[B]තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....[/B]

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ZC2aTt.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කව්ද බන් ඔය කුඩු කාරයො දූශිතයො කියන්නේ, අර ඉස්සර උබ උදේ හවස හදුන්කූරු පත්තු කරපු දුමින්ද සිල්වද ?

    පුක විකාගන මැරෙන්නෙ හරි හමන් එකෙක් නං :rofl::baffled:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,195
    113
    Ohio, USA
    ‘මිනිසෙකුගේ චරිතය ඔහුගේ ඉරණමයි‘ - හෙරක්ලිට&#35

    1PWDjby.jpg


    කූඨ ලේඛන සැකසීමේ චෝදනාව මත තිස්ස අත්තනායක ඊයේ බන්ධනාගාර ගත කෙරිනි. මේ අත් අඩංගුවට ගැනීම සහ එහිදී අනුගමනය කළ ක්‍රමවේදය පිලිබඳව පාර්ලිමේන්තුවේ ඇති වූ වාද විවාද වැදගත්ය. මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට ගැනීමේදී කතානායක වරයා දැනුවත් කළාද නැතිද යන්න වාද විවාද වල මාතෘකාව වී තිබිණ. කතානායකවරයා පසු තීන්දුවක් දෙන බව කියා තිබේ.

    කෙසේ වෙතත් තිස්ස අත් අඩංගුවට පත් වීම පිළිබඳව අපට විශේෂ සතුටක් හෝ කණගාටුවක් නැත. නුදුරේදීම ඔහු ඇප මත නිදහස් වනු ඇත. අනතුරුව දීර්ඝ අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වනු ඇත.
    කූඨ ලේඛන සැකසීම බරපතල වරදක් ලෙස බ්‍රිතාන්‍යයන් අපට ලබා දුන් නීතිය සලකයි. කූඨ රාජ්‍ය ලේඛනයක් සකසන මුද්‍රණාල හිමියෙකුගේ දරු මුණුපුරන්ට පවා කිසිදා මුද්‍රණාලයක් පවත්වාගෙන යා නොහැකි තරමට ඒ නීති බලවත්ය. කූඨ ලේඛන සැකසීම කෙතරම් පාලනය කර ඇති දැයි සැලකීමට තවත් උදාහරණයක් නම් වෙනත් කිසිදු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අධිකරණයේ දිව්රුම් දීමක් අවශ්‍ය නොවුනද ව්‍යාපාරයක් ලෙස මුද්‍රණාලයක් ආරම්භ කරන්නා අධිකරණය ඉදිරියේ දිව්රුම් දිය යුතුය. එහිදී කූඨ ලේඛන නොහදන බවට දිවුරුමක් ද දීමට තිබේ. ශිෂ්ඨාචාර සමාජයේ නීති ඒ තරමට කූඨ ලේඛන කෙරෙහි දැඩි වී ඇත්තේ කූඨ ලේඛන මගින් මුළුමහත් සමාජයක්ම මුලාවකට පත් කිරීම බරපතල අපරාධයක් සේ සලකන නිසාය. ඒ අනුව තිස්ස සිදුකළේ බරපතල වරදකි. සත් වසරක් සිරගත විය යුතුයැයි දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කර ඇති වරදකි.
    තමන් මෙය නොදැන කළා යැයි තිස්ස අද පැවසීම ඔහු කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම තරම්ම මහජනතාව මුලා කිරීමකි. ඔහු දෙසන අසත්‍ය විසින් ලාංකීය දේශපාලන බිමේ ඔහු තැබූ කැත සලකුණු මැකී නොයනු ඇත.

    තිස්ස ගේ මෑත කාලීන දේශපාලන හැසිරීම කෙනෙක් පුද්ගලික වාසි සඳහා කෙතරම් ප්‍රතිපත්ති පාවාදිය හැකිදැයි පෙන්වීමට කදිම නිදසුනකි. මෑත කාලීන දේශපාලන ව්‍යුහයේ පිලිකාවක් ලෙස වර්ධනය වූ වාසියට පක්ෂ මාරු කිරීමේ උච්චතම අවස්ථාව සංකේතවත් කලේ තිස්ස අත්තනායක ය.

    ඔහුගේ පක්ෂ මාරුව හුදෙක් එක් පක්ෂ මාරුවක් පමණක් නොවේ. එජාපයට මෙන්ම සමස්ත විපක්ෂ ජනතාවට අතිශය තීරණාත්මක වූ රාජපක්ෂ පවුල් පාලනයෙන් ගැලවීමට ලැබුනු අවසන් අවස්ථාව පසුගිය ජනාධිපතිවරණයයි. ඒ වන විට ඔහු ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂයේ දීර්ඝ කාලීණ ප්‍රධාන ලේකම් වරයාය. එජාපයේ සියළු පරිපාලනමය කටයුතු භාරව තිබුනේ ඔහු අතය. ඔහු රාජපක්ෂලා වෙත යන්නේ රාජපක්ෂව පරාජය කිරීමට සමස්ත විපක්ෂය, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන මෙන්ම තරුණ කොටස් කරළියට පැමිණ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කල අතිශය තීරණනාත්මක අවස්ථාවේදීය. ශ්‍රීලනිප මහ ලේකම් විපක්ෂයට පැමිණීම මගින් රාජපක්ෂලාට වූ හානිය අවම කර ගන්නට එජාප මහ ලේකම් ලෙස තිස්ස කටයුතු කෙළේ නිකම්ම නොවේ. තම ලේකම්ට විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ ලේකම් මිලදී ගැනීමට පෙළැඹුණු රාජපක්ෂලාගෙන් ඉහලම ලන්සුව ලබා ගත හැකි එකම පුද්ගලයා තමා බව දන්නා නිසාය.

    IYILeXe.jpg


    තිස්සට දශමයක හෝ දේශපාලන ප්‍රතිපත්පත්තියක් තිබුනේ නම් තමන් දීර්ඝ කාලයක් එරෙහි වූ පාලනයකට සම්බන්ධ වන්නේ නැත. මේ සම්බන්ධ වීම මගින් ඔහු වෙත එල්ල වන විපක්ෂ ජනතාවගේ විරෝධය සහ පිලිකුල ගැන ඔහුට අවම හෝ තැකීමක් තිබුනේ නැත. ඔහු ගැන විශ්වාසට තැබූ විපක්ෂ ජනතාව, ඔහුට වගකීම් පැවරූ පක්ෂය පාවා දීමට කිසිදු මැලි කමක් තිබුනේ නැත. ඔහු රාජපක්ෂලා වෙත ගොස් කීවේද තමන් විපක්ෂ ඡන්ද මැෂිම ඕෆ් කර ආවා කියා ය. එජාප සාමාජික සංවිධාන පිලිබඳ සියළු ලිපි ගොනු ඔහු රැගෙන ගොස් තිබිණ. තමන්ගේම අතිතයට එරෙහි වීමට තරම් නිර්භය තීරණයක් ගැනීමට හැකි අතිමහත් උත්තේජනයක් ඇති කෙළේ සෞඛ්‍යය ඇමති කමට වැඩි දෙයක් රාජපක්ෂලා විසින් ලබා දුන් නිසා බවට කිසිදු සැකයක් නැත.
    ඔහු පක්ෂ මාරු කිරීමෙන් පමණක් නැවතුනේ නැත. ඉතාම නින්දිත ලෙස ව්‍යාජ ලේඛණයක් ඉදිරිපත් කරමින් ජාතීන් අතර අසමගියක් වර්ධනය කර එහි වාසිය රාජපක්ෂලාට ලබා දෙන්නට නින්දිත උත්සාහක යෙදුනේය. පසුව ඔහු කියන පරිදි ඔහු මහජනතාවට ඉදිරිපත් කළ ව්‍යාජ ලේඛනය වෙනත් ලියුම් අතර තිබී හමුවූ අහම්බ ලේඛනයක් නොවේ. මන්ද යත් ලංකා ඊ නිව්ස් විසින් ඔවුන් මෙවැනි හොර ගිවිසුමක් ඉදිරිපත් කරන්නට යන බව ඊට පෙර හෙලිදරව් කර තිබිණ. ඒ අනුව එය අහම්බයක් නොවේ සැලසුම් කරන ලද ක්‍රියාවකි. අනෙක් අතට අදාල අත්සන් හිමියන් වූ වත්මන් අගමැති සහ ජනාධිපති දෙදෙනා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවද තිස්ස යලි යලිත් තම ව්‍යාජ කූඨ ලියැවිල්ල සත්‍යයක් යැයි පුන පුනා ප්‍රචාරය කෙළේය. ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය. පත්තර වල දැන්වීම් දැම්මේය.

    qxipIta.jpg


    පිල් මාරු කිරීමට පෙර සිටම තිස්ස ගේ දේශපාලනික හැසිරීම ගැන බොහෝ අය සැක පහල කෙළේය. රාජපක්ෂලා විසින් ජනාධිපතිවරණයක් ගැන ඉඟි පලවෙමින් තිබිය දී තිස්ස නොකඩවා පෙනී සිටියේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එරෙහිවය. විපක්ෂයේ පක්ෂ අතර සමගියක් ඇති කර ගැනීමට එරෙහිවය. එජාපය තුල ඔහුගේ අප්‍රකාශිත කාර්ය වූයේ රාජපක්ෂලාට සුවපහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි ලෙස විසිරුණු විපක්ෂයක් සහිත දේශපාලන වාතාවරණයක් ඇති කිරීමය. ඌව පළාත් සභා ඡන්දයට පෙර වරක් තිස්සගේ මුවින් පැන්න කතාවක් නිසා මෙම ලියුම් කරුට තිස්ස සම්බන්ධයෙන් සැකයක් පහල විය. එහිදී ඔහු කියා සිටියේ “මේක අපි දෙන්නා අතර විතරයි. අපි මේ ඡන්දෙ කොහොමත් පරදිනවානේ“ යනුවෙනි. පක්ෂයක ලේකම් වරයෙක් ඡන්දයකට පෙර සිටම අපි කොහොමත් පරදිනවානේ කියන මානසිකත්වයේ සිටීම යථාර්ථතය දැකීමක් නොව ජයග්‍රහණ පාවාදීමක් ලෙස සැලකිය යුතුය. තිස්ස විපක්ෂයේ සිට සිදුකරමින් සිටියේ රාජපක්ෂලාගේ එම ඩියුටිය ය. එම ඩියුටිය කරමින් විපක්ෂයේ සිටියේ තිස්ස පමණක් නොව තවත් බොහෝ දෙනා එජාපයේ සිටියහ. නමුත් තිස්ස එළිපිට රාජපක්ෂලාට එකතු වන්නේ තම සැඟවුනු ඩියුටියේ අවසාන ජවනිකාව ලෙසය.

    HY10a6g.jpg


    මේ සියල්ල අතීතය ලෙස පැත්තකට දැමුවත් වර්තමාණයේ තිස්ස ගේ හැසිරීම ඊටත් වඩා අශික්ෂිතය.
    තිස්ස තමන් තවමත් එජාපයේ බවත් පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂයේ ආසනයක් තමන්ට වෙන්කල යුතු බවත් ඉල්ලා තිබුණි. එසේම මාධ්‍ය හමුවට පැමිණ තමන් රාජපක්ෂලාට සහාය දීම ගැන කණගාටු වන බවත් ඉදිරියේදී අවස්ථාව ලැබෙන ආකාරය අනුව එජාප දේශපාලන ක්‍රියාකාරිත්වයේ යෙදීමට අපේක්ෂා කරන බවත් පවසා තිබුණි. තමන්ට නොවටිනා තරම් විශාල අනුග්‍රහයක් දැක් වූ එමෙන්ම ප්‍රබලම ඇමති කමක් ලබා දුන් අවසන් කාලයේදී තමන් ගැන විශ්වාසය තබා කටයුතු කළ මහින්ද රාජපක්ෂටද පෙරලා තිස්ස ද්‍රෝහී විය. අවම සදාචාරයක් හෝ ඇති මිනිසෙකු සතියක් යෑමටත් පෙර පරාජිත නායකයා අතහැර ජයග්‍රාහී නායකයා පසුපස යන්නේ නැත. මෙයම තිස්ස ගේ චරිත ස්වභාවය කියාපාන කැඩපතක්ය. තිස්සට තමන් තවමත් එජාපයේ බව මතක් වන්නේ එය දැන් බලය හොබවන පක්ෂය නිසාය. ශ්‍රීලනිපයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් තබා නාම යෝජනා හෝ නොලැබෙන බව තිස්ස දනී. එබැවින් නැවත පරණ තැනට කෙසේ හෝ රිංගා ගැනීම ඔහු ගේ දීන අරමුණයි.

    තිස්ස අත්තනායක වැනි තුච්ච චරිත යළි කිට්ටු කර ගතහොත් බරපතල දේශපාලන සහ ප්‍රචාරණමය අවාසියක් සිදු වන බව එජාපය වටහා ගත යුතුය. දේශපාලනිකව මිය යමින් තිබෙන මේ චරිත වලට නැවත හුස්ම ලබා දිය යුතු නැත. පොදු අපේක්ෂකයාට ලබාදුන් ජනවරම තුලින් ජනතාව වෙනසක් ලෙස අපේක්ෂා කළ බොහෝ කරුණු අතර මෙවැනි දේශපාලඥයින් එලවා දැමීමද එක් අපේක්ෂාවක්ය...



    විසල් කරුණාරත්න විසිනි
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    aneh me ponna haal paaruwa..prasiddiye kiwwa " me mage athey thiyenne ranil maithree hora giwisuma" kiyala..eeta passe maithree aawata passe kiyanwa mama thaamath UNP..eey kole thapaelen aawa kiyala,...arrest karama kiyana " yukthiya itu wenna oone kiyaa" dreana eke muge vdo eka balapalla.lajjawak kiyala nahane moota
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    තිස්ස අත්තනායක වැනි තුච්ච චරිත යළි කිට්ටු කර ගතහොත් බරපතල දේශපාලන සහ ප්‍රචාරණමය අවාසියක් සිදු වන බව එජාපය වටහා ගත යුතුය. දේශපාලනිකව මිය යමින් තිබෙන මේ චරිත වලට නැවත හුස්ම ලබා දිය යුතු නැත. පොදු අපේක්ෂකයාට ලබාදුන් ජනවරම තුලින් ජනතාව වෙනසක් ලෙස අපේක්ෂා කළ බොහෝ කරුණු අතර මෙවැනි දේශපාලඥයින් එලවා දැමීමද එක් අපේක්ෂාවක්ය...

    නියමම කතාව බන් rep++++ :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් උඹ කියන විදියට රටේ ආයතන වලට දැනට තියෙන ව්‍යවස්ථාව අනුව බලය තියනවා. ඒ ගොල්ලන්ට පැමිණිලි ආවම හොරු අල්ලලා උසාවි දාන්න පුලුවන්. ඒ උනාට දැනට තියෙන සිස්ටම් එක අනුව මොනා හරි රාජ්‍ය ආයතනයක් විනිවිදව ව්‍යවස්ථානූකූලව නීතිය කරේ නෑ කියල උන්ට දඬුවම් දෙන්න හරි ක්‍රම වේදයක් නෑ. මොකද ප්‍රසිඩන්ට් ඉන්නේ නීතියට උඩින්. එතකොට පොර වැරැද්දක් කරොත් උසාවි ගෙන්න බෑ. අනික ප්‍රසිඩන් තමයි අගවිනිසුරු පත් කරන්නේ. එතකොට ප්‍රසිඩ්න්ට් එපා කිව්වොත් හරි කරන්න කිව්වොත් තමයි ගොඩක් වෙලාවට අල්ලස් කොමිස්ම,පොලීසිය වැඩ කරන්නේ. තව තමන්ගේ පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වැරැද්දක් කරාම එයාව පොලීසියෙන් අල්ලනේ නෑ. හොඳම උදාහරණේ ජොන් අමරතුන්ගයි පාලිත් තෙවරප්පෙරුමයි. රනිල් පාලිතය එක්ක තරහ හින්දා ඌට නීතිය කරා. ජෝන්ව ඇරෙස්ට් කරන්න කියල රනිල් හරි මෛත්‍රී හරි කිව්ව නම් පොලීසිය කරනවා. ඒකයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ දේශපාලකයොන්ට අත දාන්නා බැරි වෙන්න. එතකොට නිකන්ම පොලීසියට නීතියට අනුව කටයුතු කරන්න වෙනවා මොකද වැරදි වැඩක් කරොත් කාටවත් බේර ගන්න බෑ. ඒකටයි ස්වාදීන කොමිෂන් සභා ගේන්න ඕනේ. එතකොට රටේ නායකයා මොකා ආවත් නීතියට පිටින් බෑ. ඕක කොයි රටකවත් 100% ක් කරන්න බෑ. අඩු තරමේ 90% ක් වත් නීතිය ක්‍රියාත්මක වෙනවා අලුත් ව්‍යවස්ථාවෙන්(හැබ‍යි හරියට ව්‍යවස්ථාව හදන්න ඔනේ).

    දැන් උඹ කියන විදියට යහ පාලනේ කියල හොර/මැර මන්තී ටික ඔක්කොටම තිතටම නීතිය කරන්න ගියොත් උන් ඔය ව්‍යවස්ථාව අනුමත කර ගන්න දෙන්නේ නෑ. තරහට මෛත්‍රීව මරල දන්නත් පුලුවන්. එතකොට මෛත්‍රීය හොඳ හින්දා නීතිය කරාට ඊලඟට එන එකා මහින්ද වගේ එකෙක් උනොත් ආයේ රට තිබ්බ තත්වයමයි. ඒකයි මේ වෙලාවේ වැදගත්ම දේ මොන දේ කරල හරි අලුත් ව්‍යවස්ථාව ගේන එක.එතකොට චාටර් එකෙක් ආවොත් රට කන්න තියන චන්ස් එක අඩු වෙනව. හොඳ එකෙක් ආවොත් කොහොමත් අවුලක් නෑනේ. ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ බන්. එහෙම නැතුව ගොන්නු වගේ දුර හිතන්නේ නැතුව වැඩ කරොත් මේ ගත්ත චන්ස් එකක්ත් නැති වෙනවා.

    අනිවාර්යෙන්.... :yes: :yes: :yes: :yes:
    හොරෙක් ආවත්, ද්‍රෝහියෙක් ආවත්, මැරයෙක් ආවත්, හොඳ මිනිහෙක් ආවත් තමන්ට ඕන විදිහට නටන්න බැරි වෙන්න, රටට අයහපතක් වෙන්නේ නැති වෙන්න හදා ගන්න පුළුවන් නං ඔන්න ගොඩ. :) :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ්‍රි ලන්කාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලදමමින් ඇත. තම අභිමතය පරිදි දේශපාලනය කිරීමේ වරදට සිරගතවන්නට සිදුවී ඇත. තම දේශපාලන විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමේ ක්‍රමය යූ.එන්.පී ය නැවත අරබා ඇත. තිස්සව නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ සටනට එකවන්න
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ශ්‍රි ලන්කාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලදමමින් ඇත. තම අභිමතය පරිදි දේශපාලනය කිරීමේ වරදට සිරගතවන්නට සිදුවී ඇත. තම දේශපාලන විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමේ ක්‍රමය යූ.එන්.පී ය නැවත අරබා ඇත. තිස්සව නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ සටනට එකවන්න

    වල දාන තැන උඹ දන්නවා නම් PM එකක් එවපන්. අපි සෙට් වෙලා හාරල එලියට ගමු මචන්. එහෙම කොහොමද මචන් වල දාන්නේ. අසාධාරණයිනෙ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:



    කොහොමද මචන් අහින්සක වෙන්නෙ. ඔය බොරුව හින්ද අඩු ගානෙ චන්ද ලක්ශ 5ක් වත් කැඩුන මයිත්‍රීට ලැබෙන්න තිබුන. ඔය ජරා දෙශපාලන සන්ස්කෘතිය නතර වෙන්න මූට දඩුවමක් දිය යුතුමයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:
    දැං හරිද :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශ්‍රි ලන්කාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලදමමින් ඇත. තම අභිමතය පරිදි දේශපාලනය කිරීමේ වරදට සිරගතවන්නට සිදුවී ඇත. තම දේශපාලන විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමේ ක්‍රමය යූ.එන්.පී ය නැවත අරබා ඇත. තිස්සව නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ සටනට එකවන්න
    ඒ එතකොට මහින්ද මහත්තයා සහ පවුල ඔය වැඩ ටිකම කරද්දි උඹේ මේ හිතවාදීකම තිබුනෙ කොහිද ?? :rofl:
    නිකං පල ඩෝ යන්ඩ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමද මචන් අහින්සක වෙන්නෙ. ඔය බොරුව හින්ද අඩු ගානෙ චන්ද ලක්ශ 5ක් වත් කැඩුන මයිත්‍රීට ලැබෙන්න තිබුන. ඔය ජරා දෙශපාලන සන්ස්කෘතිය නතර වෙන්න මූට දඩුවමක් දිය යුතුමයි.

    :):):)
     

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:


    Waraddak karapu kenekuta pakse balanne nathuwa neethiya kriyathmaka wena eka yaha palanaya neweida?

    Anika yaha palanaya kiyala waradi karapu unta danduwam denna one nethda?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශ්‍රි ලන්කාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලදමමින් ඇත. තම අභිමතය පරිදි දේශපාලනය කිරීමේ වරදට සිරගතවන්නට සිදුවී ඇත. තම දේශපාලන විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමේ ක්‍රමය යූ.එන්.පී ය නැවත අරබා ඇත. තිස්සව නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ සටනට එකවන්න

    මච්න් උබට කියලා වැඩක් නැහැ උබ පිලිගන්නෙ නැති නිසා මහින්දලා ට විරුඩ්ඩහ්ද දෙයක් හො
    මහින්ද විරිදින්ගෙ හරි දෙයක්. අත්තටම තිස්ස කියන්නෙ රට යහමගට ගන්න තිබ්බ හරවුම් ලක්ශ්ය විනශ කරන්න හඩපු ජඩයෙක්. අනිබර්යෙන් මෙ දෙ තිස්සට ලබෙන්න ඔනි. අනික මර්වින් දුම්නින්ඩ ජොන්ස්ටන් බගෙ නෙමයි තිස්ස අත්තනායක හොද ප්‍රතිරුඅයක් හදගෙන හිටියෙ. එකෙන් ච්න්සද ටිකක්
    කඩුන එක බ්‍රපත්ල දෙටයක්. ඔක තිස්සට ලබෙන්න ඔනි මොකද ඔකත් මිනිසුන්ට බොරු කියලා නොමග ඇරිම බරපතල වරදක්
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    අනුන්ගේ අත්සන් හොරෙන් ගහලා එක දේශපාලන වාසි වලට ගන්න එක වැරදි නැද්ද බන්....චන්ද කියක් කැඩෙන්න ඇතිද ඔය බොරුව නිසා....මිනිස්සු කි දෙනෙක් ගරු ජනාධිපති තුමාට අම්ම මුත්තා නැතුව බනින්න ඇතිද?

    මචන් ඊලග සැරේ සන්ධානයෙන් නාමයෝජනත් නැහැ UNP එකෙනුත් නාමයෝජනා නැහැ....සැබෑ අනාතයා


    owa okkoma weradi kiyala kiyamuko. namuth oita wada weradi karapu eun innawa. unwa allanna ona okkotama essella hari yaha palanayaknam
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඒ එතකොට මහින්ද මහත්තයා සහ පවුල ඔය වැඩ ටිකම කරද්දි උඹේ මේ හිතවාදීකම තිබුනෙ කොහිද ?? :rofl:
    නිකං පල ඩෝ යන්ඩ

    :rofl::rofl::rofl: