ගොඩක්ම මූසලයො වගේ පාරෙ යන එවුන්ගෙන් පරිස්සං වෙන්න ඕන. සමහර උං හොට තියාගන එනවා පිටිපස්සෙං. අපි හදිස්සියේ බ්රේක් එකක් ගැහුවොත් බඩුම තමයි.
අපෝ ඔව්.. ඕකත් හෙන එපා කරපු සීන් එකක්..
ගොඩක් දුරට ඕක සෙට් වෙන්නෙ බස් ඩ්‍රයිවර්ලත් එක්ක...

කාලයක් මම ඔරුගොඩවත්ත පැත්තෙන් කඩුවෙලට යන පාරෙ බයික් එකේ උදේ හවස ආව ගියා...

ඒ කාලෙ දුර යන බස් එහෙම පිටි පස්සෙ නම්බර් ප්ලේට් එකේ ගෑවි නොගෑවි බ්රේක් ගහනව චුස් චුස් ගගා 80 ට විතර ඇවිත්..

මමනම් ඒ වෙලාවට එක්කො දකුනට සිග්නල් එක දාල ඉක්මනට ඕෆ් කරල හරි, එහෙම නැත්තන් දකුණු අතින් හරි පොඩ්ඩක් ඉන්න කියල, ඉඩක් ලැබුන ගමන් අයින් කරල ඉඩ දෙනව මට කොච්චර හයියෙන් බස් එකට වැඩි වේගෙන් යන්න පුලුවන් උනත්..

මොකද ඔය වගේ යකඩ ගොඩකට චප්ප වෙනවට වැඩිය තත්පර ගානක් පරක්කු උනා කියල මහ ලොකු පාඩුවක් නොවෙන නිසා...

ගොඩක් දුරට එහෙම උනාම උන් ඉස්සර කරන්නේ ලාවට හෝන් එකකුත් ගහගෙනමයි...

අර විදිහට අපි ඉඩ දුන්නාම අවශ්‍ය මොහොතකදි එකපාරක් හෝන් කරපු ගමන් ආයෙත් අපිට ඉඩ දෙනවා සාමාන්‍ය ඩ්‍රයිවර් කෙනෙක්නම්..
කලාතුරකින් අමන ඩ්‍රයිවර් කෙනෙක් සෙට් උනොත් තමයි අපිට ඉඩක් නොදීම යන්නේ..



