breaking news ගලගමුවේ දළ පූට්ටුවා

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    breaking news ගලගමුවේ දළ පූට්ටුවා

    ගලගමුවේ දළ පූට්ටුවා ගේ යැයි සැකකරන
    මළ සිරුර කහල්ලපල්ලෙ කැලෙ තිබි හමු වෙයි.


    :(:(


    Galgamuwe-Dala-Puttuwa.jpg



    https://www.facebook.com/NewsfirstSL/
     
    Last edited:
    • Like
    Reactions: chathuranga8887

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    චික් නොදකින් කාලකන්නි හැත්ත. යකෝ මේ වගේ එව්න් අම්මවත් මරාගෙන කයි.. ඒ තරම් අසික්කිත අසම්මජ්ජාති සක්කිලි හැත්තක්
    :angry:

    24174447_1401514816644712_8991689740611873878_n.jpg
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අවුලක්නැ මේ ගෞතම බුද්ද රජ්‍යනේ...
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මම ඇත්තටම දැකල තියනව පුදුම ලස්සනක් තියෙන්නේ ඔය ඇතාගේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    බුකියේ තිබුනේ


    :(

    උඹත් යන්න ගියා
    _____________________

    පත්තරෙන් උඹේ විස්තර කියවනකොට....
    Tv එකෙන් උඹේ විස්තර බලනකොට....
    උඹගෙ ඔය පූට්ටු වෙලා තිබුණ දළ දෙකේ වර්ණනාව ඇහෙනකොට....
    උඹේ සද්දන්ත බව,,උඹේ තේජසේ මහිමය ගැන ලොකු ලොකු වර්ණනා කරනකොට....

    සත්තයි එන්න හිතුනා උඹ බලන්න ඒ මොහොතේම ගල්ගමුවට.....

    පාපතර මිනිස්සුන්ගෙ කුරිරුකම්වලට හසුව උඹේ ඇස් අන්ධ වුණත්....
    උඹ අහිංසක විදියට ඉවෙන් ගහ කොළ සොලවලා ගෙඩි කොළ කාලා කැලේ රජා වෙලා හිටිය බව අහන්න ලැබුණා අපිට.....

    දෙඇස් නොපෙනුණත්...
    ගල්ගමුවේ ඉඳන් කලා වැව වෙනකං තනියෙන් අපූරුවට ගමන් කරන බව ඇසුවාම උඹ ගැන පුදුම හිතුනා...😢
    .............. උඹ ඒ ගියා වගේම අතරමං නොවී ආපහු ගල්ගමුවට එනවලු....
    පුදුමයි උඹේ ඉව,කල්පනාව,මතකය ගැන....

    උඹ නිකංම නිකං සද්දන්තයෙක් නොවුනෙ අන්න ඒ නිසයි....

    බුකියෙන් හමුවුණු හිත මිතුරො කීප දෙනෙක්ගෙන්ම උඹ ගැන හොයා බැලුවෙ දවසක උඹව බලන්නට තිබුණ ආසාව වගේම උඹට තිබ්බ ආදරය නිසයි....

    ඒත්.....ඒත්.....
    අද උඹ ගොඩාක් දුර යන්න ගිහින්.....
    මම උඹ බලන්න හීන මවපු කාලෙම උඹ යන්න ගිහින්.....

    උඹ මරලා දාන්න පාපතරයො කුරුමානම් අල්ලනකොට ඇස් නොපෙනෙන උඹ කොහෙ කියල නම් දුවන්නද ?.....

    උඹ දුවන්න ඇති බේරෙන්න....
    ගස්වල පැටලෙන්න ඇති.....
    ගල්වල හැපෙන්න ඇති.....
    වලවල්වල වැටෙන්න ඇති.....
    ඒත්.......දෑස් නොපෙනෙන උඹට වැඩි දුරක් දුවන්න බැරි වෙන්න ඇති....

    පාපතරයන්ගේ බිල්ලට හසුව සද්දන්ත උඹ බිම ඇද වැටෙන්න ඇති.....
    වේදනාවෙන් දඟලන්න ඇති.....

    "මං මරන්න එපා" කියන්න ඇති....
    මරණයෙන් බේරෙන්න වෙර වීරියෙන් දඟලන්න ඇති....
    උඹ බිහිකල "අම්මා" සිහිවී "අනේ අම්මේ" කියවෙන්න ඇති....

    ඒත්....,ගන වනනතරේ කාගෙ පිළිසරණක්ද ?.....

    කාට ඇහෙන්නද ?,,,,,

    උඹේ වේදනාබර ස්වරයට අනෙක් සතුනුත් මර බියෙන් පලා යන්න ඇති....

    දෙඇස් අන්ධ උඹ තනි වුණා.....
    පාපතරයින්ගේ බිල්ලට හසු උනා....

    ඇස් දෙක නොපෙනෙනකොට උඹට කිසිවක්ම කරකියාගන්න බැරිවෙන්න ඇති.....

    ලෝකය නොපෙනෙන කෙනෙක් අනතුර කෙසේ නම් අඳුන ගන්නද ?.....

    උඹේ සද්දන්ත ගත මරණ වේදනාවෙන් ගැහෙනකොට....
    උඹේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවෙනකොට...
    පාපතරයින්,,,,
    උඹේ තේජස ලෝකෙට පෙන්වූ දළ දෙක පණ ගැහෙන රුහිරු සිරුරෙන් අමු අමුවේ ගලවා ගන්න ඇති....

    උඹ ගතින් නිසලව සිටියත් හිතින් විලාප තියන්න ඇති.....
    මේ කුරිරු ලෝකෙට සාප තියන්න ඇති.....

    පාපතරයින් උඹෙන් බේරෙන්න,,,,
    උඹ සඟවන්න,,,,
    උඹේ තේජස ලෝකෙට පෙන්වූ සද්දන්ත ශරීරය පණ පිටින් කෑලි කෑලිවලට කපනකොට,,,,,

    උඹේ පණ ගැහෙමින් තිබ්බ ශරීරය ගැන උඹ පසුතැවෙන්න ඇති....
    අනේ..! මට ආඩම්බරකාර දළ දෙකක් නොතිබුණා නම් කියලා හිතෙන්න ඇති.....

    මිල මුදල් දෙවියො මැවුවෙ ඇයි කියලා හිතෙන්න ඇති.....

    මනසින් උසස් මිනිස්සු මේ තරම් නොමිනිසුන්ද කියලා හිතෙන්න ඇති.....

    ඒ අතරේ තවත් සද්දන්තයකුගේ දුක්බර ඛේදවාචකයක් ලෝකයට ඉතිරි කරමින්.....
    උඹේ අවසන් හුස්ම පොදත් වා තලයට මුසු වෙන්න ඇති......

    ගල්ගමුවට විතරක් නෙවෙයි...
    මේ රටටම තේජසක් ආඩම්බරයක් අලංකාරයක් ගෙනාපු උඹ අද යන්න ගිහින්....යන්නම යන්න ගිහින්....

    එත්....
    ආයෙ නම් එන්න එපා
    මේ පාපතර මිනිස්සු ඉන්න කුරිරු ලෝකෙට නම්.....
    එන්න හිතන්නවත් එපා....

    මං අදහන ධර්මයට අනුව,,,,, ගල්ගමුවේ දළ පූට්ටු ඇත් රජෝ.....

    උඹට නිවන් සුව ලැබේවා ! 😢

    🖋මධුෂංක දිසානායක
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    ඔය වගේ සත්තුන්ට GPS Unit එකක් හයි කරලා හැම වෙලේම මොනිටර් කරානම් හරි බන්..මේ කාලකන්නින්ට මේ වගේ සම්පතක්වත් ‍රැක ගන්ඩ බෑනේ... මැරුනට පස්සේ DNA නේමේ මොන මගුලේ පරීක්ෂණේ කලත් වැඩක් තියේද බන්..වේස හැත්ත

    කතාවක් නෑ බන් මරන්ඩ ඕනි ඕකුන්වනම් අහු උන ගමන්ම,ඒ නැතත් ඕකුන්ට ස්වභාවධර්මයෙන් බේරිල්ලක් නෑ...මේ වගේ ලොකු සතෙක් මරන්ඩ පුලුවන් වෙන්ඩ මොන තරම් හිත හයිය වෙන්ඩ ඕනිද...

    මේ සතා මරපු උන්ට ජාති ජාතිත් හොඳක් සිද්ධ වෙන්ඩ එපා...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය වගේ සත්තුන්ට GPS Unit එකක් හයි කරලා හැම වෙලේම මොනිටර් කරානම් හරි බන්..මේ කාලකන්නින්ට මේ වගේ සම්පතක්වත් ‍රැක ගන්ඩ බෑනේ... මැරුනට පස්සේ DNA නේමේ මොන මගුලේ පරීක්ෂණේ කලත් වැඩක් තියේද බන්..වේස හැත්ත

    කතාවක් නෑ බන් මරන්ඩ ඕනි ඕකුන්වනම් අහු උන ගමන්ම,ඒ නැතත් ඕකුන්ට ස්වභාවධර්මයෙන් බේරිල්ලක් නෑ...මේ වගේ ලොකු සතෙක් මරන්ඩ පුලුවන් වෙන්ඩ මොන තරම් හිත හයිය වෙන්ඩ ඕනිද...

    මේ සතා මරපු උන්ට ජාති ජාතිත් හොඳක් සිද්ධ වෙන්ඩ එපා...

    අනීවා බන්. ෂික්. මේක සම්භන්ද හැම එකාටම හොඳක් නම් සිද්ධ වෙන්ඩ එපා....:growl::growl:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පුදුම දුකක් දැනුනේ මේක දැනගත්තම. කැරි ජාතියක් මේ වගේ අපරාද කරන උන්. ග්‍රාම සේවක කෙනෙක් එහෙම තම අහුවෙලා තියෙන්නේ. මේ වගේ වැඩ කරන උන්වත් අර ආයුධ පෙන්වන්න එක්කන් යන්න ඕන.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඔය වගේ සත්තුන්ට GPS Unit එකක් හයි කරලා හැම වෙලේම මොනිටර් කරානම් හරි බන්..මේ කාලකන්නින්ට මේ වගේ සම්පතක්වත් ‍රැක ගන්ඩ බෑනේ... මැරුනට පස්සේ DNA නේමේ මොන මගුලේ පරීක්ෂණේ කලත් වැඩක් තියේද බන්..වේස හැත්ත

    කතාවක් නෑ බන් මරන්ඩ ඕනි ඕකුන්වනම් අහු උන ගමන්ම,ඒ නැතත් ඕකුන්ට ස්වභාවධර්මයෙන් බේරිල්ලක් නෑ...මේ වගේ ලොකු සතෙක් මරන්ඩ පුලුවන් වෙන්ඩ මොන තරම් හිත හයිය වෙන්ඩ ඕනිද...

    මේ සතා මරපු උන්ට ජාති ජාතිත් හොඳක් සිද්ධ වෙන්ඩ එපා...


    මේ සතා මරපු උන්ට ජාති ජාතිත් හොඳක් සිද්ධ වෙන්ඩ එපා...