Breaking news: අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ බාගයක් අත්හිටුවයි...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    sources : Lankacnews, Ada Derana,

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වී ඇති ව්‍යාකූල තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 6 වන ශ්‍රේණිය සඳහා යෝජිත නව ප්‍රතිසංස්කරණ 2025 වසරේදී ආරම්භ නොකර 2027 වසර දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය.


    මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ, විශේෂයෙන්ම ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයයි.

    එම මොඩියුලය යළි සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමේ අරමුණින් මෙම කල් දැමීම සිදු කර ඇත. එමෙන්ම, අදාළ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු පදනම් කරගෙන, ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    කෙසේ වෙතත්, 1 වන ශ්‍රේණිය සඳහා යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කිසිදු වෙනසක් සිදු නොවන අතර, ඒවා නියමිත පරිදි මෙම වසරේ සිටම ක්‍රියාත්මක කරන බව රජය තහවුරු කරයි.

    6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ කල් දැමුණ ද, අධ්‍යාපන පද්ධතියේ සෙසු අංශයන්හි සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. ඒ අනුව • මානව සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන ප්‍රතිසංස්කරණ, තක්සේරු සහ ඇගයීම් කටයුතු, මහජන දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් යන කටයුතු සැලසුම් කළ පරිදි එලෙසම ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    අගමැතිනිට හූ තියයි.. දැඩි පොලිස් ආරක්‍ෂාව මැද පිටව යයි...​


    ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබා සිය විරෝධය පළ කර තිබේ.


    අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, එතැනින් පිටත්ව යන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

    දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඇය පිටත්ව ගියද, විරෝධතාකරුවන් දිගින් දිගටම හූ හඬ නගමින් සිය විරෝධය පළ කරන අයුරු දැකගත හැකි විය.

    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටියි.
     
    • Haha
    Reactions: Inigo Montoya