Big Brother / Bigg Boss Explained

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මට මේ ත්‍රෙඩ් එක දාන්ඩ හිතුනේ මෙන්න මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ. >Bigg Boss කියන්නෙ මොකද්ද​?<

    ලෝකේ නම්බර් 1 රියාලිටි ශෝ එක උනාට ලන්කාවේ වැඩි දෙනෙක් මේ ගැන දන්නේ නැහැ. අපි මේ ත්‍රඩ් එකෙන් මේ ගැන විස්තරාත්මකව බලමු.

    Big Brother රියාලිටි ගේම් ශෝ franchise එක හඳුන්වලා දෙන්නේ නෙදර්ලන්ත ජාතික John de Mol Jr කියන කෙනා විසින්. 1999 වෙරෝනිකා කියන නෙදර්ලන්ත ටෙලිවිශන් එකේ තමයි පලවෙනි සීසන් එක පටන් ගන්නේ. දැනට රටවල් 54 ක සීසන්ස් 387ක් ඉවර වෙලා සහ දැනට ටීවී එකේ එයා වෙමින් තියෙනවා.

    john-de-mol-300x278.jpg

    John De Mol

    මේ ගේම් එක පටන් ගන්නේ තරඟකරුවන් 16 දෙනෙක් එක්ක. ඔය කියන 16 දෙනා මේ ගේම් එකටම කියල හදන ගෙයක් ඇතුලට ගියාට පස්සේ ඔය ගෙදර වහල දානවා දවස් 100ක්. හැබැයි නිකන් නෙවෙයි, ගේ ඇතුල්ට තමන්ගේ ඇදුම්, කොස්මටික්, බෙහෙත් හැරෙන්ඩ කිසි දෙයක් අරන් යන්න බැහැ. උදාහරනයකට; මොබයිල් එක, ලැප්ටොප් එක. එලි ලෝකයත් එක්ක සම්බන්ද කරන්ඩ පුලුවන් කිසි දෙයක් ඇතුලට allow කරන්නේ නැහැ. අඩුම තරමින් watch එකක්කත් දාගෙන යන්න බැහැ. ඕක ගෙයක් කිව්වට රෙසෝට් එකක් වගේ තමයි. ඕක ඇතුලේ ස්විමින් පූල්, ජිම් ඔක්කොම හිටන් තියෙනවා. හැබැයි ඉලෙක්ට්‍රොනික් කිසි දෙයක් නැහැ, කියන්නේ ටයිම් පාස් බැහැ ඕක ඇතුලේ.
    .
    page-1.jpg
    .
    ගේ වටේටම කැමෙරාස් මගින් තරඟකරුවන්ව නිරීක්ශනය කරනවා. කතා කර හැම දෙයක්ම ඇහෙන්ඩ ඔක්කෝටම හැන්ඩ් බෑග් එකක් වගේ ඉස්ටයිල් එකේ මයික් එකක් දෙනවා.
    .
    swami-759.jpg
    .
    ඔය කියන 16 දෙනාගෙන් වැඩිහරියක් නළු නිළියෝ සහ සිනමා සම්බන්ද තරඟකරුවන් තමා එන්නේ. තව එතනට ඒ ඒ වෙලාවට ට්‍රෙන්ඩ් එක ඉන්න කට්ටියවත් අර ඇතුලට දා ගන්නවා. අපේ මේ කෞශි, මඳු රොක්ස් වගේ කට්ටිය. ඔක ගේම් එකක් කියල කිව්වට ඔතන පවුලක් වගේ තමා 16 දෙනා ඔය ගෙදර ජීවත් වෙන්නේ. උයන්ඩයි, වළන් හෝදන්ඩයි, ගේ සුද්ද කරන්ඩයි කට්ටිය බෙදල සතියෙන් සතිය දානවා. කට්ටියට වැඩ ටික කරන්ඩ දෙන්ඩ නායකයෙකුත් පත් කරනවා සතියෙන් සතිය. ඔය නායකයා ගෙදර ඡන්ද වලින් තෝරනවා, නැත්තන් ඒකට පොඩි ටාස්ක් එකක් දීලා තෝරනවා.
    .
    පලවෙනි දිනෙන් පස්සේ කියන්නේ ඉරිදට ගෙදර ඔක්කොම මිනිස්සු ටිකක් අනික් කට්ටියත් එක්ක සෙට් වෙල මින්ගල් වෙල ඉන්නගමන් අනිත් දවසේ කියන්නේ සදුදට එක එක්කෙනා බිග් බොස්/ බිග් බ්‍රතර් අඩ ගහලා මේ ගෙදර ඉන්න සුදුසුකම් නැති දෙන්නෙක් හරි කාරණා එක්ක නොමිනේට් කරන්ඩ කියනවා ගෙදරින් යවන්න. උදා විදිහට; එයා දවල්ට නිදාගන්නවා, මාත් එක්ක රන්ඩුවට වගේ කතා කරනවා, ගෙදර වැඩ ටික කරන්නෙ නැහැ වගේ දේවල් කියන්ඩ පුලුවන්. තව දෙයක් ගෙදර දවල්ට නිදාගන්ඩ තහනම්. රෑට ලයිට් ටික නිව්වට පස්සේ තමයි නිදාගන්න යන්ඩ පුලුවන්.
    .
    සදුදට නෝමිනේට් වෙච්ච කට්ටියගෙන් අඩුම වෝට්ස් ගන්න කෙනා ඒ සතියේ ඉරිදට ගෙදරින් පිටත් කරනවා. වෝටින් මිස් කෝල් එකක් මගින් හෝ ගූගල් එකේ ඔෆීශියල් ලින්ක් එකෙන් ප්‍රේක්ශකයන්ට ලබා දෙන්ඩ පුලුවන්. මෙන්න මේ වගේ සතියෙන් සතිය එක්කෙනේ එක්කෙනා ගානේ ගියාට පස්සේ අන්තිම සතියේ ඉන්න 3,4 දෙනාගෙන් එක ජයග්‍රාහකයෙක් තෝරනවා. මම මේ මෙහෙම කිව්වට ඩේලි ටාස්ක්, වීක්ලි ටාස්ක් කියල එක එක ගේම්ස් දෙනවා කට්ටියට. ටාස්ක් කිව්වට කට්ටිය බෙදාගෙන බදාගෙන මරාගන්න ටාස්ක් තමා බිග් බොස් / බිග් බ්‍රදර් දෙන්නේ. තව කියන්ඩ දේවල් ගොඩාක් තියෙනවා, කට්ටිය යූටියුබ් එකෙන් හොද හොද සිද්දී බලාගන්ඩ පුලුවන්.
    .
    නිකන් අපි හිතමු ඔය රියාලිටි ශෝ එක ලන්කාවේ පටන් ගන්නවනන්. ඔයා ඔය ගෙදටර යවන්න කැමති 16 දෙනා. අනිත් දේ තමයි නැගී එන තරු තමයි ඔය ශෝ එකට යන්න කැමැත්තක් දක්වන්නේ මොකද වර්ල්ඩ් ලෙවෙල් රෙකොග්නයිස් එකක් මේ ශෝ එකෙන් හම්බෙන නිසා.
    හරි මේ මගේ කැමති 16 දෙනා, ගියොත් හොද වලි හොද කන්ටන්ට් එකක් දෙන්ඩ පුලුවන් ආතල් ඩයල්ස්.
    .
    1. Chathura Senarathne
    2. Peshala Manoj
    3. Pooja Umashankar
    4. Sanath Jayasuriya
    5. Madhu Roxs / Ashnika Silva
    6. Sonali Teacher
    7. Mervin Silva
    8. Sharmi Kumar
    9. Susanthika Jayasinghe
    10. Samanmali Fonseka
    11. Podda / Anushka Udana
    12. Vijayakala Maheswaran
    13. Piumi / Kaushi
    14. Victor Rathnayake
    15. Thumindu Dodantenna
    16. Upul Shantha Sannasgala
    .
    කට්ටියගේ ලිස්ට් එකත් කොමන්ට් කරගෙනම යන්න, අඩුම බම්ප් එකක් හරි



     
    Last edited:

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මට හිතුනා, හැබැයි නෝටි වැඩි වෙයි කියල හිතල දැම්මේ නැත්තේ :D

    :D

    +10

    Mavin dinanawa thuga dala . eliyedi kastiyata gemak denawa kiyala baya karala dinanawa
    එහෙම බැහැ. වෝට්ස් ගන්න ඩිරෙක්ට් රෙකුවෙස්ට් කරන්න බැහැ :D

    මට ඕවට වෙලාවක් නෑ:no::no::no: ලින්ක් එකක්වත් තිබ්බා නම් ඔන්න හා :P:P






    තරහකාරයෝ ටිකක් දාන්න ඕනේ බලන්න
    :D