ඇත්තටම සිංහල අයට නරකක් වේගෙන එන බවක් නම් පේනව,නමුත් ඒකට නියම නායකත්වය දෙන්න දේශපාලන ගේම් වලින් තොර එකම සංවිධානයක්වත් පේන්න නැහැ..එනිසා වෙන වෙන කන්ඩායම් අවස්තාව ප්‍රයෝජනයට ගෙන තමන් කැපී පෙන්නෙ හදනවා,,වැඩක් අරමුනක් නැතුව කැමරාවක් ඉස්සරහට ඇවිල්ල මයික් එකකට කතා කරල නිව්ස් වලදාල තමන් සිංහලය වෙනුවෙන් මැරෙන්න ඉන්න අය කියල පෙන්න ගන්න එක විතරයි කරන්නෙ,,විල්පත්තුව තව ත්ව ඩෝසර් වෙනව,,අරාබි ක්‍රමයට විශාල කොටු තාප්ප මුරකනු වලින් පිරිච්ච නගර නිර්මායන වෙලා ඉවරයි..මේ රටේ වෙනම රටවල් වගේ නිර්මානය වෙලා
රට පුරා සිංහලේ කියල Fashion එකක් වගේ යනව,,මේකෙ ආරම්බයෙ ඉදල බලනකොට මෙකෙ නිර්මාතෘ තමන්ගෙ අතේ fashion එකට පච්චයක් කොටාගෙන එයාගෙ බිරිද එක්ක පොටෝ එකක් ෆේස් බුක් එකේ දාපු තරුණයෙක්.එනිසා මේ සිංහලේ කියල සංවිධානාත්මක වියාපාරයක් හරි,නිශ්චිත අරමුනක් හරි පේන්න නැහැ. කෙසේ වෙතත් තමන්ගෙ උප්පැන්නෙ හරි සිංහල කියල තියෙනව කියල මතක් වෙන එක නරක නැහැ.
රටක ඉන්න සියලු ජාතින් තමන්ගෙ ජාතියගැනම කිය කිය අනුන්ට නිගාකරන් නැත්නම් ,හිතාමතාම අනෙක් ජාතින්ගෙ ජාතික සංස්කෘතිය වටිනාකම්,නටබුන් විනාශ කරමින් රටේ බලය අල්ලන්න කූට උපාය යොදන් නැත්නම්..රටේ සියලු ජාතින් ජාති ආගම් කුල මල මොනව උනත් මනුස්සයො විදිහට සතුටින් එකට ඉන්නවනම්,,ඔය ජාති බේද,ජාති උස් පහත් කිර්‍රිම් අවශ්‍ය වෙන්නෑ..නමුත් එක් ජාතියක් හරි උපායක්‍රමිකව කූටලෙස අනෙක් ජාතියක් වට්ටල රටේ උඩට එන්න හදනවනම්,අනික් ජාතින්ටත තමන්ගෙ ජාතිය ගැන,ජාතියෙ අභිමානය ගැන කතා කරන්න වෙනව.
කෙසේ උනත් ජාතිකතවයක් ගැන කතා කරනව්නම්,ඒ ජාතියෙ අනන්‍යතාව රැදිල තිබෙන සංස්කෘතිය,වටිනාකම්,ඉතිහාසය කතා කරන්න වෙනව..ඒව රැකගන්නත් වෙනව..සිංහලේ ගැන කතා කරනවනම් සිංහල සංස්කෘතිය බල්ලට දාල සිංහලයො කලු සිද්දන්ටත් අන්ත විදිහට හැසිරිලා,,පිස්සු නටමින් සිංහලයක් ගැන කතාකරන්න බෑ,,ඒක අනික් ජාතිත් හිනස්සන වැඩක්,
බොදු බලයවත්,රාවනා බලයවත්,මොකක්වත් අපි දැකල නෑ.සිංහල පරම්පරාවෙ සංස්කෘතිය,වටිනාකම්,අනන්‍යතාව රැක ගන්න උපාය යොදමින්,ජනතාව දැනුවත් කරමින් සිංහල සංස්කෘතික උරුමය වටිනාකම් රැකගන්න වැඩ කරනවා.
ජාතිකත්වයක් ගැන කතා කරල වැඩක් නෑ ඒ ජාතියෙ සංස්කෘතිය රැකගන්න උවමනාවක් නැත්නම්.
අලුත් පරම් පරාවට ඕන විස්කි බීල, සිගරට් බීල, පාටි දාල.හෙලුවෙන් නටල,යට ඇදුම් ගලවල විසිකරල සුද්දටත් එහා ගිය අන්ත කාම ලිබරල් සංස්කෘතියකට යන්නනම් ඒකට සිංහලේ කියල එකක් වැඩක් වෙන් නෑ,,
සිංහල සංස්කෘතිය තව දුරටත් අවශ්‍ය නැත්නම්, සිංහලේ කියල කියල එහෙ එහෙ දුවල වැඩක් නෑ..
2030 වෙනකොට දෙමල මනුස්සය දෙමල සංස්කෘතිය ආරක්ශාකරගෙන සිටීවි
2030 වෙනකොට මුස්ලිම් මනුස්සයත් වෙනස් නොවී තමන්ගෙ අනන්යබව රැකගෙ ඉදීවි
2030 වෙනකොට සිංහල කියල අනන්‍යතාවක් තිබේවිද? නැත්නම් සිංහල කියල එදාට දකින්න ඉන්නෙ හිපියොන්ටත් අන්ත දුර්වල කිසිම ජාතිය්ක අනන්‍යතාවක් නැති ජන කොටසක් ද
නැත්නම් උප්පැන්නෙ විතරක් සිංහල කියල බලාගන්න පුලුවන් වේද..
කරනවනම් දෙයක් හරියට කරන්න
අරමුනක් ඇතුව කරන්න
බොදුබලේට රාව්නා බලයට ඉස්සර ගොඩක් සෙනග හිටිය,,මිනිස්සුන්ටත් ඕන වෙනා තිබ්බ මේ අය එක්ක එකතුවෙලා රට ආගම රකින්න,,,නමුත් මේ සංවිධාන වල පුලුල් නිශ්චිත වැඩ පිලිවෙලක් තිබ්බෙ නෑ,,තමන්ගෙ සිංහල බෞද්ධය,තරුණ පරම්පරාවෙ සිංහලකම,සිංහල සංස්කෘතිය අය වටහල දීල ඒව රැගන්න කියල උපදෙස් දෙන්න,,සිංහල සංස්කෘතික අනනය්තාව නැත්නම් එදාට සිංහල කමක් ඉතුරු වෙන් නෑ කියල කියල දෙන්න..අනුන්ගෙ ලනුකාල පිස්සු නටන පරම් පරාවට..ඉගෙනීම අත්හැරල සුපර් ස්ටාට්,මොඩෙල් වෙන්න මිරිගු පස්සෙ යන දරුවනට හරිදේ කියල දෙන්න බැරි උනා මේ අයට..මේ ගොල්ලන්ට තේරුන් නෑ තාම තේරෙන් නෑ..සිංහල දරුවන්ගෙ හැසිරීම වැදගත් කම හදන්න..මේ දරුවො නියම සිංහල දරුවො කරල සිංහලය හදහා මේ පරම්පරාවට හරිදේ කියල දෙන්න..උදේට දිවයින,ලංකාදීප පත්තර බලල පොඩ්ඩක් හිතන්නෙ දැනටමත් මේ රටේ ඉන්න අය වැඩකරන්නෙ සිංහලේ වගේ ද කියල.
ඉතින් බොදුබලේ සිංහලකම බෞද්ධකම සංස්කෘතික වැටිනාකම් රකීවි කියල මිනිස්සු ලක්ශ ගානක් ඒ අය වටා රොක් උනා ඉස්සර..නමුත් මේ වටිනා අවස්තා බොදුබලේ වගේ අය අත්හැරිය,අයාල සිංහලකම,සිංහල සංස්කෘතිය රකින්න කිසි දෙයක් කලේ නෑ..සංස්කෘතිය අමු අමුවෙ විනාශකරනව පෙනි පෙනිත් ඒව විවේචනය කලේ නෑ..ඉතින් මිනිස්සුන්ට එපා උනා..මිනිස්සු නන්නත්තාර උනා..
එකපාරක් සොම හිමිගෙ අපව්ත්වීම පෙන්නල කට්ටියක් සිංහලකම ඕන කියපු මිනිස්සු රැවැට්ටුව..දෙවෙනි පාර මේ රාවන,බොදුබලේ වගේ අය ඒ දේම කලා
අවසන් වශයෙන්,,සිංහලේ කියල දෙයක් පවතින් නෑ සිංහල කියල සංස්කෘතික අනන්‍යතාව විනාශය වෙලානම්..
එහෙනම් සිංහල සංස්කෘතිය විනාශ කරන,මුදලට විකුනන එවුන්ට විරුද්ද වෙන්න වැඩ පිලි වෙලක් ඕන
සිංහලකම රකින්න දූ දරුවන් දෙමාපියන් දැනුවත් කරන වැඩසටහන් ඕන...
"සිංහලේ කියල ඉන්නෙ බාගෙට හෙලුවෙන් අදින,මත් පෙති බොන,කාමය වරදවා හැසිරෙන,අම්ම තාත්ත දුව අදුරන් නැති,නයිට් ක්ලබ්වල දවස ගෙවන සෙට් එකක් නම්,,ඒ සිංහලෙ බොරු මායාවක් නෙ..එහෙමනම් හික්කඩුවෙ හිපියො ටිකක් තියල සිංහලේ කියල බැනර් එකක්දාගෙන හිපියොත් සිංහලේ කියල කියා ගත්තට කමක් නෑනෙ"
ජාතික අවශ්‍යතාවක් තියෙන වෙලාවක,ඒ අවස්තාව බොරුකාරයො සෙට් එකක් බැහැල,මිනිස්සු අන්දල ඒ ස්වර්නමය අවස්තා විනාශකරනවනම් ඒක අපරාධයක්..ඇත්තටම සිංහලකම රකින්න ඕන කියන නියම මිනිස්සුන්ටත් ඉස්සරහට එන්න බැරිවෙනව එතකොට
සිංහලය කියන්නෙ කවුද? ඒ මොනවගේ අනන්යතාවට්ක් තියෙන කෙනෙක් ද ? ඒ වටිනාකම් ඉස්සරහටත් රැකගන්න මොනාද ගත් පියවර? සිංහලයෙක්ම වෙලා ඉපදිලා සිංහලකම ට ලැජ්ජ කරන,සිංහලකම විනාශකරන අයට එරෙහිව ගන්න පියවර මොනවද ? අනාගත දූදරුවන්ට සිංහලකම රැකගන්න අවශ්‍ය විදිහ කියල දෙන්න මොනාද කරල තියෙන්නෙ ?
එහෙම ඕන නැත්නම් සිංහලකම කියල දෙයක් ඕන නෑ,,ලැබෙන දෙයක් කාල පිස්සුවක් නටල අද ගන හිතල විතරක් ඉමු..ලිංමැඩියො වගේ ඉන්න බෑ,,ඇමෙරිකාවෙ අය පොශ්,,ඒවගේ වෙන්න් ඕන,,උන්වගේ හැසිරෙන්න ඕන..ඒක තමා නිදහස,,ඒක තමා හරිම දේ කියල කියන්න