මේ වගේ ගතානුගතික... හන මිටි අදහස් හිසේ දරාගෙන ජීවිතයේ ඉදිරිය දිහා බලන අය අදටත් බහුලව අප සමාජයේ සිටිනා බවට කිසිදු සැකයක් නැහැ..
අදටත් පාට වෙනස් කරමින් පක්ෂ දේශපාලනයට බැල මෙහෙවර කරනවානම්...අනෙකාගේ බෙල්ල කපා හෝ තම මඩියම තර කර ගන්නවානම්...මිනී මරන්න...කොල්ල කන්න...ස්ත්‍රින් අමු අමුවේ දුෂණය කරන්න එලිපිට ලයිෂන් ලබා දී තිබෙනවානම් තව මොනවද සමාජයේ එදා සහ අද අතර වෙනස් වෙලා තියෙන්නේ...
මතුපිටින් වෙනස් බව මායාවක් සේ දිස් වුවත් ඇතුලතින් සියල්ල එලෙසමයි..
ඔය ඉහතින් නිර්මානයට පාදක වු වස්තු බීජයත් තව අවුරුදු කොච්චරක් එලෙසම පරපුරෙන් පරපුරට පවතීද??
ඇත්ත ඕකයි..වෙනස් විය යුත්තේ රට නෙවෙයි..රටේ වෙසෙනා ජනතාවගේ චින්තනයයි....චින්තනය වෙනස් වෙන විට රටත් ඒ අනුව වෙනස්වීම්වලට ලක් වෙනවා නොඅනුමානයි...සැබෑ චින්තනයක් හා දැක්මක් ඇති රටක..සමාජයක ඔය වගේ ලේ පැල්ලමක් දිගේ දුවන්න තියෙන ඉඩ ප්‍රස්ථා අවමයි..
නංගී මෙවන් තේමාවක් තෝරා ගැනීම තුලින්ම ප්‍රකට වන්නේ හා විද්‍යාමාන වන්නේ නංගී තුලත් මේ සමාජය ගැන තිබෙනා මහත් පිලිකුල හා කලකිරීමයි..
කතා කල යුතු..සංවාදයට බඳුන් විය යුතු කටුක ඇත්තක්...
ගඳ ගහනා අශිශ්ඨ සමාජ ගොහොරුවක ගිලී උඩ ඒමට බැරිව දඟලනා සුලු ධනේශ්වර චින්තනයේ මහා දෝංකාරායේ සියුම් කෙඳිරිලි හඬක් ඔබ අප අතරට මෙසේ විවර කිරීම ගැන මගේ සහෝදර ආචාරය...
අපුරු කාලීන නිර්මානයක්...නංගිට ජය!!