සමහර අයගෙ ජානවලම තියෙන ලෙඩක් තමයි වෙන කෙනෙක් පොඩ්ඩක් ඔළුව උස්සගෙන එනකොට හැදෙන "කාලා ඉන්න බැරි" අමාරුව. මේක හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. හැබැයි ඒක කන්ට්රෝල් නැතුව පිටට පැන්නහම තමයි වැඩේ කැත වෙන්නේ.
තමන් දන්නා කාලේ තමන්ගේ මට්ටමේ හිටපු එකා ඊට වඩා උඩට යනකොට අපේ උන්ට ඉවසන්න බෑ.
දැන් අර Alakiriboola කියන කොල්ලට වෙලා තියෙන්නෙත් ඕකමයි.
පොර කාටවත් කරදරයක් නැතුව, දේශපාලනයක් ගාවගන්නෙ නැතුව, කෑම වීඩියෝ ටිකක් කරගෙන හෙනම ඔතෙන්ටික් වයිබ් එකක වීඩියෝ දාගෙන අහිංසක විදියට හිටපු මනුස්සයෙක්. පොරගේ වීඩියෝ වල තිබුණේ අමුතු කාල්ම් වයිබ් එකක්. කිසිම ආටෝපයක් නෑ, හෙනම නැචුරල් ගතියක් තිබුණා.
හැබැයි එකපාරටම කාගෙදෝ මන්දා හෑල්ලක් නිසා සෙට් එකක් පොර ගැන හෑලි ලියන්න ගත්තා. අනිත් සෙට් එක "ආ... මූ අහවල් දේශපාලකයාගේ (ඩී.බී. හේරත්ගේ) පුතා නේද?" කියලා හොයාගත්ත ගමන් අර කුහක මැෂින් එක ස්ටාර්ට් කළා. "අපි දන්නවනේ මූ හිටපු හැටි", "තාත්තා නිසා මූට ඉගෙනගන්න ඕන නෑ", "කැම්පස් එකේ මගදි අතුරුදහන් වුණා" කියලා විහිළු කරන්න ගත්තා.
බස් එකේ කෑගහපු එකක් ගැන පවා ලියලා තිබුනා.
සමහරුන්ගෙ තියෙන මතයක් තමයි, එකෙක්ට සල්ලි තියෙනවා නම් ඌ අනිවාර්යයෙන්ම හොරෙක් කියන එක. හැමතැනම එහෙම නෑ නේද. තාත්තා දේශපාලකයෙක් කියන එකට මෙයා පලි නැති වෙන්න එයා ඒක ආයුධයක් කරගත්තෙ නැති නිසා.. තමන් මහන්සි වෙලා හම්බ කරනවා වෙනුවට, තියෙන එකාගේ හත්මුතු පරම්පරාවටම සාප කරන ගැටලුව දැන් ඔඩු දුවලා තියෙන්නේ.
පොර ඩී.බී. හේරත්ගේ නෙමෙයි කාගෙ පුතා වුණත් අපි දකින ටිපිකල් ඇමති පුතාලා වගේ ක්ලබ් ගානෙ ගිහින් කුඩු කරලා, තාත්තගෙ හයියෙන් අප්සට් වැඩ කරලා, නීති කඩලා, ජවුසන් නටන්නෙ නැතුව සමාජයට හානියක් නොවෙන දෙයක් නොකරන තාක්කල් අපිට ගැටලුවක් නෑනෙ. කොල්ලා කළේ කෑම රිවීව් එකක් මිසක් දේශපාලන ඇජෙන්ඩා එකක් නෙමෙයි. මම දැකලා නෑ කිසිම වීඩියෝ එකක පොර ඒ බවක් අගවනවාවත්..
ඒත් එක්කෙනෙක් දෙන්නෙක් ඒ බත් පතටත් "දේශපාලන කැම්පේන්" එකක් කියලා හංවඩු ගහන්න හැදුවා. කුහකකම වහගන්න බැරි තැන නිර්නාමික කමෙන්ට් හලාගෙන, දේශපාලනය අමුණගෙන මඩ ගැහුවා.
අන්තිමේදී මොකද වුණේ? මේ අහිංසක මනුස්සයා මේ "නෙගටිව්" පබ්ලිසිටි එක දරාගන්න බැරුව පැත්තකට වුණා. ඇත්තටම අවුල්.
මේ සිද්ධියෙන් තේරෙන්නේ එක දෙයයි. මිනිස්සු අපි දියුණු වෙනවට කැමතියි. හැබැයි ඒ, අපි උන්ගේ Comfort Zone එකට වඩා අඩියක් හරි උඩට යනකම් විතරයි. ඊට පස්සේ ඉවසන්න බෑ. අර කුහක ඇරියස් එක කවර් කරගන්න මොකක් හරි මඩක් ගහනවාමයි.
මම නම් කියන්නෙ පොර මේ වෙලාවෙ මානසික නිදහස වෙනුවෙන් වීඩියෝ නවත්තන එක හොදයි..
පොඩි බ්රේක් එකක් අරන් ආයෙ සතියකින් දෙකකින් හෝ මාසෙකින් එන එකයි කරන්න ඕනි.
- කස්තුරි ©

️ Follow කරන්න - Kasthuri - කස්තුරි
@top fans
#alakiriboola