මොකද්ද මේ සීන් එක.. අලුත් නීතියක්වත්ද ?
අවුරුද්දකට කිට්ටු ඇති බං(වැඩිදත් මංද

)
එහෙම සීන් එකක් තියේද බං? මගේ නම් BOC එකේ අකවුන්ට් 3ක් තියෙනව. එහෙම අවුලක් වෙලා නම් නෑ. තව ComBank,NTB,Peoples,NSB ඔය සෙට් එකේම තියෙනව.
මගෙත් කලින් ඕපන් කරලා තියන ඒව තියනව, Com bank එකේම තුනක් තියනවා.
ඕක ඉස්සර ඉඳන් තිබිලා තියනවා නමුත් ඒක ඒ තරම් ලොකුවට බලලා නැහැ
පාස්කු සීන් එකෙන් පස්සෙ ඒක සැරටම බලනවා
එකවුන්ට් එක ඕපන් කරන්න දෙන්නෙ තමන්ට ලඟම බ්‍රාන්ච් එකේ විතරයි, එක ජාතියක එකවුන්ට් එකයි ඕපන් කරන්න දෙන්නෙත්.
වෙන බ්‍රාන්ච් එකක එකවුන්ට් එක තියනවා නම් ලඟ තැනකට ට්‍රාන්ස්ෆර් කරනන්න පුලුවන්, ප්‍රයිවෙට බැංකු වලත් මේ සීන් බලනවා හොඳටම දැන්. NIC ඇඩ්‍රස් එකට ලඟම බ්‍රාන්ච් එකේ ඕපන් කරන්න දෙන සීන් එක නම් සැරටම බලනවා
වෙන බ්‍රාන්ච් එකක ඕපන් කරනවා නම් proof දෙන්න ඕන, උදාහරනයක් විදියට කෙල්ලෙක් බැඳල කොහෙ හරි දුර පලාතක ගිහින් ඒ පලාතෙන් එකවුන්ට් එකක් ඕපන් කරනවා නම්, හස්බන්ගෙ නමට ආපු යුටිලිටි බිල් සහ මැරේජ් සටිෆිකට් එක ඕන. අමමා හරි තාත්තාගෙ නමට නම් බිල් එන්නෙ birth certificate එක ඕන, ඒ වගේ.