B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?

    ''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?''
    ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි..
    ''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..''
    අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි....
    ''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? ''
    ''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම
    ඔහුගේ හිස පහල වැටුණු අතර
    පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය..
    ''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ
    සති දෙකකට කලින් නේද මනුස්සයෝ..?
    අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..?
    මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම..
    මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ
    අම්මගේ හැසිරීම හරිම අපුරුයි..
    තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..''
    රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර
    ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින්
    සමිතගේ සෙරෙප්පුව මත
    කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි..
    එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග
    ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි...
    විවේක කාලය එලබිණ ...
    වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන
    අදාළ ගුරුතුමාගේ දරුවාට,
    විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට,
    කෑමකවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින ...
    සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම,
    අපනශලාවේ දොරලග තවත් දරුවෙකු
    පොතක්ද තුරුල්කරගෙන
    සිටිනබව ගුරුතුමාට පෙනින...
    ''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...''
    ''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?''
    ''මෙහෙ එනවා..මොකක්ද ප්‍රශ්නේ....?"
    පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින්,
    එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන
    එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය...
    සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ
    බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය.....
    ''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය..
    ''සර්..මේ ඉන්නේ මගේ අම්මා...
    මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ...
    බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ
    මගේ තාත්තා...
    මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න
    පොටෝ එකකට තියෙන්නේ...
    ඊලග සතියේ තාත්තා යුධ්දෙදී
    වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා...
    අද රණවිරු උත්සවයක් කොලබ කැම්ප් එකක තියෙනවලු
    කියලා අම්මා උදෙන්ම ඒකට ගියා..
    ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ..
    මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය...
    මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි
    යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින..
    සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය..
    ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද,
    සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය..
    ''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?''
    ''මගේ රත්ත්‍රන් පුතේ..ඔයාට අද බත් කවන්න
    ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ
    සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....''
    ''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට,
    සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ...''
    නිමි...
    ------------------
    2016 මැයි 18 දා ඇසුණු කථාවක් ....
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
    Darshana Gamage
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
    :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...


    _74937334_41a95336-0739-4770-8d01-42f240411b7b.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    ''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?''
    ''මගේ රත්ත්‍රන් පුතේ..ඔයාට අද බත් කවන්න
    ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ
    සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....''
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    ''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?''
    ''මගේ රත්ත්‍රන් පුතේ..ඔයාට අද බත් කවන්න
    ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ
    සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....''


    1746186_orig.gif
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක කියවද්දි, ඇත්ත පපුවටම දැනෙද්දි අරුන්ට හෙනම ගහපන් කියල හිතෙනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා... :yes::yes::yes:
     

    StarletGT

    Member
    Mar 24, 2016
    46
    5
    0
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...