Beginners guide to නලීන් ද සිල්වා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොකක්ද බං අසත්‍යකරණයට ලක් කරනව කියන්නෙ..
එහෙම වුණාමලු ඒක විද්‍යාවක් වෙන්නෙ :confused:

ඉස්සෙල්ල ඒක පැහැදිලි කරල දෙන්ඩ මට..

මං හිතන්නෙ විද්‍යාව කියන්නෙ මොකක්ද කියලයි ඔය නිර්වචනය කරල තියෙන්නෙ..

ඔය පොපර් කියන දාර්ශණිකය විද්‍යාත්මක ප්‍රවාදයක් කියන්නෙ මොකක්ද කියල කියන්න ගිහිං කියපුව. ඕක විද්‍යාවෙ එකම අර්ථ දැක්වීම නෙමේ :no:

අසත්‍ය කරනව කියන්නෙ පරීක්ශණ වලිං ප්‍රවාදෙ කියන විදිහට අගයන් තියෙන ප්‍රතිඵල ලැබෙන්නෑ කියල ප්‍රවාදය අසත්‍යයක් කියල පිලිගන්නව කියන එක. ගුරුත්වාකර්ශනේට වුනේ. ඒ වගේ. අසත්‍යකරනය කල හැකිවීම කියන්නෙම විද්‍යාවෙ කියන්නෙ බොරු කියන කතාව වහගන්න හදපු කතාවක්. අසත්‍යකරණය වෙන්නෙ අසත්‍යයක් නිසානෙ. කෙලින්ම පට්ටපල් බොරු කියන්න ලැජ්ජයි වගේ හින්ද ඒක කිව්ව විද්‍යාවෙ තියෙන මාර හොඳ ගුණයක් විදිහට අසත්‍ය කරනයට ලක් කල හැකි වීම :baffled:
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Falsifiablility ගැන කතා කරන්නේ මේ රටේ විද්‍යාවට වදින වැඩි දෙනෙක් ඕකේ එල්ලිලා ඉන්න හින්දා. පොපර් ගේ මතය අනුව falsifiablility නිසා විද්‍යාව වෙනත් දැනුමකට වඩා උසස් හා සුවිශේෂී වෙනවා. මේක අපි පොඩි කාලෙ ටියුෂන් සර් ගේ ඉදන් ඔලුවට එන්නත් කරපු සුරංගනා කතාවක්. Falsifiablility නිවැරැදි නම් ශතවර්ෂ ගානකට කලින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය කුණු කූඩෙට යන්න ඕන.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Falsifiablility ගැන කතා කරන්නේ මේ රටේ විද්‍යාවට වදින වැඩි දෙනෙක් ඕකේ එල්ලිලා ඉන්න හින්දා. පොපර් ගේ මතය අනුව falsifiablility නිසා විද්‍යාව වෙනත් දැනුමකට වඩා උසස් හා සුවිශේෂී වෙනවා. මේක අපි පොඩි කාලෙ ටියුෂන් සර් ගේ ඉදන් ඔලුවට එන්නත් කරපු සුරංගනා කතාවක්. Falsifiablility නිවැරැදි නම් ශතවර්ෂ ගානකට කලින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය කුණු කූඩෙට යන්න ඕන.

    ෆෙයරාබෙන්ඩ් ඕක ගැන කියල තියෙනව :yes: falsify වුනා කියල කරන්නෙ සුසමාදර්ශයක් විදිහට පාවිච්චි කරන්නැති එක විතරයි අනික් හැම ප්‍රායෝගික වැඩකදිම පරණ තියරි ඇත්ත වගේ පාවිච්චි කරනව :yes: නිකංම scientific වුන පලියට පිලිගන්නෙත් නෑ ඉස්සෙල්ල ආපු තියරියට වැඩි තැනක් හම්බවෙනව ඊට පස්සෙ ඒක වෙනුවට ආදේශ කරන්න පුලුවන් ඒ ප්‍රතිඵලම දෙන වෙන තියරියක් ආව කියල කොච්චර ප්‍රතිපල අතින් සමාන වුනත් ඒකට තැන හම්බවෙන්නෑ :no:

    රිචාඩ් ෆයින්මාන්ම දේශනේකදි කියනව තියරි දෙකකිං එකම අගයන් එන විදිහට සිදුවීම් දෙවිදිහකට පැහැදිලි කරන්න පුලුවන්නං භෞතික විද්‍යාවට කිසිම ක්‍රමයක් නෑ දෙකෙන් කෝකද හරි කියල හොයාගන්න කියල. ඒ වෙනුවට කරන්න තියෙන්නෙ එක්කො දෙකම හරි කියල පිලිගන්නව. නැත්තං ඉස්සෙල්ල ආව තියරියට තැන දෙනව. එතනම කියවෙන්නෙ විද්‍යාව කියන්නෙ නිරීක්ශණ පැහැදිලි කරන්න ගොතන කතන්දර ටිකක් විතරයි කියල. :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    විද්‍යාවේ තියරි කියන්නේ නිරික්ශනේ පැහැදලි කරන්න හදපු මොඩල් එකක් හරි කතන්දරයක් හරි විතරයි කියල මාත් පිලිගන්නවා, පරම සත්‍යයක් කියල එකක් කියන්න හොයන්න බෑ විද්‍යාවට :yes: ඉතින් ඒකෙන් වැඩේ වෙනවනං එච්චරයි නෙ ආය මොන කතන්දරේ ඇත්ත උනත් හරි උත්තරේ එනවනං අවුලක් නෑ නේද.
     
    • Like
    Reactions: BenMacTavish

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මොකක්ද බං අසත්‍යකරණයට ලක් කරනව කියන්නෙ..
    එහෙම වුණාමලු ඒක විද්‍යාවක් වෙන්නෙ :confused:

    ඉස්සෙල්ල ඒක පැහැදිලි කරල දෙන්ඩ මට..

    මං හිතන්නෙ විද්‍යාව කියන්නෙ මොකක්ද කියලයි ඔය නිර්වචනය කරල තියෙන්නෙ..

    උබ හිතපන් p කියන විද්‍යාත්මක තියරියෙන් q කියන අනාවැකිය ලැබෙනවා කියලා. දැන් අපි මේ තියරිය පරීක්ශා කරන්න කියලා පරීක්ෂණයක් කරනවා කියල හිතමු.

    එක්කො
    q සත්‍යය වේ
    නැත්නම් q අසත්‍යය වේ
    .

    q අසත්යය නම් p අසත්‍යයි එහෙනම් මේ තියරිය වැරදියි.

    නමුත් දැන් උඹ කියයි q සත්‍යය විට p සත්‍යයි කියලා...නමුත් ඒක තර්ක ශාත්‍රයට අනුව වැරදියි. මොකද q සත්‍යය විට p සත්‍යය වීමට යම් සම්භාවිතාවක් තියනවා කියලා විතරයි කියන්න පුළුවන්.

    නමුත් අසත්‍යකරණයෙන් විද්‍යාත්මක නියමයක් තාර්කිකවම අසත්‍ය බව ඔප්පු කරන්න පුළුවන්....

    මන් උදාහරණයක් කියන්නම්.....
    අපි නියමයක් ගොඩ නගමු මෙහෙම

    උදෑසන කුරුල්ලන් හැඩලීමේ ශබ්දය නිසා හිරු අවදි වී හිරු පායයි.

    අනාවැකිය
    හිරු පෑයිමට පෙර කුරුල්ලන් ශබ්ද කරයි.

    නිරීක්ෂණ
    අවස්ථා 100 යකදීම හිරු පෑයීමට පෙර කුරුල්ලන් ශබ්ද කරයි.

    නමුත් මේක නිසා අපේ නියමය සත්‍යය වෙන්නෙ නෑ කියලා උඹටම තේරෙනවා ඇති . අපි q කොපමණ පාරක් සත්‍යයි කියලා ඔප්පු කලත් p සත්‍යය වෙනවා කියලා තාර්කිකව කියන්න බෑ.

    නමුත් q එක පාරක් හෝ අසත්‍යය වුනොත් p අනිවාර්‍යයෙන්ම අසත්‍යය වෙනවා.

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විද්‍යාවේ තියරි කියන්නේ නිරික්ශනේ පැහැදලි කරන්න හදපු මොඩල් එකක් හරි කතන්දරයක් හරි විතරයි කියල මාත් පිලිගන්නවා, පරම සත්‍යයක් කියල එකක් කියන්න හොයන්න බෑ විද්‍යාවට :yes: ඉතින් ඒකෙන් වැඩේ වෙනවනං එච්චරයි නෙ ආය මොන කතන්දරේ ඇත්ත උනත් හරි උත්තරේ එනවනං අවුලක් නෑ නේද.

    විද්‍යාවෙ අරමුණ ප්‍රායෝගික ප්‍රයෝජනය විතරක් නම් මෙලෝ ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැති තියරි හද හද විශ්වය ආරම්බ වුන විදිහ ගැන එහෙම හොයන්න ඕනෙ නෑනෙ. ප්‍රායෝගික ප්‍රයෝජන සලකල හදල තියෙන්නෙ ඉංජිනේරු විද්‍යා, වෛද්‍ය විද්‍යා වගේ ඒව. විද්‍යාඥයො භෞතික විද්‍යාව වගේ විද්‍යාවන්ගෙන් ප්‍රායෝගික ප්‍රයෝජනයට වඩා යථාර්තය තේරුම් ගත හැකියි කියල විශ්වාස කරනව :yes: ඒකයි නලීන් ද සිල්ව අතින් වැඩියෙන්ව විවේචනයට ලක් වෙන්නෙ :yes:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    11.gif

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විද්‍යාවෙ අරමුණ ප්‍රායෝගික ප්‍රයෝජනය විතරක් නම් මෙලෝ ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැති තියරි හද හද විශ්වය ආරම්බ වුන විදිහ ගැන එහෙම හොයන්න ඕනෙ නෑනෙ. ප්‍රායෝගික ප්‍රයෝජන සලකල හදල තියෙන්නෙ ඉංජිනේරු විද්‍යා, වෛද්‍ය විද්‍යා වගේ ඒව. විද්‍යාඥයො භෞතික විද්‍යාව වගේ විද්‍යාවන්ගෙන් ප්‍රායෝගික ප්‍රයෝජනයට වඩා යථාර්තය තේරුම් ගත හැකියි කියල විශ්වාස කරනව :yes: ඒකයි නලීන් ද සිල්ව අතින් වැඩියෙන්ව විවේචනයට ලක් වෙන්නෙ :yes:
    ප්‍රායෝගික ප්‍රයෝජනයක් තියෙන්නම ඕනේ නෑ තියරියක් හදන්න ඉතින් මිනිස්සුන්ට ස්වභාවයෙන්ම කුතුහලේ කියන එක තියෙනවනේ. දකින මොකක්හරි දෙයක් ඒකෙන් පැහැදිලි වෙනවනං ඒ ඇති නේද මොකුත්ම නැතුවට වඩා සාදාරන පැහැදිලි කිරීමක් හරි තියෙනවනේ.

    ඇත්තටම බැලුවොත් කිසිම විදිහකින් ඇත්ත මේකයි කියල හොයන්න බෑ අධ්‍යාත්මික ක්‍රමේකට දැනුම ගත්තත් කාටද සහතික වෙන්න පුළුවන් ඒ ඇත්ත කියල :no: මොන ක්‍රමේට හෙව්වත් වෙනසක් නෑ ඔක්කොම කතන්දර විතරයි. ඉතින් විද්‍යාවට විතරක් කතන්දර ගොතනවා කියල බනින එක වැරදියි.

    ඇයි කිසිම විදිහකිං ඇත්ත කියල හොයන්න බැරි ? හොයල තමා නලීන් ද සිල්වා කියන්නෙ. ආසනික් ගැන හොයාගත්තෙ ආධ්‍යාත්මිකව ලබාගත්තු දැනුමෙන්. හැම දෙයක්ම කතන්දර කියන්න බෑ. ආධ්‍යාත්මිකව දැනුම ලබාගන්නෙ ප්‍රත්‍යක්ශව. විද්‍යාවෙ කිසිම කෙනෙකුට ප්‍රත්‍යක්ශ නොවෙන වියුක්ත කතන්දර ගොතන එක කරන්නෙ. දෙකේ ලොකු වෙනසක් තියෙනව.
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. මට විතරද නොතේරෙන්නේ :sorry::sorry:

    සමාවෙලා. මට ඉස්සෙල්ලම කියන්න කව්ද මේ නලින්ද සිල්වා ?
    මොකක්ද එයාගේ විශේෂත්වය ?
    මොනා ගැනද එයා මේ කියන්නේ ?
    :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. මට විතරද නොතේරෙන්නේ :sorry::sorry:

    සමාවෙලා. මට ඉස්සෙල්ලම කියන්න කව්ද මේ නලින්ද සිල්වා ?
    මොකක්ද එයාගේ විශේෂත්වය ?
    මොනා ගැනද එයා මේ කියන්නේ ?
    :eek:

    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.

    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.[තහවුරු කරන්න] මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.[තහවුරු කරන්න]

    නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.

    නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.

    නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති වන්නේය. ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර එහි වූ සමහර ලිපි කාලය වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.

    https://si.wikipedia.org/wiki/නලින්_ද_සිල්වා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි කිසිම විදිහකිං ඇත්ත කියල හොයන්න බැරි ? හොයල තමා නලීන් ද සිල්වා කියන්නෙ. ආසනික් ගැන හොයාගත්තෙ ආධ්‍යාත්මිකව ලබාගත්තු දැනුමෙන්. හැම දෙයක්ම කතන්දර කියන්න බෑ. ආධ්‍යාත්මිකව දැනුම ලබාගන්නෙ ප්‍රත්‍යක්ශව. විද්‍යාවෙ කිසිම කෙනෙකුට ප්‍රත්‍යක්ශ නොවෙන වියුක්ත කතන්දර ගොතන එක කරන්නෙ. දෙකේ ලොකු වෙනසක් තියෙනව.
    අධ්‍යාත්මිකව ගත්තා කියල ඒකට අමුතු වටිනාකමක් එන්නේ කොහොමද :baffled: ඒක නිකන් කනෙන් අහල ගන්න දැනුම අසම්පුර්නයි ඇහෙන් බලල ගන්න දැනුම සර්වසම්පුර්ණයි කියනව වගේ කතාවක් නෙ. "ප්‍රත්‍යක්ෂ වෙනවා" කියල නිකන් ලස්සන වචනයක් පාවිච්චි කරා කියල ඒක පරම සත්‍ය කියන්න බෑ කාටවත්. :no:

    ආසනික් වගේ ඒවා කීයක් විද්‍යාවෙන් හොයාගෙන තියෙනවද කවුරුත් ඒ හින්ද විද්‍යාව පරම සත්‍ය කියන්නේ නෑ නෙ. :no:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඇයි කිසිම විදිහකිං ඇත්ත කියල හොයන්න බැරි ? හොයල තමා නලීන් ද සිල්වා කියන්නෙ. ආසනික් ගැන හොයාගත්තෙ ආධ්‍යාත්මිකව ලබාගත්තු දැනුමෙන්. හැම දෙයක්ම කතන්දර කියන්න බෑ. ආධ්‍යාත්මිකව දැනුම ලබාගන්නෙ ප්‍රත්‍යක්ශව. විද්‍යාවෙ කිසිම කෙනෙකුට ප්‍රත්‍යක්ශ නොවෙන වියුක්ත කතන්දර ගොතන එක කරන්නෙ. දෙකේ ලොකු වෙනසක් තියෙනව.

    මම A/L කරන කාලේ අපේ physics සර් මුලින්ම පටන්ගත්තේ විද්‍යාව කියන්නේ සම්මුති ධර්මයක් කියලා. ඒ කියන්නේ මේක මේ ආකාරයෙන් වෙනවයයි කියල මිනිසුන් විසින් සම්මත කරගෙන තියෙන දෙයක් හැටියටයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔය පොපර් කියන දාර්ශණිකය විද්‍යාත්මක ප්‍රවාදයක් කියන්නෙ මොකක්ද කියල කියන්න ගිහිං කියපුව. ඕක විද්‍යාවෙ එකම අර්ථ දැක්වීම නෙමේ :no:

    අසත්‍ය කරනව කියන්නෙ පරීක්ශණ වලිං ප්‍රවාදෙ කියන විදිහට අගයන් තියෙන ප්‍රතිඵල ලැබෙන්නෑ කියල ප්‍රවාදය අසත්‍යයක් කියල පිලිගන්නව කියන එක. ගුරුත්වාකර්ශනේට වුනේ. ඒ වගේ. අසත්‍යකරනය කල හැකිවීම කියන්නෙම විද්‍යාවෙ කියන්නෙ බොරු කියන කතාව වහගන්න හදපු කතාවක්. අසත්‍යකරණය වෙන්නෙ අසත්‍යයක් නිසානෙ. කෙලින්ම පට්ටපල් බොරු කියන්න ලැජ්ජයි වගේ හින්ද ඒක කිව්ව විද්‍යාවෙ තියෙන මාර හොඳ ගුණයක් විදිහට අසත්‍ය කරනයට ලක් කල හැකි වීම :baffled:

    ඒකනෙ :angry:

    මුං බොරුවට අසත්‍යකරණය කියල පොෂ් වචනයක් දාගෙන :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔය පොපර් කියන දාර්ශණිකය විද්‍යාත්මක ප්‍රවාදයක් කියන්නෙ මොකක්ද කියල කියන්න ගිහිං කියපුව. ඕක විද්‍යාවෙ එකම අර්ථ දැක්වීම නෙමේ :no:

    අසත්‍ය කරනව කියන්නෙ පරීක්ශණ වලිං ප්‍රවාදෙ කියන විදිහට අගයන් තියෙන ප්‍රතිඵල ලැබෙන්නෑ කියල ප්‍රවාදය අසත්‍යයක් කියල පිලිගන්නව කියන එක. ගුරුත්වාකර්ශනේට වුනේ. ඒ වගේ. අසත්‍යකරනය කල හැකිවීම කියන්නෙම විද්‍යාවෙ කියන්නෙ බොරු කියන කතාව වහගන්න හදපු කතාවක්. අසත්‍යකරණය වෙන්නෙ අසත්‍යයක් නිසානෙ. කෙලින්ම පට්ටපල් බොරු කියන්න ලැජ්ජයි වගේ හින්ද ඒක කිව්ව විද්‍යාවෙ තියෙන මාර හොඳ ගුණයක් විදිහට අසත්‍ය කරනයට ලක් කල හැකි වීම :baffled:

    ගුරුත්වාකර්ශනය අසත්‍යකරණය කලේ කොහොමද බං...
    ඒක වැරදුණ තැනක් තියෙනවද..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    උබ හිතපන් p කියන විද්‍යාත්මක තියරියෙන් q කියන අනාවැකිය ලැබෙනවා කියලා. දැන් අපි මේ තියරිය පරීක්ශා කරන්න කියලා පරීක්ෂණයක් කරනවා කියල හිතමු.

    එක්කො
    q සත්‍යය වේ
    නැත්නම් q අසත්‍යය වේ
    .

    q අසත්යය නම් p අසත්‍යයි එහෙනම් මේ තියරිය වැරදියි.

    නමුත් දැන් උඹ කියයි q සත්‍යය විට p සත්‍යයි කියලා...නමුත් ඒක තර්ක ශාත්‍රයට අනුව වැරදියි. මොකද q සත්‍යය විට p සත්‍යය වීමට යම් සම්භාවිතාවක් තියනවා කියලා විතරයි කියන්න පුළුවන්.

    නමුත් අසත්‍යකරණයෙන් විද්‍යාත්මක නියමයක් තාර්කිකවම අසත්‍ය බව ඔප්පු කරන්න පුළුවන්....

    මන් උදාහරණයක් කියන්නම්.....
    අපි නියමයක් ගොඩ නගමු මෙහෙම

    උදෑසන කුරුල්ලන් හැඩලීමේ ශබ්දය නිසා හිරු අවදි වී හිරු පායයි.

    අනාවැකිය
    හිරු පෑයිමට පෙර කුරුල්ලන් ශබ්ද කරයි.

    නිරීක්ෂණ
    අවස්ථා 100 යකදීම හිරු පෑයීමට පෙර කුරුල්ලන් ශබ්ද කරයි.

    නමුත් මේක නිසා අපේ නියමය සත්‍යය වෙන්නෙ නෑ කියලා උඹටම තේරෙනවා ඇති . අපි q කොපමණ පාරක් සත්‍යයි කියලා ඔප්පු කලත් p සත්‍යය වෙනවා කියලා තාර්කිකව කියන්න බෑ.

    නමුත් q එක පාරක් හෝ අසත්‍යය වුනොත් p අනිවාර්‍යයෙන්ම අසත්‍යය වෙනවා.

    :)

    +18 ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුරුත්වාකර්ශනය අසත්‍යකරණය කලේ කොහොමද බං...
    ඒක වැරදුණ තැනක් තියෙනවද..

    අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදයෙන් කලේ ගුරුත්වාකර්ශණය අසත්‍යකරණයට ලක් කරපු එක තමා :yes:

    අධ්‍යාත්මිකව ගත්තා කියල ඒකට අමුතු වටිනාකමක් එන්නේ කොහොමද :baffled: ඒක නිකන් කනෙන් අහල ගන්න දැනුම අසම්පුර්නයි ඇහෙන් බලල ගන්න දැනුම සර්වසම්පුර්ණයි කියනව වගේ කතාවක් නෙ. "ප්‍රත්‍යක්ෂ වෙනවා" කියල නිකන් ලස්සන වචනයක් පාවිච්චි කරා කියල ඒක පරම සත්‍ය කියන්න බෑ කාටවත්. :no:

    ආසනික් වගේ ඒවා කීයක් විද්‍යාවෙන් හොයාගෙන තියෙනවද කවුරුත් ඒ හින්ද විද්‍යාව පරම සත්‍ය කියන්නේ නෑ නෙ. :no:

    කව්ද සම්පූර්ණයි කිව්වෙ ? කිසිම දෙයක් සම්පූර්ණ නෑ. ඒත් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් ඇසුරෙන් වියුක්ත ප්‍රවාද නිර්මාණය කරල තේරුම් ගන්නවට වඩා වැඩි වපසරියක් ඒ ක්‍රමේට තේරුම් ගත්තෑකි කියන එකයි කියන්නෙ.