hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ හා ජපානයේ මිනිස් ජීවිතයක වටිනාකම

    අද උදේ ලංකාවේ පස්සරදී බස් එකක් හෙලකට වැටිලා මිනිස්සු 14ක් මිය යනවා. මේක ලංකාවේ කුනු හොයන මාද්‍ය කපුටන්ට තවත් එක news එකක් විතරයි. තව දවස් දෙක තුනකින් මෙහෙම දෙයක් උනාද කියලවත් කාටවත් මතක නෑ. නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද කියල දන්නෙ දෙයියො තමයි. තවත් මේ වගේ බරපතළ අනතුරු සිය ගානක් ලංකාවෙ සිද්ධ වෙයි. හැබැයි මේ කියන්න හදන්නෙ මේ හා සමාන ජපානේ සිද්ද වුන අනතුරක් ගැන.

    දැනට අවුරුදු 5කට කලින් 2016 ජනවාරි මාසයේ 15 වෙනිදා පාන්දර 1:55ට ජපානයේ නගනො ප්‍රාන්තයේ කදු සහිත පාරක skii tour එකක් ගිය බස් එකක් පාරෙන් එලියට පැනලා හෙලකට පෙරලෙනවා. බස් එකේ ගිය 41 දෙනා විශ්ව විද්‍යාල ලමයි. ඩ්‍රයිවර්ල දෙන්නත් ඇතුලුව 15ක් එතනම මිය යනවා. මේ සිද්දිය එදා ජපානයේ මාද්‍ය වලින් ප්‍රචාරය උනාට පස්සෙ මේක රටම කතා වෙන සිද්ධියක් වෙනවා. පොලිසිය මේ ගැන පුලුල් පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය වලින් එලි වෙනවා මේ අනතුරට හේතුව අදික වේගය කියලා. ඒ වගේම මේ ගමන යන්න plan කරල තිබිලා තියන්නෙ highway වල විතරයි. නමුත් highway ගාස්තු ඉතුරු කරගන්න highway දෙකක් අතරෙ තියන කෙටි පාරක් පාවිච්චි කරලා තියනවා highway දෙකක් අතරේ මාරු වෙන්න. මේ කදු සහිත කෙටි පාරෙදි තමයි මේ අනතුර වෙන්නෙ. මේ වගේ නීති ගොඩක් කඩ වෙලා කියලා පරීක්ෂණයෙන් හොයාගන්නවා. ප්‍රතිඵලයක් විදියට බස් සමාගමෙයි travel Agency එකෙයි බලපත්‍ර තහනම් කරනවා. මේ දෙකම පොඩි සමාගම් නෙවෙයි නමුත් සමාගම් දෙකටම වානිජ බලපත්‍ර අහෝසි වෙනව.

    මියගිය එක් පිරිමියෙක් සදහා ජපන් යෙන් මිලියන 80ක්ද (රු ලක්ශ 1440) එක් කාන්තාවන් සදහා ජපන් යෙන් මිලියන 62ක් (රු ලක්ශ 1116) ද ගෙවන ලෙස අධිකරණය නියෝග කරනවා. ඒ වගේම මේ වගේ අනතුරක් නැවත සිදු නොවෙන්න වග බලාගන්න ගොඩක් පියවර රජය ගන්නවා. සියලුම බස් වලට drive recorders නැත්නම් කැමරා අනිවාර්ය කරනවා. වේගය වගේම බස් රතයක අනෙක් සියලු තොරතුරු පටිගත කරන එක අනිවාර්ය වෙනවා. මේ අනතුර වෙලා අවුරුදු 5ක් ගෙවිලත් බස් සමාගමේ එවකට නිලධාරීන් සංවත්සරය දවසට ඇවිල්ල මල් තියලා සමාව ගන්නවා එදා උන වරදට. මේ තියන වීඩියෝ එකෙන් පේන්නෙ අනතුරු උන වෙලාවෙ සමාගමෙ නිලධාරීන් ජනතාවගෙන් සමාව ගන්න ආකාරය .

    අවසානයේ කියන්න තියන්නෙ ඉතින් ජපානෙ එහෙම උනාට අසිරිමත් සිරිලක එහෙම වෙන්නෙ නෑ මිත්‍රවරුනි 🙏

    -චාමර-
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චන්දෙටබිස්නස්කාරයන්ගෙ සල්ලි අරන් උන්ට ඕන විදියට නීති හදනවා, ඕක තමයි හූනියම
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    මියගිය එක් පිරිමියෙක් සදහා ජපන් යෙන් මිලියන 80ක්ද (රු ලක්ශ 1440) එක් කාන්තාවන් සදහා ජපන් යෙන් මිලියන 62ක් (රු ලක්ශ 1116) ද ගෙවන ලෙස අධිකරණය නියෝග කරනවා.

    ගෑණු අපේ ජීවිත පිරිමි ජීවිත තරම් වටින්නේ නැද්ද කියලා ලංකාවේ උන් එහෙනම් උද්ඝෝෂණය කරනවා.