Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අදුරන කෙනෙක්ගේ නෑදෑ කෙනෙක්ට හැදිලා. ඒයලගෙ මරන ගෙයක් තිබිලා එකට අපු ඔක්කොම කොරන්ටයින්.
    කොහෙද
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    කාසල් රෝහලේ ගැබිනි මවකට කොරෝනා…

    කාසල් රෝහලේ සිටි ගැබිනි මවකට කොරෝනා ආසාදනය වී ඇතැයි හදුනාගෙන ඇත.

    ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරිනියක් යයි රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේය.

    කොරෝනා ආසාදිත ගැබිනියන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිලිවෙලකදී ඇය හඳුනා ගත් බවද ඔහු කියා සිටියේය.

    ඒ අනුව එම මව මුල්ලේරියාව සඳහා රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ආනමඩුවේ පැත්තක් ලොක්ඩවුන්..


    ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරන නම් සීමා පැනවීමට කටයුතු කර ඇත.

    එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

    ඒ සමඟම ඔහුගේ ආශ්‍රිතයන් නිරෝදායනය සඳහා යොමු කිරීමට ද කටයුතු කර තිබේ.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආනමඩුවේ පැත්තක් ලොක්ඩවුන්..


    ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරන නම් සීමා පැනවීමට කටයුතු කර ඇත.

    එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

    ඒ සමඟම ඔහුගේ ආශ්‍රිතයන් නිරෝදායනය සඳහා යොමු කිරීමට ද කටයුතු කර තිබේ.
    අර එයාපෝට් එකේ ක්ලීනින් කරන ගෑණු කෙනා ගාමන්ට් එකේ අයත් එක්ක බෝඩිමක හිටිය කියනවනෙ ඒ ගෑණු කෙනාගෙන් මේ කොල්ලට හැදෙන්ඩ ඇති..මාර වේගෙන් පැතිරෙන්නෙ අගක් මුලක් හොයාගන්ඩ බැරි උනාම.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    අර එයාපෝට් එකේ ක්ලීනින් කරන ගෑණු කෙනා ගාමන්ට් එකේ අයත් එක්ක බෝඩිමක හිටිය කියනවනෙ ඒ ගෑණු කෙනාගෙන් මේ කොල්ලට හැදෙන්ඩ ඇති..මාර වේගෙන් පැතිරෙන්නෙ අගක් මුලක් හොයාගන්ඩ බැරි උනාම.
    https://elakiri.com/threads/කොරොනා-රටටම-දුන්න-ගෝටාගේ-වියත්-මගේ-අශ්රොෆ්-ඔ්මාර්-ය.1956018/

    යටින් යටින් මේ කතාවත් යනවා බං සැරටම
     
    • Like
    Reactions: D_Mad

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    තවත් දුම්රිය ස්ථාන 18ක දුම්රිය නොනැවත්වීමට තීරණයක්


    ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක අද (07) රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසයි.

    ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් (ගමන්වාර 30ක්) තාවකාලිකව අත්හිටුවන බවද ඔවුන් පවසයි.

    පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වා ද අද රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වා ගමන් කරන බව වාර්තා වේ.

    දුම්රිය බලධාරීන් පැවසුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ මෙම තීරණ ක්‍රියාත්මක බවය.
     
    • Like
    Reactions: SuperX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    අන්න එකේ වැඩ කරන ගොඩක් උන් උන්ගේ ගුණ කියනවා...උබ මේ නඩු දාන කතා කියනවා...අපේ තාමත් තියෙන්නේ වහල් ගතිය ඇරිලා නැහැ...තමන්ගේ company එක පුපේ ඇරියත් උන්ට කඩේ යනවා
    E guna kiyanne puka dila executive giya un
     
    • Like
    Reactions: hi.dushan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    Looks like this will end up being another unresolved Covid mystery. Unless a plausible explanation is found or offered, we could just probably guess that Covid can be air-flown. :P
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    නැගෙනහිර පලාතෙන් කොරෝනා ආසාදිත සිසුන් හමුවෙයි..


    කොරෝනා ආසාදිත සිසුන් කිහිප දෙනකු නැගෙනහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.

    කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කිහිප දෙනෙකු දැනටමත් නිරෝධ කර ඇතැයි ද ඇය සඳහන් කරයි.

    මේ තත්ත්වය මත නැගෙනහිර පළාතේ කන්තලේ, දෙහිඅත්තකණ්ඩිය, මහඔය කලාප වල කොරෝනා පැතිරී යාමේ අවදානමක් ඇති බවද ඇය කියා සිටී.

    ඒ හේතුවෙන් පළාත තුළ සියලුම උපකාර පන්ති නැවත දැනුම් දෙන අත්හිටුවීමටද කටයුතු කර ඇත.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හබරාදුව කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින් 34 දෙනෙකුට කෝරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ඊයේ රාත්‍රි (07දා) තහවුරුවිමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරිමට පියවරගත් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    A 64-year-old woman from Yakkala area died after entering to Galakanda Quarantine Centre. Women's death has been due to heart attack - Army Commander
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    1602126755220.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Sri Lanka for the first time conducts more than 5,000 PCR tests in a single day. 5608 tests were carried out yesterday. Total tests - 308,989.

    16 more COVID-19 cases reported from multiple districts in the country : Army Commander
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්… බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක..


    දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

    දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.

    නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.

    එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.

    කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්‍රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.