මචන් මේකෙන් මොකක්ද වෙන්නේ මෙවා ඒ කියන්නෙ ගනන් යනවද. නැත්තටම නැති වෙනවද. ගෙන්නන්න ඩොලර් අපි කොහෙන්ද ගන්නේ
මේකට ප්‍රධානම හේතුව තමයි මචං බැංකු වල ඩොලර් නැති කම. LC එහෙම නැත්නම් Letter fo Credit කියලා කියන්නෙ මෙන්න මේක. උදාහරනෙකට ගමු අපි මොබයිල් ෆෝන් කන්ටේනර් එකක් ගේනවා චීනෙන්. වැලූ එක ඩොලර් 25000. අපි කරන්න ඕන චීනෙ මොබයිල් ෆොර්න් කම්පැනිය එක්ක කතා කරලා ඒකට ගෙන්න ගන්න ඕන ඉන්වොයිස් එකක්. ඒකෙ තියෙනවා පේමන්ට් ටර්ම්ස් කියලා එකක්. අපි හිතමු ශිප්මන්ට් එක ඇවිල්ලා දවස් 45න් පේමන්ට් කරන්න ඔන කියලා.
මීට පෙර තත්වය
දැන් අපි අපේ බැංකුවට ගිහින් මේ ඉන්වොයිස් එක දීලා LC එක ඕපන් කරන්න ඕන. අපේ බැංකුව සහ චීනේ අදාල පාර්ශ්වයේ බැන්කුව අතර තමා මේ මුදල් ගනු දෙනුව වෙන්නෙ. අපිට ශිප්මන්ට් එක ආවම අපේ බැංකුව මොකද කරන්නෙ පේමන්ට් ටර්ම් එකට ගැලපෙන විදියට මුදල් චීනෙ බැංකුවට දෙනවා. දීලා අපේ බැංකුව පොලියත් එක්ක අපෙන් ණය අයකරගන්නවා.
දැන් තත්වය වෙනස් වෙලා. දැන් අපි ඔය කන්ටේනර් එක ගෙන්න ගන්න නම් සම්පූර්ණ වටිනාකම ඉස්සර වෙලාම බැංකුවට දෙන්න ඕන. දුන්නට පස්සෙ අපේ බැංකුව ඒ ඩොලර් ටික හෝල්ඩ් කරගෙන ඉන්නවා. අපේ බැංකුව අදාල පේමන්ට් රෙගුලාසි අනුව චීනෙ බැන්කුවට පස්සෙ සල්ලි දෙනවා. කලින් අපිට පේමන්ට් පාට් විදියට අපේ බැංකුවට දෙන්න පුලුවන් උනාට දැන් දෙන්න බෑ... ඉස්සරවෙලාම සල්ලි දියන් කියලා තමා කියන්නෙ
ඇයි මෙහෙම රූල් එකක් දැම්මෙ - මෙහෙම රූල් එකක් දැම්මෙ ලංකාවෙ බැංකු වල ඩොලර් නැත්තටම නැති නිසා. ඒක නිසා ඉම්පෝර්ට් කරන අයගෙ එකවුන්ට් වල තියෙන සල්ලි අරගෙන බැංකුව හෝල්ඩ් කරගන්නවා.. මිනිස්සුන්ට කොහෙන්ද ඩොලර් ? - පරිප්පු ගෙන්නන එකා ඩොලර් දීලා පරිප්පු ගෙන්නුවට ඩොලර් වලින් නෙවෙයි නෙ අපි බඩු ගන්නෙ.. අපි ගන්නෙ රුපියල් වලින්.. බැංකු වලටම ඩොලර් නැති එකේ මිනිස්සු ගාව ඩොලර් කොහෙද තියෙන්නෙ..
බ්ලැක් මාකට් - බ්ලැක් මාකට් කියන්නෙ රට රටවල් වලින් එන මිනිස්සු හංගන් හෝ අයතා ලෙස ගේන ඩොලර් වැඩි මුදලකට අලෙවි වෙන තැනක්. මුලු ලංකාවෙම ඕන නම් ඩොලර් ලක්ශ පහක් හයක් සංසරණය වෙනවා ඇති. දැන් තිබ්බත් උන් එලියට දාන්නෙ නෑ...
මෙහෙම උනේ ඇයි... - මෙහෙම උනේ අදූරදර්ශී නායකයින්ගෙ අයතා ණය ගැනීම්. අපි ණය ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්. අපේ තියෙන ඩොලර් ගත්තු ණය පියවන්න ගියාම අපිට ඩොලර් නෑ නේ.. ඩොලර් එන්න නම් අපේ දේවල් පිට රටට විකුනන්න ඕන. අපෙන් පිටරටට ඩොලර් යන එක නවත්තන්න ඕන. අපි 99ක් වගේම ආනයන මත යැපෙන රටක්. අපිට කොච්චර රුපියල් තිබ්බත් වැඩක් නෑ ණය ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්. ඩොලර් වලින් පොලිය ගෙව්වම ණය වලට රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා.. රෝල ගහන්න විදියක් නෑ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් නැති නිසා.
දැන්ම ඕකෙ බරපතල කම තේරෙන එකක් නෑ... මාස දෙක තුනකින් ප්‍රති විපාක ඒවි