BMW ළඳ අත්අඩංගුවට
පොලිසියට සද්ද දැමූ BMW ළඳ අත්අඩංගුවට
ඇය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මේ වන විට තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. පසුගිය 13වන දින රාත්‍රී 8ට පමණ මාළඹේ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර අදාල කාන්තාව විසින් රථය ධාවනය කරන අවස්ථාවේදී ඇයගේ කුඩා දරුවෙකු රියදුරු අසුනේ හිඳවාගෙන පැමිණ තිබෙනවා. එමෙන්ම ඇය එක් අතකින් දරුවා අල්ලාගෙන අනෙක් අතින් සුක්කානම අල්ලාගෙන පැමිණ ඇති අතර එය දුටු අවස්ථාවේයි රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් ඇයව නවත්වා ඇත්තේ.වචන හුවමාරු වන අවස්ථාවේදී ඇය විසින් දඩ කොලය ඉරා දැමීමට උත්සාහ කිරීම වරදක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන අතර ඇය විසින් පොලිස් නිලධාරියාගේ හිස්වැසුම එම ස්ථානයෙන් රැගෙන යාමද වරදක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ. එය රාජ්‍ය දේපල සොරකම් කිරීමේ වරදක් බවත් ඔහු පවසනවා. එමෙන්ම රාජකාරියට බාධා කිරීමත් අපරික්ෂාකාරී ලෙස වාහනය ධාවනය කිරීමත් යන වරද මත ඇය අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.එමෙන්ම ඇය අද දින උසාවියට ඉදිරිපත් කර ඇති අතර ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව පොලිසිය පවසනවා.