[B]අහෝ මෙහෙමත් ජිවිතයක්[/B]
සිංගප්පූරුවේදී විකිනුණු ලංකාවේ සඳුනි 'මව්බිම'ට කතා කරයි
පුවත්පතකට සම්බන්ධ වී මාධ්‍යවේදියෙක් ලෙස වැඩ කිරීමේදී විඳින්නට සිදුවන අත්දැකීමුත්, සිද්ධීනුත් බොහෝය. ඒ අතරතුර පසුගිය සතියක කාර්යාලයට ලැබුණු දුරකතන ඇමැතුමක් මා අතිශය නොසන්සුන් බවට පත් කළේය.
"මගේ මහත්තයා මාව ඩීල් කරන්නෙ සිංගප්පූරුවේ, මට අවුරුද්දයි මාස 8ක පුතෙක් ඉන්නවා. එයා මාව විතරක් නෙවෙයි මාස දෙක තුනකට සැරයක් ගෑනු ළමයි හතර පස්දෙනෙක් සිංගප්පූරුවට එක්ක යනවා. අනේ අයියේ... මේවා කියන්න කවුරුත් නෑ... මම 'මව්බිම' හැමදාම බලනවා. මගේ කතාව අපේ රටේ අනෙක් ගෑනු ළමයින්ටත් පාඩමක් වේවි. මම දන්න හැම දෙයක්ම කියන්නම්.'
ඇය එක දිගටම කියාගෙන ගියාය. ඇය දුරකතනය හරහා කියූ සමහර කරණා මෙම විශේෂාංග ලිපිය ආරම්භයේදී ඔබට ඉඟිබිඟි සැපැයීමට යොදා නොගැනීමට මම තීරණය කරමි. මන්ද ඇය මා ඇස් ඉදිරිපිට හමුවීමෙන් පසුව මෙම අතිශය සංවේදී හැඟීම් කතන හුවමාරුවේ ඇය ප්‍රධාන චරිතය බවට පත් කිරීමට මට අවශ්‍ය නිසාය.
"අයියා පුළුවන් ඉක්මනින් මාව හමුවෙන්න කමල් සිංගප්පූරු ගිහින් එන්න ඉස්සෙල්ලා. නැත්නම් මට ඔයාව හමුවෙන්න බැරි වෙයි.
මටත් වඩා ඇය ඉක්මන් වන්නීය. ඇයටත් වඩා මගේ දෛවය ඉස්සර විය. මාරක රිය අනතුරකට මා ලක් වූයේ මේ කතා බහේ අතරමැද ඉරිදා හැන්දෑවරුවකය. ඇය මේ කිසිම දෙයක් නොදැන නැවැත මට කතා කළාය.
"ප්ලීස් අයියේ... මට මේ කතාව කියන්න ඕන. පුළුවන් ඉක්මනින් මාව හමුවෙන්න." කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කැඩුණු බිඳුණු අතපය අතරින්ද ඇස්වලින් ලේ වැටෙන වේදනාකාරී හෝරා අතරින්ද ඇය ඇගේ කතාව කීමට මගෙන් හෝරාවක් දෙකක් ඉල්ලයි. අතිශය වේදනාකාරී සතියකට පසුව මා සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින පළමු දිනයේම කාර්යාලයට දැනුම් දී මම ඇය හමුවීමට වෙලාවක් වෙන් කර ගත්තෙමි. තවමත් සේලයින් සුවඳ වහනය වන නොවේළුණු ලේ පැල්ලම් ගහන මගේ ශරීරය ඉදිරිපිට ඇයගේ සදා සුව නොවන ආත්මය දිග හරින්නට ඇය සූදානම් වූවාය. මෙතැන් පටන් ඔබ කියවන්නේ ඇගේ ඒ කතාවයි. ඇයගේ කතාවෙන් අහවර ඔබට නෙක නෙක දේ සිතීමටත් නිගමනවලට එළැඹීමටත් උපරිම නිදහස ලබා දෙමින් මම ඇයට ඉඩ දෙන්නෙමි.
ඇගේ නම 'සඳුනි' ඇය පාසල් ගියේ රත්නපුරේ ජනප්‍රිය පාසලකටය. සඳුනි මේ ලෝකේ එළිය බලන්නේ ඇයගේ තාත්තාගේ අනියම් සම්බන්ධතාවක ප්‍රතිඵලයක් විදිටට. ඒ වැඩි අෑතක නෙවෙයි. මීට අවුරුදු 22කට පෙරාතුවය. සඳුනිගේ කිරි සුවඳ ගෙවීයන්නේ විශ්වාස කරන්නවත් බැරි විදියට. පුංචි සඳුනි ඉදිරිපිටම තාත්තාත් අම්මාත් අඹුසැමියන් විදිහට ලිංගිකව හැසිරෙන්න තරම් මේ තාත්තා අමනුස්සයෙක් වෙනවා. ඒ විතරක් නොවෙයි. තාත්තාට මත්පැන් නැති දවසට යාළුවකුට බෝතලයක් ගේන්න කියලා යාළුවට අම්මා එක්ක හැසිරෙන්න ආරාධනා කරන්නෙත් මේ පුංචි සඳුනි ඉදිරිපිට. ඔය අතුරතුරේ මේ හැම පීඩනයක්ම දරාගෙන ඇය පාසල් යනවා. කලවාන ජනප්‍රිය පාසලක සඳුනි ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙද්දී සඳුනිගේ තාත්තාගේ පෙර විවාහයේ පුතා අතින් ඒ කියන්නේ සඳුනිගේ අයියාගෙන් රබර් වත්තක් මැද්දේ පුංචි සඳුනිගේ ජීවිතේම විනාශ වෙනවා. ශිෂ්‍යත්වයට ලියන්න සූදානම් වෙන මේ පුංචි මල් කැකුළගේ අවනඩුව ඇය කාටවත්ම නොකියා කිරි කැටි හදවතේ හංග ගන්නවා. රබර් කොළ උඩට වැටෙන ලේ බින්දුත්, කඳුළු බින්දුත්, කිරි බින්දුත් හඳුනාගන්න බැරිතරමටම ඒ සිදුවීම අස්වාභාවික වෙනවා. "උඹ ගෙදරට කිව්වොත් මම උඹව මරලා හංගනවා."
එකම ලේ ශරීරයේ් සංසරණය වන මේ පාපතර සහෝදරයා එවකටත් අදටත් කැබිනට් අමාත්‍යවරයෙක් වන ඇමැති කෙනකුගේ චණ්ඩි රියැදුරෙක්. ඇය, මේ කතාව කියාගෙන යන වේලාවේ තව එක් කාරණාවක් ඔබ හමුවේ තැබීමට මම නැවැත අවසර ඉල්ලමි. දින, සති, මාස, අවුරුදු ගෙවී යද්දි ඇය 8 වැනි ශේර්ණියේ අවසන් වාර
පරීක්ෂණයට පෙනී හිටලා ගෙදර විඳවන එක රාත්‍රියක අහස පොළොව නුහුලන අතිශය අස්වාභාවික බල කිරීමකට ලක්වෙනවා.
"අම්මා මාත් එක්ක ඉන්න විදියට අද උඹ මාත් එක්ක ඉන්න ඕන" ඇය තුෂ්ණීම්භූත වෙනවා. බයට වේව්ලිල්ල හැදිලා, මල් වැටුණු ගවුම් කොටේ "චූ" යන තරමටම ඇය බියට පත් වෙනවා."
"අම්මේ මාව බේරගන්න"
තාත්තාගේ බුර බුරා නඟින රාගික ගින්දරට පිච්චි පිච්චී ඒ රාත්‍රියේම ඇය ගෙදරින් පැනලා යනවා. ඔව්... මේ පුංචි සඳුනි හදවතින් හඬ හඬා පැනලා යනවා. තාත්තාගේ කිලිටි ශරීරයෙනුත් අමනුස්ස හදවතෙනුත් එළියට පනින්න දඟලන මළ පෙරේත අපුල ශ්‍රාවය මුසුවන්නට පුංචි සඳුනිගේ ඇඟේ කිසිම තැනක ඉඩක් නොතියාම ඇය පැනලා යනවා. එතැන් සිට ඇය ඔබ සමඟ කතා කරනවා.
· එදා රෑ සඳුනි කොහේද ඉන්නේ?
මගේ ඥාතියකුගේ ගෙදර. ඊට පහුවෙන්දාම ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයක වේටර්වරියක් විදියට මම වැඩට එක්කන් ගියා.
· මොනවාද කළේ?
මට තිබුණේ මේසවලට කෑම බීම ගෙනියන්න. මට එතැනදී තව යාළුවෙක් හමුවුණා.
· ඊට පස්සේ ?
අපි කොච්චර වැඩ කළත් වැඩක් වුණේ නෑ. හැමදාම බැනුම්. දවසක් මමත් මගේ යාළුවා.
· එයාගේ නම මොකක්ද?
"මේනකා" මේනකායි මමයි එතැනිනුන් පැනලා ආවා.
· එතකොට වයස කීයද?
අවුරුදු 15යි. මට තාම මතකයි අපි දෙන්නගෙ අතේ රු. 4000ක් තිබුණා. ඒ හාරදාහ ඉවර වෙනකම්ම ගාල්ලෙන් කොළඹටත් ආයෙත් මාතරටත් ආයෙමත් කොළඹටත් ආවා. අපි අන්තිමට නතර වුණේ අලුත්ගම ස්ටේෂන් එකේ සිල්පර කොටන් ගොඩක් උඩ.
· මට හැමතිස්සේම අහන්න තියෙන්නේ එකම ප්රශ්නයයි. ඊට පස්සේ මොකද වුණේ කියලා
එතැනදි අපිට අක්ක කෙනෙක් හමුවෙලා අපිව මොරටුවට එක්කන් ආවා. එයා පොරොන්දු වුණා අපිට රස්සාවක් දෙනවා කියලා. ඊට පස්සේ රත්නපුරේ ගාමන්ට් එකකට එක්කන් යනවා කියලා මාව එක්කන් ආවා. මේනකා ආවේ නෑ. එයා ගෙදර ගියා.
· රත්නපුරේ ගාමන්ට් එකට ගියාද?
උදේ පාන්දර රත්නපුරේට එක්කන් ගිහින් 'අක්රම්' කියන කෙනාට මාව භාර දුන්නා. පස්සෙයි මම දැනගත්තේ ඒ අක්කා අක්‍රම්ට මාව රු. 20,000කට විකුණලා. 'අක්රම්' කියන්නේ රත්නපුරේ ගොඩක් අය දන්න කෙනෙක්. එයා මාව කොණ්ඩ කපිලට විකුණුවා.
· කොණ්ඩ කපිල කියන්නේ කවුද?
රත්නපුරේ අය නම් දන්නවා. එයා ගෑනු ළමයි විකුණනවා. නීති විරෝධී බිස්නස් කරන කෙනෙක්.
· කොණ්ඩ කපිල ඔයාට රස්සාවක් දුන්නද?
මට එතකොට අවුරුදු 16යි. එයා ගාවට ආව වයස අඩුම ළමයා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. කපිලට මම එකඟ වුණා.
· මොනවටද?
ඉස්සෙල්ලාම එයාට මාත් එක්ක ඉන්න ඕන කිව්වා. ඊට පස්සේ එයා මාව ඩීල් කළා.
· ඩීල් කළා කියන්නේ?
එක එක අයට විකුණුවා.
· ඔයාව කීයටද විකුණුවේ....?
මාව ඒ දවස්වල කපිල විකුණුවේ රුපියල් 5000කට.
· හැමදාම ඔයාට ගනුදෙනුකරුවෝ හිටියද?
ඔව්. රත්නපුරේටම හිටිය අඩු වයසෙ කෙල්ල මම. ඒක නිසා කපිල මාව ලොකු ගණන්වලට විකුණුවා.
· කපිල ඔයාට හොඳට සැලකුවාද?
ඇත්තටම ඔව්. ටික දවසක් යද්දි මට මරුටි කාර් එකක් පවා අරන් දුන්නා. අපි දෙන්නා එකට ජීවත් වුණා. 2005 ඉඳලා 2008 වෙනකන් කපිල මාව ඩීල් කර කර එකට ජීවත් වුණා. 2008දී තමයි අපේ ගෙස්ට් එකට පොලිසියෙන් පැනලා මම ඇතුළට ගියේ.
· ඇතුළට කියන්නේ
බන්ධනාගාරයට
· බන්ධනාගාර ගතවෙන්නෙ ගණිකා වෘත්තියෙ නියැළුණාටද?
ඔව්.... ඒකට විතරක් නෙවෙයි. කපිලගේ වැරැදිවලටත් මට වගකියන්න වුණා.
· ඇයි කපිල එක්ක දිගටම හිටියෙ නැත්තේ?
කපිල හම්බකරන සල්ලිවලින් මට සතයක් දුන්නේ නැහැ. කන්න බොන්න සැලකිලි තිබුණා. ඒ නිසා මට තනියම දියුණු වෙන්න ඕන වුණා.
· ඔයා දියුණු වෙන්න තෝරාගත්තේ ඒ වෘත්තියමයි?
ඔව්... මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
· ඔය කාලෙදි අම්මා තාත්තා මතක් වුණේ නැද්ද?
මම ඒවා බලෙන්ම අමතක කළා.
· දැන් ඔයා විවාහ වෙලා එතකොට ඔයාගේ
ස්වාමිපුරුෂයා හමුවෙන්නෙ කොහොමද?
එතකොට මම ගම්පහ තමයි ජීවත් වුණේ. මම තනියම ඩීල් වුණා. එතකොට මම ගොඩක් මත්පැන් පාවිච්චි කළා. කිව්වට විශ්වාස කරන්න මම දවසට සැන්ඩි නැතිව අරක්කු තුන්කාලක් බොනවා. සිගරැට් පැකට් දවසට දෙකක් බිව්වා.
· ඇයි කසාඳ බඳින්න හිතුවෙ?
කමල් හමුවුණෙත් ඔය අතරෙදි. එයා මට ආදරේ කරන්න පටන් ගත්තා. එයා තමයි මට සිංගප්පූරු යං කියලා යෝජනා කළේ. මට පාස්පෝට් හදන්නවත් වයස මදියි. බොරු වයසක් දාලා පොත හැදුවා. ඊට පස්සේ කමල් මාව සිංගප්පූරු එක්කරන් ගියා.
· සිංගප්පූරු ගියේ මොන අවුරුද්දේද?
2009 අවුරුද්දේ. එයා මාව සිංගප්පූරුවෙ ගෙලාන්වලට අරන් ගියා.
· එහෙදි ලංකාවෙ තව ගෑනු
ළමයි හමු වුණාද?
ඔව්... ගෙලාන් කියන්නේ සිංගප්පූරුවල තියෙන ගණිකාවන්ගේ විදී තියෙන නගරේ. ඒ දවස්වල ඒ විදීවල ඔක්කොම කෙල්ලො දෙතුන් දාහක් හිටියා. එයින් ලංකාවේ කෙල්ලෝ 500ක්වත් හිටියා.
· කවුද එහේ ලංකාවෙ ගෑනු ළමයි ඩීල් කරන්නේ?
කමල් එක්ක තමයි මම ගියේ. මට එහේදි අපි වගේ කපල් කිහිපයක් හමුවුණා. ඩයස් - චන්දිමා කියන්නෙත් අපි වගේ කපල් එකක්. පැනියා - චතු මේ හැමෝම එකට ජීවත්වන ගමන් තමන්ගේ ගෑනි විකුණන රස්සාව කරන්නේ.
· ප්‍රධානියෙක් නැද්ද?
ඉන්නවා. ලංකාවේ කෙල්ලන්ගේ ප්‍රධානියා 'මානව' එයා තමයි ගෙලාන් රන් කරන්නේ. මානව කිව්වම අදටත් සිංගප්පූරුවේ ඕන කෙනෙක් දන්නවා.
· ඔයාට සිංගප්පූරුවේදි හමුවුණේ ලංකාවේ පිරිමිද?
නෑ. අපිට ලංකාවේ අයත් එක්ක යන්න තහනම්.
· ඇයි ඒ..?
සම්බන්ධතා හදා ගනී කියලා එයාලා ලංකාවෙ අයට අපිව විකුණන්නේ නෑ.
· කාටද විකුණන්නේ?
ඉන්දියන්, බංග්ලිදේශයේ, අරාබි ඊට පස්සේ සුද්දන්ටත් අපිව විකුණනවා.
· කීයටද විකුණන්නේ?
ඩොලර් 25 ඉඳලා පනහ දක්වා විකුණනවා.
· ඔයාගේ මිල කීයක් වුණාද?
මම ගියේ ඩොලර් 40ත් 50ත් අතරේ.
· දවසට කීදෙනෙක් එක්ක ඉන්නවාද?
මම දවසට පිරිමි 20-25ක් අතරේ හිටියා.
· කොහොමද එච්චර ඉන්නේ?
එක පිරිමියෙක් එක්ක අපිට ඉන්න වෙලාවක් තියෙනවා. උපරිම විනාඩි දහයයි
පහළොවයි. ඉන්දියන් උන්ව බංගලි උන්ව නම් අපි අධධථ එකට අරගෙන 'තග' දාලා ඉක්මනට එළියට යවනවා.
· නිවාඩු නැද්ද?
නෑ. අඩුම තරමේ ගෑනියකුට ඔසප් දවසටවත් නිවාඩු නෑ. එදාට අපිට ලොකු පුළුන් බෝල දෙනවා. ඒවා ශරීරයේ ඇතුළේ දාගෙන තමයි වැඩ කරන්නේ. පිරිමි කවුරුවත් දන්නේ නෑ. අසනීපයි කියලා.
සංජක ප්‍රසාද්
ෙදාළේවත්ත
ඔබට මේ ලිපිය කිය වුවිට කුමක් හැගේද අපේ කාන්තා වන්ගේ කෙතක් මෙවැනි කදුළු කතා
ඇද්ද ඒවා විසදීමට කෙතරම් සමාජයට අවශ්‍ය තාවයක් ඈතිද ,කාන්තා දින සමරන අය මේ ගැන සන් වේදීද ,ඔබට හිතන්නයි මේ ලිපිය
මේ ය ඔබේ අම්මා ට , සොහුයුරියට ,කෑල්ලට ,සිදුවිය හැක ,එනිසා රට සල්ලි සෙවීමට යාමේදී ප්‍රවේසම් වන්න

Code:
http://www.mawbima.lk/54-15676-news-detail.html
ඔබට මේ ලිපිය කිය වුවිට කුමක් හැගේද අපේ කාන්තා වන්ගේ කෙතක් මෙවැනි කදුළු කතා
ඇද්ද ඒවා විසදීමට කෙතරම් සමාජයට අවශ්‍ය තාවයක් ඈතිද ,කාන්තා දින සමරන අය මේ ගැන සන් වේදීද ,ඔබට හිතන්නයි මේ ලිපිය
මේ ය ඔබේ අම්මා ට , සොහුයුරියට ,කෑල්ලට ,සිදුවිය හැක ,එනිසා රට සල්ලි සෙවීමට යාමේදී ප්‍රවේසම් වන්න
Last edited by a moderator:
" ඇය තුෂ්ණීම්භූත වෙනවා. බයට වේව්ලිල්ල හැදිලා, මල් වැටුණු ගවුම් කොටේ "චූ" යන තරමටම ඇය බියට පත් වෙනවා."
"