයෙ ගුරාව ඕනෙ නෑනෙ ඒක drive කරන්න වගේ..

දැන් තියන ප්‍රශ්නෙ ඔයවගේ වැඩ කරන software neurone එකක් අපිට හදාගන්න පුලුවන්ද කියන එකයි..
exactly. දැනවමත් ඕව හදල ඉවරයි.
python code line 11 කින් neural network එකක් හදන්න පුලුවන්..
මම පස්සෙ ඒ code එක දාල code එක line by line explain කරන්නම්.
neural network එකේ concept එක දැනගෙන ඉන්න ඕනෙ. පස්සෙ ඕනෙනම් tensorflow වගේ AI Libraries පාවිච්චි කරල AI හදාගන්න පුලුවන් හැබැයි concept නැතුව ඒව වැඩකරන හැටි තේරෙන්නෙ නෑනෙ..

neural network එකක් අපිට එක neurone එකකින් උනත් හදන්න පුලුවන්, පොඩි අවුලකට තියෙන්නෙ. මේ neural networks වලට train කරන්න යන කාලය. හරියට පොඩි එකෙක්ට උගන්නනව වගේ තමා, අපි source data දුන්නහම AI එක තමන්ව train කරගන්නව. හැබැයි පුතෝ මේකට ඕනෙ හෙන powerful GPU එකක්. AI එක train වෙන්න use කරන්නෙ CPU එක නෙමේ GPU එක.
මොකද්ද ඒකට හේතුව? CPU එකේ තියෙන්නෙ වැඩිම උනොත් core 16 යිනෙ.
ඒත් GPU වල සාමාන්‍යයෙන් CUDA cores, or Stream processors, or Shader units තියනව 300- 10000 ගානක්.. ඉතින් CPU එකේ මාසයක් යන වැඩෙ GPU එකෙන් දවසෙක්න් කරගන්න පුලුවන්..
දැන් දැන් nvidia GPU ගොඩක් AI target කරලත් එක්ක තමා ගහන්නෙ..

ඉතින් ඉස්සහ game ගහල දැන් නිකන් තියන හොඳ GTX range එකේ card එකක් තියනවනම්. AI එකක් train කරපල්ල,

අලුත්ම AI trend එක..

google created an AI, which can create child AIs on it's own..And that child AI outperform all the human made AI for the same task..:shocked:

ඊගාව part එකෙන් neural network එකක code එක මම explain කරන්නම්, එතකොට ඕකෙ concept එක තේරෙයි..



 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    api assignment ekakata MATLAB walin neuron network ekak hadala train kerewwa.. eeta passe uuta eee specific criteria eke podi podi prediction karanna puluwan. digatama liyapan :)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,481
    113
    පට්ට බන්, පුලුවන්ම් ඒජන්ට් ටෙක්නොලෝගී එක ගැනත් දාපන්..
    You must spread some Reputation around before giving it to MR BOLD again.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටයි හොඳේ... මං ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ. නියුරල් වලින් වැඩක් දෙකක් කරන්න ආසාවක් තියනව. දිගටම දාමු.:yes::yes: