BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්

    2018.2.20.19h42m39s.jpg

    pahan_tharaka.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්

    නම්වලින් නම් මතක නෑ .
    ආර්.බි. අතපත්තුගෙ පොතක් තියෙනවා ගුනසේන එකේ.
    තව වාසනා එකේ පොත් කිහිපයක්ම තියෙනවා.
    S and T group කියලා ප්‍රකාශක ආයතනයක් තියෙඅවා තාරකා විද්‍යාව ගැනම පොත් විතරක් තියෙන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්

    S&T group කියල එකක් ඇති ඒකෙ බලපං. තනිකර අහස ගැනයි පිටසක්වල ජීවියො ගැනයි පොත් තියෙන්නෙ :D :love:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    විද්‍යා කියලයි වින්ධ්‍යා කියලයි සඟරා දෙකක් කියෙව්වා මතකයි
    වින්ධ්‍යා ආවෙ ගොඩක් ඉස්සරම. මගේ යාලුවෙකුගේ මල්ලි ඒකක් තියන් ඉඳල ඒ කාලේ අම්මලවත් ගෙන්නුවා ඉස්කෝලෙට.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113

    බැදලා ලමයින්නුත් ඉන්නවා නම් ඉතින් මෙලෝ දෙයක් දන්නෑ වෙන්න බෑ ඉතින්:baffled:
    කිව්වේ පොත් වල උගන්නන විද්‍යාව. අනික් එක නෙවෙයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    20 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට ආරම්භ වෙනවා. ඉතින් මමත් නොනවත්වා අති සාර්ථක විසි වෙනි වතාවටත් මෙවර පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙන්න හිතාගෙන ඉන්න අතරේ ප්‍රදර්ශනය ගැන පොඩි දේවල් ටිකක් කතා කරන්න හිතුනා, මුල්ම වතාවට යන කෙනෙක්ට උනත් වැදගත් වෙයි කියල හිතල..

    ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ ලංකාවේ මිනිස්සු පොත් කියවන්නෙ නැහැ කියලනේ. එතකොට කොළඹ පොත් ප්‍රදර්ශනේට එන්නේ ඇමරිකාවෙන්ද හලෝ? නෑ, ඒ එන්නේ මැගී නූඩ්ල්ස් කන්න එන අය. එහෙම කිව්වට ඉතින් ලංකාවේ අපි හිතනවට වැඩි පිරිසක් පොත් කියවනවා. හැබැයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන සෑහෙන පිරිසක් එන්නේ අර කානිවල් එකකට යනවා වගේ ආතල් එකක් ගන්න මිසක්, පොත් ප්‍රදර්ශනයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ කොහොමද කියලා දැනගෙන නෙවෙයි. බලමු මේ දේවල් ඔය හැමෝටම ප්‍රයෝජනයක් වේවිද කියල ..

    - ප්‍රදර්ශනයට වාර්ෂිකව සහභාගී වෙන කෙනෙක් නම් ඔබ දන්නවා සති අන්තය බොහොම කලබලකාරී කියල. හැම ස්ටෝල් එකක්ම වාගේ ජනතාවගෙන් පිරි යනවා. ඒ වගේම මෙවර 24 වන සදුදා පොහොය දින බැවින් 22,23,24 යන තෙදින තුලදීම විශාල ජනකායක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒවා හිතේ තියාගෙන හැකි නම් සතියේ දිනක යන්න බලන්න.
    (ප්‍රදර්ශනය මේ මස 21 සිට 30 වනදා දක්වා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙනවා)

    - ඇතුල්වීමේ දොරටු කිහිපයක්ම තියෙනවා. BMICH ඉදිරිපිට වගේම අනෙක් පස ඇති දොරටු වලින් ඔබට ඇතුල්වෙන්න පුලුවන්. මොන තරම් ජනකායක් ආවත් ටිකට් දෙන ස්ථාන වල වැඩ කාර්යක්ෂම නිසා ඔබට වැඩි වෙලා පෝලිම් වල ඉන්න අවශ්‍ය නැහැ. My Book Club කාඩ් පත තිබෙනවා නම් ඔබට නොමිලේම ප්‍රදර්ශන භූමියට ඇතුල් වෙන්නත් පුලුවන්
    (වාහන වල එන අයටත් ගැටළුවක් නැහැ ප්‍රදර්ශන භූමියේම රථගාල් තියෙනවා. ඒවාට ආරක්ෂාවත් තියෙනවා)

    - ප්‍රවේශපත් පත් කවුළුවෙන් එලියට ආපු ගමන් මැප් එක ගන්න පුලුවන්.. ලේසියෙන්ම ඔයාට ඕන කරන ස්ටෝල් ටික ඒකෙන් හොයාගන්න පුලුවන්. (මට නම් එහෙම මැප් ඕනවෙලා නැත්තේ අවුරුදු ගණනක ඉදන්ම ස්ටෝල් තියෙන තැන් ටික කටපාඩම් නිසා)
    - බොහෝමයක් දෙනෙක් මේ වෙනකොටත් පොත් ප්‍රදර්ශනෙන් ගන්න ඕන පොත් මොනවද කියලා ලැයිස්තුවක් හදලා ඉවරයි. ඒක බොහොම හොඳ වැඩක්. තමන්ට ගන්න ඕන මොන පොත්ද කියලා දැනගෙන යනවා කියන්නේ පොකැට් එකටත් පොඩ්ඩක් සනීපයි කියන එක. මේ පොත් ලැයිස්තුව හදන්න සාමාන්‍යයෙන් පොත් පත් ගැන හොඳ අවබෝධයක් තියෙන එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ උපදෙස් වටිනවා. මොකද ගොඩක් දෙනෙක් ‍රැල්ලට හොඳයි කියන පොත් වලට වඩා පොත් පත් කියවන කෙනෙක් රෙකමන්ඩ් කරන පොත් ලැයිස්තුවට එකතු කරගන්න පුලුවන් නම් ‘අයියෝ සල්ලි’ වීම වළක්වාගන්න පුලුවන්.

    - කොහොමද මේ පාර ඩිස්කවුන්ට් ?
    අන්න ප්‍රශ්නේ. අපි පොත් ප්‍රදර්ශනේට යන්නේ අඩුවට පොතක් දෙකක් ගන්නනේ. එතකොට මුලින්ම කරන්න ඕන දේ තමයි තමන්ට ඕන පොත් වල ප්‍රකාශකයෝ කවුද කියලා දැනගන්න එක. මොකද යම් පොතකට වෙනත් තැන්වල 20% දෙනකොට, එම පොතේ ප්‍රකාශකයෝ ඊට වඩා වැඩි වට්ටමක් දෙන්නත් පුලුවන්. අන්න ඒ නිසා තමයි මුලින් කිව්ව විදියේ පෙර සූදානමක් අවශ්‍ය කරන්නේ. ඔබ අහම්බෙන් අතට ගන්න පොතක් වුනත් මිලදී ගන්න කලින් පොඩ්ඩක් බලන්න ප්‍රකාශන සමාගම මොකක්ද, ඔබ ඉන්නේ ඒ කට්ටියගේ ස්ටෝල් එකේද කියලා.
    එතකොට සමහර වෙලාවලට සමාජ ජාලා පොත් සමූහයන් තුළ ඉන්න සාමාජිකයින්ටත් සමහර ප්‍රකාශකයෝ හොඳ ඩිස්කවුන්ට් දෙනවා. ඒ වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි.
    තව එකක්. ඔතන පොඩ්ඩක් ඔබව අන්දන වැඩපිළිවෙලවල් තියෙනවා. ඒ කියන්නේ පොතේ සැබෑ මිලට උඩින් වැඩි මිල ස්ටිකරයක් ගහලා ඩිස්කවුන්ට් දෙන පොත් ප්‍රකාශක අයියලා එහෙම එහෙන් මෙහෙන් ඉන්න පුලුවන්. ඒ වගේ ගැට වලට අහු නොවෙන්න නම් ඔබ ‘සැප්තැම්බර්’ පොත් කියවන්නෙක් වෙලා බැහැ. සාමාන්‍යයෙන් පොත් වල මිල ගණන් වෙනස් වෙන විදිය ගැන අවබෝධයක් තියෙනවා නම් ඔබටත් පොත් ප්‍රදර්ශනයේ උපරිම ඵල නෙලාගන්න පුලුවන්.

    - සාමාන්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇතුළේ යම් යම් විශේෂීකරණයන් දකින්න පුලුවන්. උදාහරණයක් විදියට ඔය පෑන් පැන්සල් ලිපි ද්‍රව්‍ය අඩුවට ගන්න පුලුවන් තැන් තියෙනවා J, K, L වගේ ශාලාවල. පරණ පොත් අඩුවට ගන්න පුලුවන් බාර්ගේන් පොත් තියෙන ශාලාවේ. පුරාවිද්‍යා මාසික සාර සඟරා සහ ප්‍රකාශන ගන්න පුලුවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ටෝල් එකෙන්. පරණ GO මැගසින් එහෙම ගන්න පුළුවන් විජය පුවත්පත් සමාගමේ ස්ටෝල් එකෙන්.

    - බජට් එකට කියවන්න: පරණ පොත්!
    මේකත් ලංකාවේ ගොඩක් පොත් ප්‍රදර්ශන ලෝලීන්ට මිස් වෙන දෙයක්. ඉංග්‍රීසියෙන් කියවන්න උනන්දුව තියෙන කෙනෙක් නම් අනිවා ඔලුව දාන්න ඕන ස්ටෝල් කීපයක් තියෙනවා. වර්ණසූරිය, සරත් වගේ ස්ටෝල් වගේම සරසවි බාගේන් එකත් යන්න වටින තැන්. බාගේන් පොත් වලට වෙනමම තියෙන කොටසේ මුලින්ම රවුමක් ගහන්න. මේක හරියට මැණික් ගරනවා වගේ තමයි. ඔබ නොහිතන පොඩි ස්ටෝල් එකකින් මුතු මැණික් වගේ වටිනා පොත් පුංචි මුදලකට ගන්න ලැබෙනවා. හැබැයි කරදාසිය ලිපේ දාලා ගිහින් බාගේන් කොටසේ පොත් හොයන්න බෑ. ඒකට වෙලාව තියෙන්න ඕන.

    - සාමාන්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රය ඇතුළේ වැඩිම තදබදය තියෙන්නේ ගුණසේන, සරසවි, ගොඩගේ වගේ ලොකු පොත් ප්‍රකාශන ආයතන මගින් කරන කුටි වල. ගොඩක් දෙනෙක් වෙනත් ප්‍රකාශන ආයතනවලින් ගහපු පොත් ගන්නත් මේ ලොකු වෙළෙඳ නාම තියෙන කුටි ඇතුළට ගිහින් හිරවෙවී ඉන්නවා. බොහොමයක් වෙලාවට මේ තැන්වලට වඩා වැඩි ඩිස්කවුන්ට් එකක් ලබාදෙන්න පුලුවන් සාපේක්ෂව පොඩි ප්‍රකාශන ආයතනයකින්. තරඟකාරීත්වය පවත්වා ගන්න වුවමනා නිසා. ඒ නිසා හැමවෙලාවේම අවශ්‍යම නැතිනම් ලොකු ස්ටෝල් වල හිර වෙන්න එපා.

    - තවත් කරුණක්. මේ ලොකු වෙළෙඳ නාම බොහෝමයක් වෙලාවට සැප්තැම්බර් මාසය පුරාම ඔවුන්ගේ පොත් වලට වට්ටම් ලබාදෙනවා. ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. පොත් ප්‍රදර්ශනේ ස්ටෝල් එකක් ඇතුළේ තෙරපි තෙරපි පොත් ‍තෝරනවට වඩා නිදහසේ පොත් සාප්පුවකින් පොත් ගන්න පුලුවන්, එකම ඩිස්කවුන්ට් එකත් ලැබෙන්න පුලුවන්.
    (මරදාන පැත්තේ අවුරුද්ද පුරාම ඩිස්කවුන්ට් , තෙරපෙන්න කැමති නැත්තම් ඒ පැත්තේ ගිහින් ආවත් පාඩු වෙන්නේ නැහැ)

    - සැප්තැම්බර් මාසේ කියන්නේ ඉර ඔළුව උඩ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා වතුර බෝතලයක්, අවු කණ්ණාඩි කුට්ටමක්, දාඩිය පිහිදන්න ලේන්සුවක් එහෙම අරන් යන්න. ඕවා ඉතින් ඇන ඇන කියන්න ඕන දේවල් නෙවෙයි. කොමන් සෙන්ස්, කොමන් සෙන්ස්!

    - මැගී කන්න බලාගෙන කොළඹ පොත් ප්‍රදර්ශනේට එන නෝනලා මහත්තුරුන්ට එහෙම කියන්න තියෙන්නේ මැගී විතරක් නෙවෙයි, තව ඕනෑ තරම් කෑම ජාති තියෙන ස්ටෝල්ස් පොත් ප්‍රදර්ශන භූමිය ඇතුලේ විසිරිලා තියෙනවා. ඒ හින්දා පොත් අරගෙන ආපු වැඩේ කරගෙන යන්නත් අමතක කරන්න එපා. හොට් ඩෝග් ඕන නම් ඒ පැත්තේ, මයියොක්කා ඕන නම් මේ පැත්තේ, තව ගල්කිස්ස හෝටලෙන් හදන රස කොත්තුව. (නෑ ඒක දැන් රස කියන්නත් බැහැ පහුගිය අවුරුදු දෙක තුනේදී නම් මෙලෝ රහක් නෑ කියල තමයි කියන්න තියෙන්නේ, හැබැයි ඉතින් ගල්කිස්ස හෝටලේ කේක් කෑල්ලක් නම් රහ බැලුවට පාඩුවක් වෙන්නේ නැහැ)
    ගෙදරින් කෑම අරන් එන වැඩේ හොදයි , මොකද කෑම මිලත් විශාල වශයෙන් ඉහල ගිහින් තියෙන නිසා. හැබැයි ගැටලුව ගෙදරින් ගෙනෙන කෑම කන්න තැනක් නැතිව වීම. ඉතින් ඉඩ පාඩු තියෙන තැනක් බලල ඉක්මනින් කාල, කාපුවා බිපුවා අස් කරලා යන්නත් අමතක කරන්න එපා.

    - BMICH කන්ටිමත් තියෙනවා, එතනින් අඩුවට කෑම ගන්නත් පුලුවන් හැබැයි කෑම වල ගුණාත්මකභාවය ගැන නම් සතුටු වෙන්න බැහැ.

    - හැමදාම වගේ අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ බෑග් එකක් අරන් යන්න කියන දේ. ඒ නිසා ලොකු බෑග් එකක් අරන් යන්න.
    (මේ පාර ඇතුල්වීම් දොරටුවෙන් පරිසර හිතකාමී බෑග් මිලදී ගන්න පුලුවන් රු 30 ක් කියලයි කියන්නේ.( ඕව කඩාගෙන වැටෙයිද දන්නේ නැති නිසා හොද හයිය බෑග් අරන් එන්න )

    - තව වැදගත් දෙයක් තියෙනවා, මේ දවස් වල එක හෝසේට පොත් එලියට එනවා. මුද්‍රණ ආයතන වල වැඩ කරන අයට පිස්සු වගේ.. ඉතින් මේක තනිකරම තරඟයක් නිසා උදේ රෑ නැතුව පොත් මුද්‍රණය වෙනවා. ඒ නිසා අලුත් පොත් ගන්නකොට පොඩ්ඩක් පෙරලලා බලලා ගන්න. එහෙම කියන්නේ ඔයාලගේම හොදට.. ගෙදර ගිහින් කියවද්දී පිටු අඩු නම්, එක වගේ තවත් පිටු වැදිලා නම්, මුද්‍රණය නොවුණු පිටු එහෙම තියෙනවා නම් අපරාදයක් නේ.. පොත අදාළ ප්‍රකාශන ආයතනයෙන් මාරු කරගන්න පුලුවන් උනත් ආයේ යන එක කරදරයක් නේ. ඒ නිසා ඒ දේවල් ගැනත් කල්පනාවෙන් ඉන්න.

    - බෞද්ධ පොත් පත් හොයන අයට බෞද්ධ සංස්කෘතික මද්‍යස්ථානෙන් වෙනම හෝල් එකක් තියෙනව. එතන ඇත්තටම ඉතාම වටිනා බෞද්ධ ග්‍රන්ථ විශාල වසයෙන් තියෙනවා. ගිහින් බලන්න.

    - පුරුදු ඉදිහට සිරිමාවෝ ශාලාවේ තමයි වැඩිම ජනකායක් ඉන්නේ. ඇයි ඉතින් ඒක ඇතුලේ ඒ.සී නේ.. ඉතින් ඇතුලට යන අයත් එන්න ටිකක් පරක්කු වෙනවා. හොද පරිවර්තන කෘති තිබෙන විදර්ශන, විජේසූරිය, සූරිය, දයාවංශ වගේ ප්‍රකාශන ආයතන තියෙන්නේ ඒක ඇතුලේ ඒ නිසා ඇතුලේ ගිහින් හොද පොත් ටිකක් ගන්න.

    - ප්‍රදර්ශනයේ මන් යන්නෙම නැත්තේ ගුණසේන කුටියට.. පිට වීම වෙනම ඇතුල්වීම වෙනම.. සෙනග ගොඩේ ඔය පිළිවෙල එක විකාරයක්.. අනික එතන ඉන්න අය හිතාගෙන ඉන්නේ ඒ ස්ටෝල් එකට එන්නේ මිනිස්සු පොත් ගන්න නෙවෙයි හොරකමේ කියල, නිකන් බලල ගියත් පොත් අරන් ගියත් හරියට සෝදිසි බෑග් ඇතුලේ.. පුලුවන් නම් ඒ ඈයෝ රෙදිත් ගලවලා බලනවා. ඉතින් කියන්න තියෙන්නේ අවශ්‍යම නම් විතරක් ඒ පැත්තේ යන්න.

    - තව ඉතින් පොත් වලට අමතරව මේ දින 10 පුරාවටම පොත් එළිදැක්වීම්, සංවාද මණ්ඩප වගේ ඒවත් තියෙනවා ඒවටත් ඔබට සහභාගී වෙන්න පුලුවන්.

    - කවි වලට කැමති අයට කැටපත් පවුර පුරුදු විදිහටම තියෙනවා. කවි ලියල එන්න, කියවන්නත් එතැනදී පුලුවන්, BMICH එකේ අරලිය ගස් කීපයක් තියෙන්නේ ඒ පාරෙම BMICH කැන්ටිම කිට්ටුව තමයි ඕක තියෙන්නේ.

    - අවසාන වශෙයන් කියන්න තියෙන්නේ ඔබව හාවෝ කරන්න කට්ටියකුත් ඉන්නවා.. ඒ අයගෙන් ප්‍රවේසමෙන්, ලංකාවේ ඕනම තැනක වගේ මෙතනත් මගඩි නැ‍ටුම් තියෙනවා. උදාහරණයක් විදියට ආසාවෙන් පොත් අතපත ගගා ඉඳලා පොත් ගන්න සල්ලි මදිවුනාවගේ රඟපාලා ඔබෙන් දත ගලවන්න ට්‍රයි කරන අයියලා මෙතන ඉන්නවා. එතකොට පොත් වල සිහියෙන් ගත්ත පොත් ටික පෙරළා බලන උනන්දුවෙන් ‍ටුක් ‍ටුක් වලට අත දානකොට මීටර් තිබුණත් වැඩ නැහැ කියලා ඩබල් හයර් එක ඉල්ලන ත්‍රීවිල් අයියලත් ඔය හරියේ ගැවසෙනවා. එතකොට පික්පොකට් කාරයෝ එහෙමත් නැහැයි කියන්න බැහැ. ඒ නිසා පොත් වල සිහියෙන් ඔළුව හැප්පුණු කුකුල්ලු වගේ පොත් ප්‍රදර්ශනේ වටේ යන්නෙ නැතුව පොඩ්ඩක් සිහි කල්පනාවත් ටියුන් කරලා තියාගන්න!
    පොත් ගන්න, පොත් වල මිහිර විදින්න, කතුවරන් හමුවෙන්න, ඔවුන් සමග කතා බැහැ කරන්න, සෙල්ෆියක් ගන්න, යහළු යෙහෙළියක් හමු වෙන්න හැමෝම එන්න කියල ආරාධනා කරනවා.
    ගිය වසරවල් වලට සාපේක්ෂව මෙවර පොත් මිල ඉතා ඉහලයි, ඒක අවුරුදු ගණනක් එක දිගට ආපු අයට විශාල පාඩුවක්, මිල වැඩි වීම, ගන්න පුලුවන් පොත් ප්‍රමාණය අඩුවීම කියන කාරණා වගේම රටේ දැනට පවතින ආර්ථික තත්වයත් එක්ක හැමෝටම ආර්ථික අපහසුතා තියෙනවා.

    ඔබ සියලු දෙනාටම වැඩි වැඩියෙන් වාසි ලැබෙන පොත් වසන්තයක් වේවා!
     
    :D
    හෙට පටං ගන්නව :D
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    upulpdn අයියෙ

    පරණ කාර්ටූන් තියෙන ස්ටූල් එක තියෙන තැන දන්නවනම් කියන්නකො.

    එතකොට මට රස්තියාදු වෙන්න ඔනෙ නෑ . ගියා ගත්තා ආවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    upulpdn අයියෙ

    පරණ කාර්ටූන් තියෙන ස්ටූල් එක තියෙන තැන දන්නවනම් කියන්නකො.

    එතකොට මට රස්තියාදු වෙන්න ඔනෙ නෑ . ගියා ගත්තා ආවා

    නිකං ආසාවට වගේ පොතකුත් අරං එන්න :sorry:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    නිකං ආසාවට වගේ පොතකුත් අරං එන්න :sorry:

    එකක් දෙකක් වගෙ ගන්න ඔනෙ, ලමා කතන්දර ,
    තව බණ පොතක් ගන්න ඔනෙ රේනුකානෙ හිමියන්ගෙ

    අරන් ඇවිත් ගත්තු එවයෙ ෆොටො එකක් ගහලා දාන්නම් :D
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකක් දෙකක් වගෙ ගන්න ඔනෙ, ලමා කතන්දර ,
    තව බණ පොතක් ගන්න ඔනෙ රේනුකානෙ හිමියන්ගෙ

    අරන් ඇවිත් ගත්තු එවයෙ ෆොටො එකක් ගහලා දාන්නම් :D

    :baffled:
    සිබිල් වෙත්තසිංහගෙ පොත් ටික ගන්න අන්න ලමා කතා :love: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    upulpdn අයියෙ

    පරණ කාර්ටූන් තියෙන ස්ටූල් එක තියෙන තැන දන්නවනම් කියන්නකො.

    එතකොට මට රස්තියාදු වෙන්න ඔනෙ නෑ . ගියා ගත්තා ආවා

    හෙට උදේ කියන්නම්කො හොයලා...

    සාමාන්‍යයෙන් A කියන හෝල් එකට එන්ට්‍රන්ස් ළඟ තියෙනවා... ඇ හෝල් එකෙත් තියේ

    wHnkhRU.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හෙට උදේ කියන්නම්කො හොයලා...

    සාමාන්‍යයෙන් A කියන හෝල් එකට එන්ට්‍රන්ස් ළඟ තියෙනවා... ඇ හෝල් එකෙත් තියේ

    wHnkhRU.jpg

    :confused:
    උපුල් මාම bmich එකේද ඉන්නෙ ? පටං ගන්නත් ඉස්සෙල්ල කොහොමද සිතියම හම්බවුනේ ? :confused: