ඔව් ඒක හරි තමයි, නමුත් චිත්‍රපටය හදන කෙනාට යම් ආකාරයක නිදහසක් ලැබිල තියනවා චරිත යම් ප්‍රමාණයකට වෙනස් කරන්න. Avengers - Civil War එකේදී දුෂ්ඨයගේ චරිතය ඒ වගේ වෙනස් කරපු එකක් නේද? (කිසිම Marval කොමික් එකක් ජීවිතේට කියවල නෑ. වැරදි නම් නිවැරදි කරන්න.). ඒ දුෂ්ඨය අඩුගානේ ලෝකය තියා රටක් තියා නගරයක් වත් යටත් කරන්න හැදුවේ නෑ. මිනිස්සු මරල සතුටු වෙන්න අවශ්‍යතාවයක් වත් ඌට තිබුනේ නෑ. මිනිහ කලේ තමන්ගේ ජීවිතේ පරදුවට තියල තමන්ට වඩා දහස් ගුණයක් බලවත් "වීරයෝ" එක්ක තමන් හරි කියල හිතන දේ වෙනුවෙන් සටන් කරපු එක. අනික ඌ දුෂ්ඨයෙක් උනේ ඌ අතින් අහක යන මිනිස්සු මැරිච්ච නිසා විතරයි (අවසන් අරමුණ නිසා නෙවෙයි.) මේ වගේ නිර්මාණ තමයි අපිට ඕන.
මම කියවපු එකම කොමික් එක තමයි Watchmen (DC). ඒක ලෝකෙ හොඳම නවකතා 100 අතරට තෝරාගත් එකම කොමික් එක. ඒකෙ දුෂ්ඨය(?) මිනිස්සු මිලියන ගානක් මරන්න ප්ලෑන් කරනව නමුත් ඒ වැඩේ හරිද වැරදිද කියල අපිට හිතාගන්න අමාරුයි. ප්ලෑන් එක ඉස්සෙල්ල හොයාගන්න "වීරයා" අවම මට්ටමේ සදාචාරයක් වත් නැති එකෙක්. නමුත් ඌටත් ජීවිතේ පලවෙනි වතාවට dilemma එකකට මුහුණ දෙන්න වෙනවා මේක එළි කරනවද නැද්ද කියල.
මේක තමයි අනික් කොමික්ස් වල ඊළඟ බරපතලම දුර්වලකම. කිසිම dilemma එකක් නෑ. ඇයි දුෂ්ඨය එන්නේ චක්‍රාවාට පිටින් සුන්නද්ධූලි කරන්න බලාගෙනනෙ.