දැන් මේ වගේ එකක් හදල සීනි, යීස්ට් වගේ ඒවා දාන්න කඩවල්වල හොයාගන්න නැතිඋනොත් හරියට වැඩේ වෙයිද?
මෙම පද්ධතියේ ජීරකයට ගොම මුලින්ම ද්‍රාවණයක් භාවිතා කරනවා. එලෙස භාවිතා කරන්නේ ගොම වල නිර්වායු ජීරක බැක්ටිරියාවන් ස්වාභාවිකව සිටින නිසයි. ඉන් පසුව ආම්ලික (දෙහි ලෙලි වගේ) සහ කෘතිම රසායනික යෙදූ ආහාර (කේක් වගේ දේවල්) හැර දිරා යන ඕනෑම කුස්සියෙන් ඉවතලන ද්‍රව්‍ය ටිකෙන් ටික ජිරකයට දැමීම මගින් ඉතාමත් සාර්ථකව අපට ජීව වායුව ලබා ගන්න පුළුවන්. මුලදි ගොම දියර සමග නිර්වායු බැක්ටිරියාවන් ආස කරන ඉදිලා වැඩි උන කෙසෙල් වගේ පැණි රසයක් අන්තර්ගත කසල සහ මස් (මස් වල කටු නම් දාන්නම එපා) වගේ අපද්‍රව්‍ය ඇතුලත් කිරීමෙන් ගෑස් නිෂ්පාදනය ආරම්භ කිරීම වේගවත් හා සාර්ථක කර ගෙන ප්රතිඵලදායී ජීරකයක් සකස් කර ගත හැකියි. තව වැදගත්ම දෙයක් තමයි පොල් කුඩු වැඩියෙන් භාවිතා කරොත් ජීරකයේ ඇතුලේ ජීව වායුව එක් රැස් නොවෙන විදියට තෙල් තට්ටුවක් ඇති වෙන්න පුළුවන්.. ඉතින් තෙල් සහිත අපද්‍රව්‍ය අවම කර ගත්තොත් පද්දතිය ක්‍රියා විරහිත වීම අවම කර ගන්න පුළුවන්.
මමත් මේකට උත්සාහ කරපු පලවෙනි සැරේදි වැඩේ වැරදුනා... මට වැරදුනේ ජීරකය හරි හැටි වායුරෝධක තත්ත්වයට (ගෑස් කාන්දු නොවන ලෙස සකස් කර ගැනීමට) පත් කර ගන්න බැරි වීම නිසා.. නමුත් YouTube විඩියෝ බලලා මට වැරදුන තැන් වගේම යම් යම් දේවල් එම පද්ධතියට එකතු කර ගත්තා.. වැඩේ සුපිරියටම සාර්ථකයි. මට ඒක ක්‍රියාකාරී තත්ත්වයට පත් කර ගන්න වැය උනේ දැනට මාස 06 කට විතර උඩදි රු 15,000.00 ක් පමණ මුදලක්. නමුත් දැන් නම් රු 50,000.00 කට ආසන්න මුදලක් වත් යයි කියලා හිතෙනවා. තියන බඩු වල ගණන් එක්ක.
මම නම් ලීටර් 200 ක බැරල් එකෙන් ජීරකය හදා ගත්තේ. ඒත් ඒක මගේ පවුලේ ප්‍රමාණයට මදි. ඒක නිසා තවත් ලීටර් 200 බැරල් එකක් ඒකට කපල් කරා. කස්ටිය අළුතින් වැඩේට බහින්න හිතනවා නම් ජීරකයේ ධාරිතාවය අඩුම ලීටර් 500 න් වත් පටන් ගන්න..
YouTube විඩියෝ වල ජීරකය සකස් කර ගැනීම, ගෑස් නල පද්ධතිය සකස් කිරීම, ගැස් ගබඩාව (ඉපිළුම් ඇටවුම සහ වාහන ටියුබ් ඇටවුම), හයිඩ්රිජන් සල්ෆයිඩ් පෙරහනය සකස් කිරීම, බයෝ ගෑස් ලිප සකස් කර ගැනීම වැනි කරුණු ඉතාමත් පැහැදිලිව හා සරලව ඉදිරිපත් කරලා තියනවා.ඒවා අනුව වැඩේ කලා නම් වැඩේගොඩ දාගන්න එක අමාරු නෑ.