Binance කියන තරම් රහයිද ?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මුලින්ම දැනගන්න ඕන දේ තමා
    1. binance trading කියල එකක් නෑ. Cryptocurrency trading තියෙන්නෙ. Cryptocurrency, futures මේවයෙ වෙනස හරියට දැනගන්න ඕන.

    2. මේක phone එකෙන් විතරක් කරන්න බෑ. ගොඩක් අය promote කරන්නෙ phone එක විතරක් තිබ්බහම ඇති කියල. හැබැයි ඒක ඒහෙම නෑ. Pc එකක් lap එකක් ඕන වෙනව.

    3. මේක ඉගෙනගත්ත දවසට පස්සෙ දවසෙ ඉදන් සල්ලි හොයන්න බෑ. Profit වෙන්නෙත් නෑ. අනිවාර්යයෙන් අවුරුද්දකට වඩා යනව සහ මේකටම ඔයා කැප වෙන්න
    ඕන. දවසට නිකන් පැයක් බලල part time ඉගෙනගෙන කරන්න අමාරුයි. පැය 3 -4ක් මේකෙම ඉන්න ඕන අඩුම තරමෙ. මම නං කියන්නෙ ඒකත් මදි.

    4. Analysis chart setup එකක් දෙකක් හරි ගියපු ගමං real money දාල පටන් ගන්න ගියපු ගමං loss වෙනව. ගොඩක් අය කරන්නෙ එහෙම. අඩුම තරමෙ එක දිගට මාස 4ක් 5ක් consistent profitable වෙන්න ඕන. හැබැයි අනිවාර්යයෙන් කඩින් කඩ නැතුව එක දිගට වෙන්න ඕන.


    ඒ විදිහට මාසෙ ගාණෙ 10%ක් profit gain කරන්න පුළුවන් නං එක දිගට මාස 4ක් 5ක් ඔයා considerable risk management trader කෙනෙක්. 10%ක් ප්‍රමාණවත් ඇත්තටම. ගොඩක් උන් මාසෙකට over 100% profit gain පෙන්නනව. හැබැයි ඊළඟ මාසෙ පොර missing.
    මොකද මතක තියාගන්න ඕන දේ තමා trading කියන්නෙ බූරුව ගහනව වගේ gambling එකක් නෙමේ. Trading කියන්නෙ තනිකරම risk and phycology management.

    ඉතින් ඒ නිසා මුලින්ම හරියට ඉගෙනගන්න ඕන. සමහරු basics ටිකවත් හරියට දන්නෙ නෑ. Chart analyzing කරන්න යනව. Analyzing උගන්නන්නත් යනව.
    එකක් තමා trading ගැන අලුතෙන්ම දැනගන්න උන් හිතන්නෙ ඉන්නෙ trading කියන්නෙ binance කියල. සමහරු මම දැකල තියෙනව කවුරු හරි එකෙක් trading ගැන ඉගෙනගන්න හොද sources ටිකක් දෙන්න කිවුවහම දෙන්නෙ cryptocurrency ගැන කතා කරන youtube channels.

    ඊට පස්සෙ futures කියල හිතන් ඉන්නෙ මේක මේ binance වල trade කරන්න තියෙන දෙයක් කියල.
    Futures කියල කියන්නෙ මොනවද කියලවත් අඩු ගානෙ දන්නෙ නෑ.
    එතකොට futures market එකේ buy කරනව කියල හිතන් ඉන්නෙ අඩු ගාණට buy කරල වැඩි ගාණට sell කරනව කියන එක.
    එතකොට sell short කරනව කියන්නෙ මොකද්ද කියල ඇහුවහම ඒක ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.
    ඒ නිසා පිළිවෙලට හරියට හෙමීට ඉගෙනගන්න.
    ගොඩක් අය cryptocurrency trading ඉගෙනගන්න ගියහම පටන් ගන්න ඕන පිළිවෙළක් දන්නෙ නෑ.
    කාට හරි cryptocurrency trading ටිකක් පිළිවෙලකට order type එකකට ඉගෙනගන්න ඕන නං
    මේ series එක බලාගෙන එන්න. ඉස්සරහට මේක තව update වෙනව

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Demo account එකකින් වත් profit ගන්න බැරි උනා. එතැනින්ම අතෑරලා දැම්මා
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    Courses කරන උන් කියන එව්වා ඇත්තක් නම් ඇයි බං උන් trade කරලා ගේමක් ගහන්නේ නැත්තේ. ඕක උන්ගෙන් ඇහුවාම උන් කියන්නේ අපිට වෙලාවක් නැහැ trade කරන්න ලමයින් ට lecture කරන නිසා, තව සමහර උන් මන් ඉස්සර කෙරුවා දැන් කරන්නේ නැහැ ඒ කාලේ බරට profits අරන් දැන් පාඩුවේ ඉන්නවා. අනික බං ඔය vehicles අරන්, රත්තරන් ඇඟේ පොරවා ගෙන බොරු මවා පෑමක් පෙන්නනවා මේ ඔක්කොම Trading නිසා තමා කියලා. ඔව්ව ට රැවටෙන පිරිසක් ඉන්නවා ඉතින්. අපි කවුරුත් යන්නේ නැහැනේ බං ඔය කියන වාහන ඇත්තටම උන්ගේ ද, දාගෙන ඉන්න රත්තරන් ඇත්තටම රත්තරන් ද කියලා check කරන්න . Trading කරලා සල්ලි හම්බු කරන්න බැහැ කියලා කියනවා නෙවේ, ඒත් ඔය courses කාරයෝ පෙන්නන විදිහට දේවල් නම් කරන්න බැහැ ඔය කියන ඉක්මනට
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Courses කරන උන් කියන එව්වා ඇත්තක් නම් ඇයි බං උන් trade කරලා ගේමක් ගහන්නේ නැත්තේ. ඕක උන්ගෙන් ඇහුවාම උන් කියන්නේ අපිට වෙලාවක් නැහැ trade කරන්න ලමයින් ට lecture කරන නිසා, තව සමහර උන් මන් ඉස්සර කෙරුවා දැන් කරන්නේ නැහැ ඒ කාලේ බරට profits අරන් දැන් පාඩුවේ ඉන්නවා. අනික බං ඔය vehicles අරන්, රත්තරන් ඇඟේ පොරවා ගෙන බොරු මවා පෑමක් පෙන්නනවා මේ ඔක්කොම Trading නිසා තමා කියලා. ඔව්ව ට රැවටෙන පිරිසක් ඉන්නවා ඉතින්. අපි කවුරුත් යන්නේ නැහැනේ බං ඔය කියන වාහන ඇත්තටම උන්ගේ ද, දාගෙන ඉන්න රත්තරන් ඇත්තටම රත්තරන් ද කියලා check කරන්න . Trading කරලා සල්ලි හම්බු කරන්න බැහැ කියලා කියනවා නෙවේ, ඒත් ඔය courses කාරයෝ පෙන්නන විදිහට දේවල් නම් කරන්න බැහැ ඔය කියන ඉක්මනට
    කෝස් කරන 90%ක් profitable tradersලා නෙමෙයි. ප්‍රොෆිට් ගන්න ට්‍රේඩර්ස්ලාට කෝස් කරකර සල්ලි හොයන්න ඕනි කමක් නෑ. ඉතාම සුලු ප්‍රොෆිටබල් ට්‍රේඩර්ස්ලා හොබී එකක් විදියට උගන්නනවා එයාලගෙ ෆ්‍රී ටයිම් වල. ඕකයි ඇත්ත.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    ට්‍රෙඩ් කර්ලා ගොඩ එන උන්ට වඩා හිගන්නො වෙන උන් වැඩි, එත් හොද පොර්ට්ෆොලියො එකක ඉන්වෙස්ට් කරලා. අවුරුදු 15 /20ක් ඇද්දානම් ගොඩෙ ගොඩ... ඇමරිකාව ගෙමට බහින්න හදන්නෙ, අලුත් නිතිරිති එක්ක, එ සල්ලි ක්‍රිප්ටො වලට වැටුනු ගමන් දැන් සත ගනන වල තියෙන කොයින් දහස් ගනන වෙන්න ඉඩ තියෙනවා, මුලින්ම බලද්දි ගුගල් සමාගමෙ කොටසක් ඩොලර් 65ක් වගෙ තිබ්බෙ, දැන් කියද? ගිය අවුරුද්දෙ එන්විඩියා සමාගමෙ කොයසක් ආයෙ කොටස් 4ට බෙදලා 108න් පටන් ගත්තා, දැන් ආයෙ 250 පන්නලා, අවුරුදු 3ක් 4ක් යද්දි ආයෙ කොටසක් 750 පන්නයි, මුලින් කොටස් 1 තිබ්බ එකා ගාන දැන් කොටස් 4ක් තියෙනවා, ආයෙ බෙදුවොත් කොටස් 16ක් තියෙනවා, අවුරුදු 20ක් යද්දි බලපම්, ටෙස්ලා එකත් ශෙයා එක ස්ප්ලිට් කරා,,,

    බිට්කොයින් එකක් කොහොමත් ඊගව බුල් රන් එකෙදි ලක්සෙ පන්නයි, ඩොලර් ඒකෙ බයින් පවර් එකත් දන් සැහෙන්න අඩු වෙලා තියෙන්නෙ,, අමතර මුදල් ආයොජනය කරල අවුරුදු 20ක් ඇදපම්, එච්චරයි, ට්‍රෙඩින් කර්ලා ගන්න මුදල වගෙ 100 ගුනෙයක් එන්න ඉඩ තියෙනවා,,