Bastar: The Naxal Story

chanaka

Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    නිර්ජා මාධවන් කිය්න අපි එස් නිලධාරිණියක්. නක්සල් වරුන්ට හිසරදයක් වෙලා ඉන්නේ මේ කෙනා තමයි. මොකද ඇය විසින් හමුදාවත් එක්ක මේ අයව නැති කරලා දාන්න පුලුවන් උපරිමයෙන් වැඩ කරනවා. ngo වගේම වමේ බලවේග පක්ෂයන් විසින් තමයි මේ නක්සල් වාදින්ට උපකාර කරන්නේ.
    සරසවි සිසුන් වගේම මුදලට කැදර දේශපාලන නිතිඥයින් එක්ක එකතුවෙලා ඔවුන් විසින් හමුදාව මේ කරන නක්සල් විරෝධි මෙහෙයුම අසරණ ගම්වැසියන් ඝාතන තැතක් විදියට පෙන්විමට උත්සහා කරන්නෙත් මේ අතරවාරයේම තමයි. මේ සදහා සමාජමාධ්‍ය පත්තර හැම එකක්ම උදව්වට ගන්නවා. නක්සල් වරුන් අහිංසක ගම්වැසියන් ඝාතනය කරන එක පැත්තක දාලා හමුදාවෙන් නක්සල් වරුන්ගේ මරණයන් අහිංසක මිනිස්සුන්ගේ මිනිමැරුම් කියලා පෙන්වමින් මානව හිමිකම් වගේම ජාත්‍යන්තර මාධ්‍ය අවධානයත් අරන් මේ මෙහෙයුම නවත්වන්න හැදුවාත් මේ සියළුම බාධක මැදගෙන නිර්ජා මාධවන් කරපු මෙහෙයුම තමයි
    චිත්‍රපටිය පුරාවට තියෙන්නේ. මේක 2007 – 2010 අතර කාලයේ සිදුවු සත්‍ය සිදුවිම් මතින් නිර්මාණය කරපු චිත්‍රපටියක්. ලංකාවේ කාලයක් හිසරදයක් උන පුද්ගලයෙකුත් මේ චිත්‍රපටියේ ඉන්නවා මාවෝවාදින් එක්ක. කොහොම හරි ත්‍රස්තවාදය ත්‍රස්තවාදයම තමයි. ඒක නැති කරලා දාන එක තමයි මුලිකවම ඉලක්කය කියලායි අවසාන වශයෙන් කියන්න නම් තියෙන්නේ
    wp-1710575255555681197107297357298.jpg
     
    Last edited: