මැශින් එකේ හැටියට මිළ තීරණය වෙනව... ගල් 2, 6,8 වගේ මැශින් තියෙනව. ගල් 2 මැශිමක් ලක්ශ 3ක් විතර වෙනව...
6,8 මැශින් ලක්ශ 8ක් 10ක් විතර ඇති.
හැබැයි ගල් ගොඩක් එකපාර හදන මැශින් වල ගලේ ප්‍රමිතිය එච්චර හරිනෑ. ගල් ප්‍රමාණෙ වැඩි වෙනව කියන්නෙ, වයිබ්‍රේටර් බෙඩ් එකට එන බර වැඩියි. ඒක වයිබ්‍රේට් කරන්න ලොකු මෝටර් දාන්න ඕනෙ. එතකොට කරන්ට් එකත් වැඩියෙන් යනව...
හරියට වයිබ්‍රේට් වෙන්නෙ නැති එකෙන් ගල ඉක්මනට කැඩි කැඩි යනව...
අද කාලෙ ගල් වලට තියෙන ඉල්ලුමත් එක්ක, ගල් දෙක හදන මැශිමක් ගන්න එක තමයි ලාබ...
ලොකු මැශින් වල, වයිබ්‍රේශන්, ලෝඩින්, අන්ලෝඩින් වලට යන කාලයත් එක්ක බැලුවම, මැශින් දෙකේ කාර්යක්ශමතාවය සමානයි...
සිමෙන්ති මික්ස් කරන මික්ශර් එකකුත් ගන්න... අතින් අනනවට වඩා කාර්යක්ශමතාව වැඩියි...
ගල් වේලෙන්න තියන්න, ඉඩම ඉඩ තියෙන්න ඕනෙ.
සිමෙන්ති කොට්ටෙකින් ගල් 115ක් විතර ගහන්න පුලුවන්.
ගලේ සයිස් අඩු කරන්නෙ නැතුව ප්‍රමිතියට බඩු දෙනවනං බිස්නස් නැතිවෙන්නෙ නෑ...
සද්දේ අඩු මැෂින් එකක් හොයාගන්න. හොඳට නඩත්තු කරගෙන ගියොත් ලොකු අවුලක් වෙන එකක් නෑ. තමන්ගේම වාහනයක් තිබ්බොත් තමයි හොඳ.
සද්දෙ අඩු මැශින් තියෙනව... ඒවයෙ වයිබ්‍රේට් බෙඩ් එක තියෙන්නෙ, රබර් මවුන්ට් උඩ. ඒ මැශින් වල ගල ප්‍රෙස් වෙනව මදි. ගලේ කොලිටි එක මදි. ඉක්මනට කැඩි, කැඩි යනව...
ගල ප්‍රෙස් වෙන්න ලොකු කාලයක්, වැඩි කරන්ට් බිලක් යනව...
වයිබ්‍රේට් බෙඩ් එක ස්ප්‍රින් උඩ තියන මැශින් එක සද්දෙ ටිකක් වැඩියි. හැබැයි ගල තප්පර දෙකෙන් තුනෙන් ප්‍රෙස් වෙනව, හොඳට කොලිටි එකට එනව ගල...
Dan parana un gawa tina machine paranai…press wela gal hedena machine tinawa …ewage block strength…hodata karanawanam business tinawa profit tinawa ..hemathenama karana cheap weda nisa godak un Oya business eken nondi wela inne..genuine karanawanam heta unath market aka hedei ekai thathwe
මේක හරි. ගලේ සයිස් අඩු කරන නිසා තමයි ඔය බිස්නස් එක වැටිල තියෙන්නෙ ගොඩක් උන්ගෙ...
හැබැයි, බ්ලොක් ගල් හයිඩ්‍රොලික් වලින් වගේ ප්‍රෙස් කරන්න බෑ. වැලි මිශ්‍රණයක් ප්‍රෙස් කරන්න වයිබ්‍රේශන් එකක්ම ඕනෙ...
හයිඩ්‍රොලික් මැශින් කියල ඇඩ් කරාට, ඒවයෙ හයිඩ්‍රොලික් වලින් වෙන්නෙ, ඩයි එක උඩ පාත කරන එක විතරයි, ගල ප්‍රෙස් වෙන්නෙ වයිබ්‍රේශන් එකකින්...