සහෝදර වරුණේ ....
මට පොඩි biz එකක් set උනා
අපේ ගෙවල් ලග තියන factory එකක වැඩ කරන කොල්ලෝ ටිකකට බත් packet දෙන්න
මට තියන ප්‍රස්නේ තමයි ,
# එක බත් packet එකකට යන cost එක හොයන විදිය කොහොමද ?
# profit එක add කරන විදිය ?
මේක සැහෙන්න මෝඩ ප්‍රසන ටිකක් වෙන්න පුළුවන් එත් මට මේක හදාගන්න තේරෙන් නැහැ බන්,
නිවැරදිව හදනවා නම් බත් පැකට් 10, 20, 30, 50 ක් වගේ සාමාන්‍ය ඕඩර් එකක් ගන්න. ගන්න කියන්නේ හදන්න පටන් ගන්න.
අරගෙන ඒ ටික උයන්න යන වියදම ගණනය කරන්න. හාල්, පොල්, මිරිස් කුඩු, එළවලු සියලුම දේවල්. උයන්න කපන්න, සුද්ද කරන්න කලින්ම බර කිරලා ලියාගන්න. හැම දේම, කර්පින්චා නැට්ටේ ඉදන්....
දැන් ඒවාට යන වියදම ගණන් හදන්න. ගෙදර වත්තේ තියන දේවල් උනත් මිල කරන්න. මොකද හැමදාම ඒවා නිකන් හම්බෙන්නේ නෑ නේ. අනික එහෙම නිකන් හම්බෙනවා කියන්නේ ඒ ටික විකුනලා සල්ලි කරන්න පුළුවන් කියන එක....
ඊළගට ඔතන්න යන කොළ, ලන්ච් සීට් ඉදන් ඔක්කොම දේවල් වල මිලත් ගන්න....
ගෑස්, dara කෝක උනත් එකට මිලක් තියන්න
ඊළගට ගිහින් දෙන්න යන වියදමත් බලන්න...
දැන් ඔක්කොම එකතු කරලා බලන්න කොච්චරක ද කියලා
උයන්නේ ගෙදර කීප දෙනා නම් එකේ වියදම ගණන් හදන්න එපා. එත් පොඩ්ඩක් මතක් තියාගන්න. මොකද එකටත් මිලක් තියනවා.... ගාන එකපාර දාල බලන්න එපා කිව්ව්. ඔය ෆීල්ඩ් එකේ අඩුවට දෙන්නේ එක දන්නේ නැතිව බොහෝ දෙනා ගණන් හදන නිසා...
දැන් වෙලදපොලෝ මිල, එළවලු කොච්චරක් ද දෙන්නේ, ඒ එළවලු මොනාද ? කොච්චර දෙනවද වගේ දේවල් හොයාගන්න...
සාමාන්‍ය යෙන් 1 : 1 වත් ලාබෙ එකතු කරනවා කෑම වලට. ඉතින් දැන් වෙළදපොල මිල, උබේ නිෂ්පාදන පිරිවැය, ලාබෙ අතර කොච්චරක් ද ? එක කොතනද තියෙන්න ඕනා කියලා බලන්න
තව සතියට දවසක් ස්පෙෂල් අඩුම දෙන්න ඕනා. ස්පෙෂල් කියන්නේ ෆයිඩ් රයිස්, නූඩ්ල්ස් වගේ වෙනස් දෙයක්.
මේ තුන බලන්න, මේ තුන ගැන බලලා මිල හදන්න.
උබේ වියදම
උබ විකුණන මිල
මාකට් එකේ ඒ වගේ එකක මිල
අවසානයේ කියන්න තියෙන්නේ මේ මිල යන විදිහට හැමදාම ගණන් හද හද ඉන්න වෙන්නේ..... හැමදාම කියන්නේ සති පතා, මාස් පතා...