මචන් කොල්ලෙක් උනාම පරණ දේවල් මතක් කර කර නිකන් නාස්ති වෙන්න එපා.උඹ එයා ගැන හිත හිත ඉන්න වෙලාවේ එයා එයාගේ කොල්ලත් එක්ක ආතල් එකේ ඉන්නවා ඇති.
කිසිම කෙනෙකුට ඕනවට වැඩිය ආදරේ කරන්න යන්න එපා.මුලින්ම තමන්ට ආදරේ කරන්න පුරුදු වෙයන්.එතකොට ජීවත්වෙන්න ආස හිතෙනවා.තමන්ගේ අම්මා,තාත්තට සහෝදර,සහෝදරියන්ට ආදරය කරන්න පුරුදු වියන්.මොකද ඒ මිනිස්සු කවදාකවත් උඹව දාලා යන්නේ නෑ.ජීවිතේ ගැන පොඩ්ඩක් හිතලා බලපන් නිදහසේ ඉන්න වෙලාවේ.තමන්ට තමන්වත් අයිති නැති ලොකේ අපි කොහොමද බන් තවත් කෙනෙක් අයිති කරගන්නේ.
ආගම දහම පැත්තට යොමු වෙයන්.හිත නිකන්ම හැදෙනවා.ජීවිතේ අඩුපාඩු හදාගනින්.අපේ තිබිච්ච අඩුපාඩුවක් නිසානේ කෙල්ලො අපිව දාලා යන්නේ.
එතකොට ඒ අඩුපාඩු හදාගත්තා කියන්නේ උඹ නිකන්ම සාර්ථක වෙනවා.හැම දේකම හොද් පැත්ත දකින්න පුරුදු වෙයන්.