අහපන් බලන්න ප්‍රශ්නයක්, බලමු උත්තර දෙන්න පුලුවන් වේයි ද කියලා. මටත් දෑනගත හෑකි උබද නතිනම් මම ද මෙතන රහත් වෙලා හිටන්.
Aqwe? Kawda rahath wela thiyenne??
අහපන් බලන්න ප්‍රශ්නයක්, බලමු උත්තර දෙන්න පුලුවන් වේයි ද කියලා. මටත් දෑනගත හෑකි උබද නතිනම් මම ද මෙතන රහත් වෙලා හිටන්.
machan mata udin yanna puluwan . habai kellek dakkoth dabaok gala bima wetenawa![]()


මචන් භාවනා කරලා අත්දැකීම් තියෙනවා , දැනගැනීම පිණිස මෙහෙම සාරාංශ කරන්නම්,
උබට භාවනා කරලා ප්‍රථිපල ගන්න ඕනේ නං මුලින් ම හික්මීම පුරුදු වෙයන් , විශේෂයෙන් ම පංචශීලය අවබෝධයෙන් ආරක්ෂා කරපන් එතකොට ඒ දේ සිදු වෙනවා. ඒ වගේම පුළුවන් තරම් ධර්මය ගැන හා තමන් ගැන ගවේෂණය කරපන් විශේෂයෙන් ම හිත ගැන. ශ්‍රද්ධාව ඇති කරගනිං , නැත්තං ඔය භූත කේස්, හිත නොමග යැවීම් සිදු වෙන්න පුළුවන්.
හරි දැන් මන් ආනාපානසති භාවනාවෙන් උබට දියුණුවක් ගන්නං නොකඩවා පැය 2ක් වත් භාවනාව පුරුදු කරන්න ඕනේ.කොච්චර කාලයක් වඩන්න ඕනෙද කියන එක උබේ කෙලෙස් අඩු වැඩි වීම මත තමා තීරණය වෙන්නේ.හැබැයි භාවනාව අතරමගදී නැවැත්තුවොත් ආයේ ක්‍රමක් ක්‍රමයෙන් මුලට ම එවී.
භාවනාව වැඩෙන්නේ නැත්තං හිතට එන හිතුවිලි ගැන බලන්න හැබැයි ඒවා ගැන හිතන්න එපා. කිසිම දෙයක් හිතන්න එපා.
භාවනාව දියුණු වීගෙන එද්දී උබේ මුළු කයම හා සිතම නිදහස් වන බවක් දැනෙන්න ගන්නවා , ඒ සැපය ලෞකික කිසිම දෙයකින් මේ දක්වා නොලබූ දෙයක් කියලා තේරෙනවා. ඒ වගේම හිත පාරිශුද්ධ වෙන්න ගන්නවා, හැබැයි ඒක තාවකාලිකයි. භාවනාව නැවැත්තුවොත් පැය භාගයක් විතර ඒ නිශ්චල හිත පවතිනවා.
තව දෙයක් භාවනාවේ දියුණු අවස්තාවක් තමා ධ්‍යාන කියන්නේ. ඇතම් a ධ්‍යාන අවස්ථාවේදී දරුණු රූප පෙන්න ගන්නවා. හිතේ මැවෙන රූප හා ඒ රූප අතර ලොකු වෙනසක් තියෙනවා. තවද ඒ රූප ජීවිතයේ කවදාවත් ම නොදැකපු වීම. එතකොට අනිවාර්යෙන් ම ඒ අයට පින් අනුමෝදන් කළ යුතුය. .මේක හැමෝටම වෙන දෙයක් නෙමේ.
තවත් දෙයක් භාවනාව දියුණු වෙද්දී උබට නිදාගෙන ඉද්දී හීන control කරන්න පුළුවන්. ඒ කියන්නේ එතරම් සිහිය දියුණු වෙලා.
මතක ශක්තිය සීග්‍රයෙන් වැඩිවෙනවා, ඒ වගේ ම හිතීමේ හැකියාවත්.
කවදාවත් උබට හොරා තරහවක් හෝ ආශාවක් හෝ ඇති නොවේවි, ඒ තරම් හැගීම් පාලනය කරන්න පුළුවන්. හිත උබව පාලනය කරනවා විනා මනස හිත පාලනය කරන තැනට පත් වෙවී.
ජීවිතයේ මෙතෙක් ලැබූ ප්‍රීතිමත් ම අවස්තාව මෙය ලෙස හැගෙවී, ඒත් එකට වහල් වීමෙන් කෙලෙස් වැඩේ.
තව තියෙනවා ඉතින් මෙහෙම කියන්න අමාරුයි. අනිත් එක හිත කියන්නේ අපේ දෙයක් නෙමෙයි කියලා සිහිය තියා ගනින්

Mata link tika dipan
පිං මචෝ උඹට....
අනිවා අඩියක් හරි ඉස්සරහට තියන්න ඕන.....පොත් ටිකක් ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ භාවනා ගැන..තාම කියවන්න බැරිඋනා....අනිවා පටන් ගන්න ඕන....