ආහ් මචන්zලා
ඔන්න අදත් ආවා පොඩි බඩ්ඩක් අරගෙන උබලට කියන්න...
අද කියන්න යන්නේ දැනට ලෝකයේ වැඩිම දුරක ඉලක්කයක් අරගෙන තිබෙන ස්නයිපර් ඩයල් එක ගැන කියන්නයි..

වැඩිම දුරකට ඕන ගොබිලයෙකුට වෙඩි තියතැහැකිනේ...
මම කියන්නේ සාර්ථක ඉලක්කයක් ඒ කියන්නේ වන් ශොට් නොකවුට් ශොට්
එකක් ගත්ත බුවා ගැන.
හරි එහෙනම් කතාව මෙන්න මෙහෙමයි
.
.
.
.
.
.
.
.
මේ තමයි මචන්zලා දැනට සාර්ථක ඉලක්කයක් අරගෙන
වැඩිම දුරකින් මරණීය ප්‍රහාරයක් එල්ල කරපු බුවා.
Corporal of Horse (CoH) Craig Harrison
1975දීඋ උපත ලැබූ මොහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.
අනතුරුව බ්‍රිතාන්‍ය හමුදාවට බැදුනු මොහු සාර්තක පුහුණු
වීමකින් අනතුරුව ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් සදහා පිටත් උනා.
මෙම මෙහෙයුම් වලදී මොහු
සැතපුම් 1.5 (මීටර් 2475/ යාර 2707/ අඩි 8120) දුරින් සිටි ස්වයන්ක්‍රිය ගිනි අවි රැගත්
තලෙයිබාන් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරණයට පත් කිරීමට හැකියාව ලැබුනා.
ඔවුන් දෙදෙනාම මරණයට පත් කිරීමට මොහුට වැයවී ඇත්තේ වෙඩික් පහර දෙකක් පමණයි.
දැනට වාර්තා වී තිබෙන වැඩිම දුරෙහි හිමිකරුවා වෙන්නේ මොහුයි.
මොහුට පෙර වැඩිම දුරක් සදහා වූ වාර්ථාව දරාගෙන සිටියේ Rob Furlong නැමැත්තායි.
ඒ මීටර් 2,430 (යාර 2,657 )
මෑන්ස් ගෙ මූනත් තහඩුවත් දාන්නම්කෝ

(පට්ට මොරාල් සීන් එකෙන් නේ ඉන්නේ)

හරි හරි ආයෙත් කතාවට බහිමු.

මොහුගේ තුවක්කුවෙන් මුදා හැරුනු උණ්ඩය තත්පර 3ක ගුවන් කාලයකට අනතුරුව තමයි ඉලාක්කයට ලගා වී තියෙන්නෙ.
මෙම වේගය ශබ්දයේ වේගයමෙන් තුන් ගුනයක් වෙනවා.

මොහු යොදාගත් තුවක්කුවේ සඵල ප්‍රහාරක පරාසය වන
අඩි 3000 ( මීටර් 1100/ යාර 1203 ) ප්‍රමාණයත්
පසු කර ගිහින් තමයි මෙම ඉලක්කය අරගෙන තියෙන්න.

පලමු උන්ඩය එක ත්‍රස්තවාදියෙකුගේ උදරය ප්‍රදේශයට ඉලක්ක වී ඇති අතර
අනතුරුව දෙවන ඉලක්කය වන අනෙක් තලෙයිබාන් ත්‍රස්ථවාදියාගේ
ශරීරයට හරස් පැත්තෙන් ශරීරය පසාරු කරගෙන උණ්ඩය ඇතුලු වන ආකාරයට වෙඩිල්ල එල්ලකර තිබෙනවා.
මෙම ඉලක්කයන් දෙකම 100% සාර්තක වූ බවට වෙඩික්කරුගේ සහයකයා විසින් සනාථ කෙරුනා.
මොහු මෙම ප්‍රහාරය රැගෙන තිබෙන්නේ ත්‍රස්තවාදීනට කොටු වූ තම හමුදා බට කණ්ඩායමේ අණ දෙන නිළදාරියා බේරා ගැනීමටයි.

අනතුරුව සති කීපයකට පසුව මොහු මරණීය ප්‍රහාරයකට ලක් වුවත් මොහුගේ වාසනාවකට මෙන් එම වෙඩිල්ල ඔහුගේ ඝණ හිස්වැස්ම පසාරු කරගෙන විත් නැවතී තිබෙනවා..

පසුව ක්‍රියාන්විතයේදී පිපුරුමකට නිරාවරනය වීම හේතුවෙන් මොහුගේ අත් දෙකෙහිම අස්ථි පුපුරා ගිය හෙයින් මොහුව බ්‍රිතාන්‍ය වෙත පිටත් කර හැරියා.
සුව වීමේන් අනතුරුවද
මොහු කියා සිටියේ ඔහුට තවමත් ඉතා හොදින් ඉලක්කයන් ගැනීමට හැකි බවයි.
මේ තියෙන්නෙ ඔහු භාවිතා කල තුවක්කුවයි
L115A3 Long Range Rifle
මෙය බ්‍රිතාන්‍යයේ නිශ්පාදිත තුවක්කුවක් වන අතර මෙය නිශ්පාදනය කර තිබෙන්නේ
Accuracy International AWM කියන ආයතනයයි.
මේ තියෙන්නේ ඒ ආයතනයේ ලාන්ජනය
පහල තියෙන්නේ තුවක්කුවෙ තවත් විස්තර ටිකක්
බර : 6.5 kg (14.3 රාත්තල්)
අයාමය( දිග ) : 1200 mm (47.2 in)
තුවක්කු බැරලයේ අයාමය ( දිග ) : 660 mm (26 in)
සඵල පරාසය : 1,100 m (1,203 yd)
මේ තිබෙන්නේ එම තුවක්කුව සදහා යොදා ගනු ලබන උණ්ඩයි
300 Winchester Magnum
ඔන්න ඔහොමයි කතාව
හම්මෝ අත රිදෙනවා බන්
ඉදකින් නම් ඉදකින් කියපන්z

හොදයිනම් හොදයි කියපන්z
0716අරවින්දයා කැපුනා එහෙනම්
ආය ත්‍රෙඩ් එකකින් හමුවෙන තුරු
උබලට ජයෙන් ජය!!!!!!!
======================================================================================================================================