මචන් ..මෙහෙමයි ..ජීවිත රක්ෂණ ප්‍රධාන වශයෙන් වර්ග 2 ක් යනවා ලංකාවේ ...එකක් ජීවිත රක්ෂණයම ඉලක්ක කරගෙන ..අනිත් එක ආයෝජන සැලසුමක් එක්ක ..සාමාන්‍ය ජීවිත රක්ෂණයක අඩු වරිකයකට ගන්න පුළුවන් ..එත් වයස ,රස්සාව සහ දැනට තියෙන රෝගයන් මත වාරිකය වෙනස් වෙනවා ...මේ සාමාන්‍ය රක්ෂණය වාසිය තමයි අඩු වාරිකය ...වැඩි ආවරණය ...එත් මේක කල් පිරුණම ලැබෙන ගානක් තියෙනවා .එක policy එක දාන වෙලාවේම දැනගන්න පුළුවන් ...ලොකු පොලියක් එකතු වෙන්නේ නෑ මේ ක්‍රමයේදී ..
..ආයෝජනයත් එක්ක එන ජීවිත රක්ෂණ වල වාරිකය සාපේක්ෂව වැඩි ..එත් වෙළදපොල තත්වය අනුව තීරණය වන පොලියක් එකතු වෙනවා..හැම වසරකම අදාල පොලි අනුපාතය සමාගම විසින් තීරණය කරනවා ..රක්ෂිතයාට දෙන ආවරණ වල වෙනසක් නෑ ...
රක්ෂණයක් ගන්න කලින් මේවා ගැන හිතන්න
- රක්ෂණය ගන්නේ ජීවිතයේ අවධානම වෙනුවෙන්ද නැත්තන් ආයෝජනයක් බලාපොරොත්තුවෙන්ද කියල .
- සාමාන්‍ය ජීවිත රක්ෂණයක කල් පිරෙන අගය ඒ policy එක දාන වෙලාවේම බලා ගන්න පුළුවන්
- ජීවිත රක්ෂණයක් දාලා කිසිම වන්දියක් ගත්තේ නෑ .ගෙවපු සල්ලි ඔක්කොම දෙන්න කියල ඉල්ලන්න බලාපොරොත්තු වෙන්න එපා .මොකද සමාගම ඒ රක්ෂණ කාලය තුල ඔයාගේ ජීවිතයේ අවදානම වගකීම දරනවා..ඔයාගේ රක්ෂණය වෙනුවෙන් ප්රතිරක්ෂණය කරනවා ..ඒවාට වාරික ගෙවනවා ...එක නිසා ඒ සියලු වියදම් අඩු කරගෙන තමයි මුදල් දෙන්නේ .
- policy agreement එක හොදට කියවන්න ..මොන ලෙඩ වලටද\ඔපරේෂන් වලටද දෙන්නේ ..මොනවටද නැත්තේ කියලා .
- cailms ගන්න ක්‍රමය හරියට දැනගන්න ..කොන්දේසි ගැන දැනුවත් වෙන්නේ
- 5රක්ෂණය දාන්න කලින් මොනවා හරි ලෙඩ වලට බෙහෙත් ගන්නවා නම් ඒ ගැන කියන්න ..නැත්තන් කවදාහරි එක නිසා වෙනත් ලෙඩක් හැදුනොත් එකට වන්දි ගන්න බෑ..උදා ..දියවැඩියාව තියෙද්දී රක්ෂණය දාල දියවැඩියාව නිසා වකුගඩු සැත්කම් වලට ..
- හරියට වාරික ගෙවන්න ...නියමිත දිනයට නොගෙවුවොත් ..වන්දි ගන්න වෙලාවට එක බලපානවා ..සාමාන්යෙන් දින 30යි දෙන්නේ..policy එක cancel වෙනවා හිග මුදල් ගෙවනකන් .
- රක්ෂණය දාලා අඩුම අවු 3 ක් යන්න ඕනි සල්ලි අපහු ගන්න නම් ..එක රක්ෂණ නිතිය .
- රක්ෂණ නියෝජිතයෙක් හරහා දානවා නම් සල්ලි ගෙවන හැම වෙලාවේම receipt එක ඉල්ලා ගන්න .ඒ වෙලාවේ දෙන්න බැරි නම් පුළුවන් ඉක්මනට එක එයට ගෙනත් දෙන්න කියන්න ..මොකද ඔයාලගෙන් සල්ලි අරගෙන branch එකට සල්ලි දෙන්න සති ගණන් ඒ සල්ලි රෝල් කරන අය ඉන්නවා ..
ජීවිත රක්ෂණය කියන්නේ හොද දෙයක් ..හරියට දැනුවත්ව ..කරන්න ..