ඉන්දියාව ධනවත් බලවත් රටක්, නමුත් උන්ගේ ධනය පෙනෙන්නේ නැහැ උන්ගේ අති විශාල ජනගහනය නිසා. බුද්ධිය සමේ වර්ණය එක්ක සම්බන්ධයක් නැහැ. ඉන්දියාවේ ධනවත්ම මිනිස්සු බලන්න, උන් ලංකාවේ මිනිස්සු වගේමයි. ඉතින් හමේ පාට දුප්පත්කම එක්ක පැටලෙන දෙයක් කියල හිතන්න අමාරුයි. ඒ වගේම දියුණුව කියන එකට අපේ අදහස අපි නිර්වචනය කරන අන්දම වෙනස් වෙන්න ඕන, කාලයක් අපි හිතුව එක පවුලකට වාහන දෙකක් තියෙන තඩි නිවසක් තියෙන ඇමෙරිකන් ක්‍රමය කියන්නේ දියුණුව කියල. නමුත් ලෝකේ හැම රටකම ඒ මට්ටමට දියුණු කරන්න නම් මේ පොළොව වගේ තව දෙකක් ඕන, මේ පොලවේ සම්පත් වලින් 1/3 දැනටම අවසන්, එක නිසා දියුණුව කියන දෙයට ඇති නිර්වචනය වෙනස් වෙන්න ඕන. ණය බර අඩුයි නම් ආහාර සුරක්ෂිතභාවය ඉහළ නම්, මිනිසුන්ට හොඳ සෞඛ්‍ය පහසුකම් ලැබෙනවා නම්, අධ්‍යාපනය ලැබෙනවා නම්, මානව හිමිකම් සුරක්ෂිත නම් සහ ආගමික නිදහස තිබෙනවා නම් ඒ දියුණු රටක් කියල කියන්න ඕන.