බතලේගල මම ගියේ 2014 දී....යන පාර නම් කිසිම අවුලක් නැහැ...කාර් වල යට වදින්නේ නම් නැහැ. හැබැයි කන්දේ ආනතිය වැඩියි.කොන්ක්‍රීට් පාර.
4wheel නම් පාරේ කෙළවරටම යන්න පුළුවන්.( අපි ගිය වෑන් එක මගින් දාලා ගියේ )
යන පාර වෙන්නේ මාවනැල්ල - අරනායක පාරේ කිලෝමීටර් 8,9 ගිය තැන ගෙවිලිපිටිය හන්දියෙන් දකුණට හැරිලා තවත් කිලෝමීටර් 3 විතර ගියාම හත්ගම්පල හරියෙන් දකුණට උඩට කොන්ක්‍රීට් පාර තියෙනවා....බෝර්ඩ් එකක් ගහල තියෙනවා බතලේගලට කියල.( මහා බෝධි විහාරය පාර )එතන ඉඳල දිගටම උඩට කන්දේ පාමුලට කිට්ටු වෙනකම්ම යන්න පුළුවන්.එතන ඉඳල අඩිපාර තියෙනවා.
කෑම්පින් වලට නම් දන්න තරමින් අවසරයක් ගන්න තැනක් නැහැ. හැබැයි ගම්මු කුලප්පු වෙන විදිහේ වැඩ නොකර ඉන්න. මොකද ගමේ කොල්ලෝ ආතල් දාන්න බොන්න උඩට එනවා.
උඩ දන්න තරමට වතුර නම් නැහැ. පන්සලක් තියෙනවා. දැන් නම් ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවලු.( අපි ගිය කාලේ නම් කවුරුත් උන්නේ නැහැ )
වාහන නම් පහල ගමේ ගෙදරකින් තමා දාලා යන්න වෙන්නේ.
සත්තු කියල නම් මහලොකු සතෙක් නැහැ. වල් ඌරෝ තමා ඉන්නවා නම් ඉන්නේ...
රැයක් ඉන්නවා නම් පලවෙනි දේ ගමේ මිනිස්සු ශේප් එකේ තියාගෙන යන්න.කෑම්පින් වලට ඕනේ අඩුමකුඩුම ටික සේරම අරගෙන යන්න.
පහල ගමේ ඉඳල උපරිම පැයක් එකහමාරක් වගේ ඇතුලත උඩට යන්න පුළුවන්..වතුර අවශ්‍ය තරමට අරගෙන යන්න.
නාන්න ඕනේ නම් අරනායක කිට්ටුවෙන් ගලාගෙන යන මාඔයේ හොඳ පරිස්සම් තැනක් බලල නාගන්න පුළුවන්. හැබැයි මේ කාලේ නම් ගඟ සැඩ ඇති.
වැස්සට ලැස්ති වෙලා යන්න.
( අමතරව ඔයාලා දවස් 2ක් යනවා නම් තව තැන් කිහිපයක් කියන්නම්.)
අසුපිනි ඇල්ල - හැබැයි අරනායක ඉඳල අසුපිනි ඇල්ලට යන පාරේ කාර් එකකට නම් යනවා තියා හිතන්නවත් බැහැ. ඒ තරමටම පාර සවුත්තුයි.
ඕනේ නම් ගමේ ත්‍රීවිල් ටිකක් සෙට් කරගෙන පලයන්.
දෙවනගල රජ මහ විහාරය - ඔයාගේ ඔය උඩින් දාල තියෙන පින්තුරේ ඔය පොඩියට පේන පන්සල. ඕක තියෙන්නේ මාවනැල්ල - හෙම්මාතගම පාරේ.
බතලේගල යන පාරේ උස්සාපිටියෙනුත් හැරිලා ඕනේ නම් යන්න පුළුවන්.කිලෝමීටර් 4,5 වගේ තියෙන්නේ.
අම්බුළුවාව - මාවනැල්ල - හෙම්මාතගම හරහා ගම්පොල පාරේ ගියොත් අම්බුළුවාවට යන්න පුළුවන්.
තව මතකෙට ආවොත් කොමෙන්ට් කරන්නම්....
hammo hodatama athi....
supiri
Thank you ver much bro.....