බුක්ෆෙයා එක දැන් ප්‍රෝඩාවක් වෙමින් යනවා. ගොඩක් ඩිස්කවුන්ට් අඩුයි. ඉස්සර නම් ලොකුගනන් ලැබුනා. දැන් 20%වගේ තමා උපරිමත්. මරදානේ පොත්කඩවලට ගියොත් අවුරුද්ද පුරාම ඔයිට වඩා අඩුවට පොත් ගන්න පුලුවන්. සරසවි වෙයාහවුස් එකෙත් ගොඩක් ඩිස්කවුන්ට් දෙනවා. අනික ඔන්ලයින් ඔඩර් කරන සයිට් වලත් බුක් ෆෙයා එකේ ගානම වගේ ඩිස්කවුන්ට් දෙනවා.
අනික උබලාට හිතෙන්නනේ නැද්ද පොත් වල මිල ගනන් එහෙමත් අසාමාන්‍ය මිල ගනන් දාන්නේ කියලා?
බිග් බැඩ් වුල්ෆ් එනවානේ ලගදිම. එකට සල්ලි ඉතිරි කරගන්න. හොද පොත් ටිකක් ගන්නපුලුවන් වෙයි
මේක නම් සහතික ඇත්ත බන් , දැන් එහමත් එකක තමා 20% ට වැඩි ඩිස්කවුන්ට් එකක් දෙන්නේ, අනිත් එක පොරකකා ඔය discount එකට පොත් තොරනවටත් පාඩුයි කියල හිතෙනවා , සරසවියට වගේ ගියානම් පොත් ටික ඔක්කොම ඒ ගානට ගන්න පුළුවන් , ග්රන්ථ එකට වගේ ගියානම් කිසිම කරදරයක් නැතුව ගෙන්න ගන්න පුළුවන් ලාබෙටම
මන් ගිය සැරේ දැක්ක දෙයක් තමා පොත් ප්‍රදර්ශනේ දවස් වල ගහපු පොත් සෙට් එකේ ගැන පොඩ්ඩක් වැඩි හැබැයි දැන් ඒ පොතම තියෙනවා ඒ quality එකම පොඩ්ඩක් අඩුවෙන්
ඒ දවස් වල බුක් ෆෙයා යන එක වාසි , දැන් නම් බොරු වියදමක් විතරමයි කියල හිතෙන්නේ .. මේපාර යනවාද කියන එක කල්පනා කරනවා
අනිත් එක කොරෝනා නිසා සෑහෙන්න තද බදයකුත් තියෙයි