මාමාට බියර් ෂොප් එකක් සහ රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එකක් තියෙනවා. ඒ දෙකට පර්මිට් දෙකක්.
ලොකු අම්මගේ පවුලේ අයට බාර් තුනක් තියෙනවා. එකක් වික්කා.
මේ පර්මිට් සේරම කලින් ගත්තු එව්වා.
මාත් මේකට බහින්න කල්පනා කර කර ඉන්නේ. හැබැයි ප්රශ්නේ තියෙන්නේ දැන් මේ පර්මිට් එකක් ගන්න වියදම් කරන මුදල්, අනෙකුත් වියදම් එක්ක බලද්දී ලැබෙන අදායම ගැන සැහීමකට පත් වෙන්න බෑ. බියර් ෂොප් එකේ දවසට බියර් ටින්/ බෝතල් 1000 ක් වගේ යනවා. බාර් එකේ නං ගොඩක ලාබ බයිට්ස්, කෑම වලින්. අදායම නං ඔය මිනිස්සු හිතන තරං නැහැ. ජරාව දීලා ඉවරයක් නැහැ. පල්ලියෙ ෆාදර් කෑ ගහනකොට එහෙං ශේප් කරන්න ඕනි. බියර් ෂොප් ඒක ලග පන්සලෙන් කේස්. ඒකට ලක්ෂ ගානක් වියදම් උනා ගොඩ දාගන්න.
එහෙම බලද්දී කලින් පර්මිට් අරං, දැන් අවුරුදු ගානක් කරන් ආපු නිසා කරගෙන යනවා මිසක්, අලුතෙන් වැඩේට බහිනවා නං සැහෙන්න කල්පනා කරන්න ඕනි.
මොකද මේකට වැය කරන මුදලට ලැබෙන ලාබය බලද්දී ඒ ලාබය ගන්න පුළුවන් මීට වඩා වාත නොවන බිස්නස් එකක් කරලා.
මිනිස්සු දැන් පෙට්රල් ෂෙඩ් වගේ එව්වා ගනිද්ද්ත් සැහෙන්න කල්පනා කරන්නේ ඒ නිසයි. මොකද කෝටි 10 ක් විතර යට කරලා මාසෙකට ලක්ෂ 5 ක් අරං වැඩක් නෑනි.