“මට කරපු අපහාසය ගැන කණගාටුවෙනවා” – Brandix පළමු ආසාධිත කාන්තාව මාධ්‍යයට කියයි.
තමන් රැකියා ස්ථානයට හැර වෙනත් කිසිඳු ස්ථානයකට ගොස් නොමැති බව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරේ පළමුවරට සොයා ගත් ආසාදිත කාන්තාව පවසයි.
ඇය වැඩිදුරටත් පවසන්නේ උදෑසනින් රැකියා ස්ථානයට යාමට අදාල රථයට ගොඩවූ පසු නැවතත් නිවසට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදී බැවින් කඩයකට යාමටවත් ඇයට වේලාවක් නොමැති බවයි.
අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවට යම් පරීක්ෂකවරුන් පිරිසක් පැමිණියද ඔවුන් ඉන්දියානු ජාතිකයන්දැයි නොදන්නා බව මෙහිදී ඇය පවසා සිටියා.
තමන්ට එල්ලවන මඩ ප්‍රචාර පිළිබඳව තමා ඉතාමත් දුක්වන බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.