Calcey හුකලා නේද ලංකාවේ IT කරන උන්ට

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    me wachane explain pls; ai models jailbreak karanawa kiyana ekada?

    man hithuwe AI brosla dagena inna social media pattamak kiyala
    me lagadi dakka Google documentation ekakath prompt engineering kiyala thiyenawa
    Prompt engineering is the process of structuring text that can be interpreted and understood by a generative AI mode
     
    • Like
    Reactions: OnDaRock

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Balannako machan issarahata. Research parak dala balanna AI tools ekka issarahata monawada wenna yanne kiyala.

    mama podima example ekak kuwwoth loku kalekata kalin nemei dan 6. to 7 years walata withara kalin Graphic, animation side eken flash, adobe wage tools use karala hodatama wada kala kenekta dan monada ewagen karanna puluwan. Flash ehema nikanma outdated wela dan. Habai flash wage tools walin pro dial ekak wenna kalayak ewagen wada karanna ona, creativity tiyenna ona. Nikamata hithanna ehema skill ekak amaruwen hadagena thanakata awa kenekta AI tools ekka ada situation eka mokadda.
    Adobe Flash, Adobe Photoshop කියන්නේ Tools විතරයි. Adobe Photoshop හොදට පුලුවන් වුණා කියන්නේ උට හොදට Graphic Designing පුලුවන් කියන එක නෙවේ, උට හොදට Photoshop පුලුවන් කියන එක. AI කියන්නෙත් ඔහොම Tools තමා. අනික 2007 තිබ්බ Photoshop Version එකයි 2024 තියෙන Photoshop Version එකෙයි Features ගොඩක් වෙනස්වුණාට Basics ටික එකම තමා. ex. 2007 Blend Moods වලින් වෙන දේම තමා 2024 Blend Moods වලින් වෙන්නේ ටිකක් Advance විදිහට. 2007 Knowledge එකක් තිබ්බ එකාට බොහොම පොඩි Gap එකක් තියෙන්නේ ඕක අල්ලගන්න.

    AI වලින් ඔය කියන විදිහට Replace වෙන්නේ නම් නෑ බං. ඕවා නිකන් Tools විතරයි. ඔහොම Tools ආපු පලියට මිනිස්සු Replace කරන්න පුලුවන්නම් Calculators ආවට පස්සේ අපිට Basic Hand Calculations ඉගෙන නොගෙන කෙලින්ම එක වසරෙ ඉදන් Calculators Use කරන්න තිබ්බනෙහ්.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896

    මම ඔය දෙය කිව්වෙ නිකන් නෙමෙයි. මම දන්න අයිය කෙනෙක් හිටිය පොර හිටියෙ වෙබ් ඩෙවෙලොපින්ග් ඇන්ඩ් ඩිසයිනින් පාත් එකේ. ඩිසයිනින් එහෙම හෙනම වැඩකරු. පොරට කම්පනීස් වලින් එහෙම හොද ඩිමාන්ඩ් එකක් තිබුන ඇනිමේශන්ස් ටුල්ස්, ඩිසයිනින් ටුල්ස් වලට තිබ්බ ස්කිල්ස් එක්ක. ඉන්ටවිව් එකකට ගියොත් ගේමක් නෑ පොරව සිලෙක්ට් වෙනව. Macromedia Flash වලින් එහෙම මම දැකල තියෙනව පොර කරපු වැඩ එහෙම. පට්ට creative .

    පොර Degree එක ඉවර වෙලා ඔය ෆීල්ඩ් එකේ අවුරුදු 6ක් විතර වැඩ කරල මයිග්රේට් උනා IT ම වෙන පාත් එකකට යන්න. අපි ඇහුව ඒ දවස් වල ඇයි පාත් එක වෙනස් කරන්නෙ කියල. පොර ඒ දවස් වලම කිව්ව තව අවුරුදු 2ක් 3ක් යද්දි පොර ඉන්න පාත් එකට ඩිමාන්ඩ් එක අඩු වෙයි කියල හිතෙනව කියල. හැබැයි පොර කිව්ව වගේම අද Adobe Flash (Formerly Macromedia Flash) එහෙම යුස් කරනවද ඇනිමේශන්ස් වලට. අනික ඉස්සර කෙනෙක් ඔය ටුල්ස් වල සහ ඔය ෆීල්ඩ් එකක වැඩ කරන්න ස්කිල් එක හදාගන්න අවුරුදු කීයක් වැඩ කරනවද. Adobe Photoshop, Adobe Illustrator වුනත් යුස් කරල ඉන්ඩස්ට්‍රි ලෙවෙල් එකට හරියන වැඩ කරන්න ස්කිල්ස් අප් කරගන්න කොච්චර කාලයක් වැඩ කරනවද ? අද ඒ සමහර වැඩ කීසිම ටුල් එකක් ෆලෝ කල නැති කෙනෙක්ට වුනත් ප්රොම්ප්ට් එකක් ගහල හදාගන්න පුලුවන්. AI language model එකක් එක්ක හරියට කමියුනිකේට් කරන්න පුලුවන් කෙනෙක්ට කොච්චර දේවල් දැන් කරන්න පුලුවන්ද ?

    මේකයි මචන් අපි ඕවට වාද කරල වැඩක් නෑ. මමත් කැමති නෑ මිනිස්සු රිප්ලේස් වෙනවට මොකද මමත් IT ෆීල්ඩ් එකේ ඉන්නෙ. හැබැයි අපි රියලිටි එකට මුන දෙන්න ඕනෙ. Calculator example එක නම් මේ කතන්දරයට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. Scenarios දෙකක්. හොදම දේ බලන් ඉමු මොකද වෙන්නෙ කියල.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869

    💯
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    අද ඒ සමහර වැඩ කීසිම ටුල් එකක් ෆලෝ කල නැති කෙනෙක්ට වුනත් ප්රොම්ප්ට් එකක් ගහල හදාගන්න පුලුවන්. AI language model එකක් එක්ක හරියට කමියුනිකේට් කරන්න පුලුවන් කෙනෙක්ට කොච්චර දේවල් දැන් කරන්න පුලුවන්ද ?
    මෙහෙමයි මචන් Tools Replace වෙනවා කොහොමත්. ආයෙත් කියනවා Flash කියන්නේ Tool එකක් විතරයි. කාලයත් එක්ක Technology enhance වෙද්දී Tools improve වෙනවා. අනික AI ආවා කියලා Prompt ටික ගහන්න ඉගෙනගත්තා කියලා ඒ Field එකේ එකෙක්ව Replace කරන්න ලොවෙත් බෑ. අද කාලේ උඹ කියනවනම් Prompts ගහලා Same Output එක ගන්න පුලුවන් කියලා. Ai එන්න කලිනුත් අපිට Youtube එකෙන් Tutorial එකේ තියෙන එකම ඒ විදිහට කරලා එකම Output එක ගන්න පුලුවන්. දැන් උඹ කියන කථාවත් ඒ වගේ එකක්. මොකද Field එක ගැන අවබෝධයක් නැති එකෙක් Prompt ගැහුවා කියලා FIeld එකේ Principals උට ඉබේ පහල වෙන්නේ නෑ. උඹ Prompt ගහනවනම් අඩුම තරමේ උඹට Terminologies ගැනවත් අවබෝධයක් තියෙන්න ඕන.

    Creative Output එකක් ගන්නවා කියන්නේ Choices ගොඩක එකතුවක්. Prompt ගහන Skill එකක් තිබ්බ පලියට උඹට Designer කෙනෙක්ගේ Mindset සෙට් එකකින් හිතන්නවත් Programmer කෙනෙක්ගේ Mindset හිතන්න වත් බෑ. Youtube Tutorial එකක් බලලා කිසිම අවබෝධයක් නැතිව ඒ විදිහටම කරත් ඒ Output එකම ගන්න පුලුවන්.

    Calculator එක මේකට ගැලපෙන්නේ නැත්තේ ඇයි කියන්න තේරෙන්නේ නෑ. මිනිස්සු අලුත් Technology එකක් ආවම එතන ඉදන් ඒකට Adapt වෙලා අලුත් Products හදනවා. Calculator එක ආවමත් වුණේ ඒක. AI ආවමත් වෙන්නේ ඒක තමයි.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    example please
    issra paya ganan code fix karganna stack overflow ringa gannawa. dan echra welawak yanneth na. habai man wadiyen use karnna coding walata vitrai. article or post ekak thamath manule thamai liyanne. chatgpt content kochra genrate kalath loku value ekak na kalyak yaddi.

    meka blogger ekaka PAA target karla gahapu eka. AI awta passe homben giye. 2months waste wuna me project ekata. satha pahak hamba kel na.

    1a6Fssf.png
     
    • Love
    Reactions: Nidarshana_k

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    Creative Output එකක් ගන්නවා කියන්නේ Choices ගොඩක එකතුවක්. Prompt ගහන Skill එකක් තිබ්බ පලිය උඹට Designer කෙනෙක්ගේ Mindset සෙට් එකකින් හිතන්නවත් Programmer කෙනෙක්ගේ Mindset හිතන්න වත් බෑ.
    Prompt gahana ekata e skill/mindset eka one na…AI eka replace keranne e skill/mindset eka.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    AI වලින් ඔය කියන විදිහට Replace වෙන්නේ නම් නෑ බං. ඕවා නිකන් Tools විතරයි. ඔහොම Tools ආපු පලියට මිනිස්සු Replace කරන්න පුලුවන්නම් Calculators ආවට පස්සේ අපිට Basic Hand Calculations ඉගෙන නොගෙන කෙලින්ම එක වසරෙ ඉදන් Calculators Use කරන්න තිබ්බනෙහ්.

    කාර් ආවා කියලා අස්වයා නැති උනෙත් නෑ
    ටැක්ටර් ආවා කියලා හරකා නැති උනෙත් නෑ
    ඔය ඉන්නේ යස අගේට 😄
     
    • Haha
    Reactions: SIC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    මම නම් හරිම ආසයි ඒ කාලෙට යන්න තියෙනවනම්
    කියවනකොට උබට ආස උබ හිතන්නේ ඒ කාලේ හිටපු බලය වැඩි උන්ගේ පැත්තෙන් නිසා. අනික් ඒ කාලේ ෆිල්ම් එහෙම ගොඩක් ෆන් පොත් එහෙම එහෙමත් එහෙමයි.

    උබ ඉන්කා වගේ වෙලා හිටියොත් උබට සිද්ද වෙන දේවල්. උබ සිංහල බෞද්ද, හින්දු වගේ නන් වෙන දේවල්. ගොව පැත්තේ ඉන්දියානුවෙක් නන් වෙන දේවල්. එහෙමත් නැත්තං වෙන රටක වෙලදාමට යන යුධ නැවක සෙල්රුවෙක්, කොටින්ම පල්ලියේ වැඩ වලට අප්‍රිකාව වගේ රටක ඇතුලට ගිහින් මස් හෙළියක ත්ම්බෙන මිෂනාරි කෙනෙක් වගේ නන් වෙන දේවල් එක්ක ආයේ හිතලා බලන්න.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මෙහෙමයි මචන් Tools Replace වෙනවා කොහොමත්. ආයෙත් කියනවා Flash කියන්නේ Tool එකක් විතරයි. කාලයත් එක්ක Technology enhance වෙද්දී Tools improve වෙනවා. අනික AI ආවා කියලා Prompt ටික ගහන්න ඉගෙනගත්තා කියලා ඒ Field එකේ එකෙක්ව Replace කරන්න ලොවෙත් බෑ. අද කාලේ උඹ කියනවනම් Prompts ගහලා Same Output එක ගන්න පුලුවන් කියලා. Ai එන්න කලිනුත් අපිට Youtube එකෙන් Tutorial එකේ තියෙන එකම ඒ විදිහට කරලා එකම Output එක ගන්න පුලුවන්. දැන් උඹ කියන කථාවත් ඒ වගේ එකක්. මොකද Field එක ගැන අවබෝධයක් නැති එකෙක් Prompt ගැහුවා කියලා FIeld එකේ Principals උට ඉබේ පහල වෙන්නේ නෑ. උඹ Prompt ගහනවනම් අඩුම තරමේ උඹට Terminologies ගැනවත් අවබෝධයක් තියෙන්න ඕන.

    Creative Output එකක් ගන්නවා කියන්නේ Choices ගොඩක එකතුවක්. Prompt ගහන Skill එකක් තිබ්බ පලියට උඹට Designer කෙනෙක්ගේ Mindset සෙට් එකකින් හිතන්නවත් Programmer කෙනෙක්ගේ Mindset හිතන්න වත් බෑ. Youtube Tutorial එකක් බලලා කිසිම අවබෝධයක් නැතිව ඒ විදිහටම කරත් ඒ Output එකම ගන්න පුලුවන්.

    Calculator එක මේකට ගැලපෙන්නේ නැත්තේ ඇයි කියන්න තේරෙන්නේ නෑ. මිනිස්සු අලුත් Technology එකක් ආවම එතන ඉදන් ඒකට Adapt වෙලා අලුත් Products හදනවා. Calculator එක ආවමත් වුණේ ඒක. AI ආවමත් වෙන්නේ ඒක තමයි.
    Ok machan If you mean that, let's go over a few pieces of evidence 👇

    1. " In May 2023, a total of 3,900 job losses in the United States were directly attributed to AI, accounting for 5% of all job losses during that month. This placed AI as the seventh-largest contributor to job displacement.

    The tech sector has seen a significant impact, with a staggering 136,831 job losses in the current year, marking the most substantial round of layoffs since 2001."

    2. " Contrasting with the historical impact on blue-collar workers, AI-driven job disruption focuses on educated, white-collar workers earning up to $80,000 annually.

    This is primarily due to the automation of roles that involve programming and writing skills, a transformation exemplified by technologies like ChatGPT.

    These developments signal a paradigm shift in the job market dynamics, with white-collar professionals now facing a new set of challenges posed by generative AI.

    3. " The renowned telecommunications company British Telecom (BT) has set forth an ambitious plan to reduce its staff by 10,000 employees over the next seven years, primarily utilizing AI and other automation strategies."

    1708671137531.png

    1708671302624.png

    1708670838462.png
     
    • Like
    Reactions: Solo Rider

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කාර් ආවා කියලා අස්වයා නැති උනෙත් නෑ
    ටැක්ටර් ආවා කියලා හරකා නැති උනෙත් නෑ
    ඔය ඉන්නේ යස අගේට 😄
    හරකට ඉල්ලුම නැති උනා බන්
    අපි පොඩි දවස් වල පාරවල් වල කොච්චර කරත්ත ගියාද. ගෙජ්ජි සද්දෙ ඇහෙද්දි පාරට දුවන් යනව බලන්න. 2005 වගේ කාලෙ පහුවෙනවත් එක්කම ටික ටික අඩු වෙලා යන්න අරන් කරත්තයක් දැන් පාරක දකින්නත් නෑ. අඩුම තරමෙ හරකෙක් දැන් පාරක දකින්නත් නෑ ලනුව කඩන් පාරකට ආපු එකෙන් ඇරෙන්න. හරක් දැන් ඉන්නෙ මස් කඩවල.

    අස්සය නම් ලෝන්ග් ටයිම් නො සීන් නෙ. පොරත් දැන් ඉන්නෙ පොලීසියෙ විතරයි.

    අන්තිමට කියන්න තියෙන්නෙ ටැක්ටරයක් පාරක දකින්නත් දැන් වැඩිය නෑ හැබැයි :ROFLMAO:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Ok machan If you mean that, let's go over a few pieces of evidence 👇

    1. " In May 2023, a total of 3,900 job losses in the United States were directly attributed to AI, accounting for 5% of all job losses during that month. This placed AI as the seventh-largest contributor to job displacement.

    The tech sector has seen a significant impact, with a staggering 136,831 job losses in the current year, marking the most substantial round of layoffs since 2001."

    2. " Contrasting with the historical impact on blue-collar workers, AI-driven job disruption focuses on educated, white-collar workers earning up to $80,000 annually.

    This is primarily due to the automation of roles that involve programming and writing skills, a transformation exemplified by technologies like ChatGPT.

    These developments signal a paradigm shift in the job market dynamics, with white-collar professionals now facing a new set of challenges posed by generative AI.

    3. " The renowned telecommunications company British Telecom (BT) has set forth an ambitious plan to reduce its staff by 10,000 employees over the next seven years, primarily utilizing AI and other automation strategies."

    View attachment 225142

    View attachment 225144

    View attachment 225141

    මචන් මෙහෙමයි, උඹ ඔය වගේ Google කරලා බලන්න Automation ආවම Manufacture Jobs Replace වෙච්ච හැටි 2000-2010 කාලේ ඇතුලත. ඒකටත් ඔහොම Stats එක්ක Google එකෙන් ගන්න පුලුවන්. ඒත් Automation ආවම Manufacture Process එක ලොකු Step එකක් උඩට ගියා. ඊට පස්සේ අලුත් Products හැදෙන්න ගත්තේ ඒ Automation කියන Technology එක උඩ Depend වෙලා. එහෙම වුණාම ඔය Labourers වගේ Jobs, Automate වෙන නිසා ඒ Job නැති වෙන එක වෙන කථාවක්. ඒත් මචන් ඒ නැතිවෙච්ච Jobs වලට සාපෙක්ෂව අලුතින් Jobs ඕන තරම් හැදෙනවා. Automation Technology එක ගත්තොත් System Maintain කරන්න අපිට Technicians ලා ගන්න පුලුවන්. System එක Operate කරන්න Labourers ලා ගන්න පුලුවන්. එතකොට Job එකේ Title එක නැති වුණාට අලුතින් Jobs ඒ නැතිවෙච්ච Jobs වලට සාපේක්ෂව හැදෙනවා.

    අනිත් එක බන් IT කියන්නේ Low Barrier to Entry Field එකක්. ඕන එකෙක්ට ඔය Field එකට එන්න පුලුවන්. පට්ට Skills තියෙන අය ඉන්න එක වෙනම කථාවක්. ඒත් මම කියන්නේ Field එකට Enter වෙන්න ලොකු Barrier එකක් නෑ යට Level එකට. ඒ නිසා මාර විදිහට ලංකාවේ and පිටරට IT Field එකේ අය වැඩ කරනවා. ඒකයි ඔය විදිහට ලොකු අංක වලින් Stats එන්නේ. ඒම ආවා කියලා IT Field එකේ අය බය වෙනවනම් ඒක උගේ නොහැකියාව. ඒම වුණාම අර කිව්වා වගේ යටම Level එකට Technology නිසා යම් බලපෑමක් එනවා. ඒක නෑ කියන්නේ නෑ. හැබැයි මෙහෙමයි ඔය ජොබ් නැති වුණාට Technology Improvement එකත් එක්ක Jobs හැදෙනවා. ඔයාට ඕක තවත් තේරෙන්නම කිව්වොත් ඕකත් නිකන් Automation ආවා කියලා Manufacture Engineers ලා Replace වුණේ නෑ කවදාවත්.

    මම Structural Engineer කෙනෙක්. AI කියන එක කොහොමටත් මගේ Profession එකට අදාල නෑ. ඒත් මගේ Profession එකෙත් ගොඩ කාලයක් ඇතුලත Technology Improvements ඕන තරම් ආවා. ඉස්සර පිටු ගනන් හදන Finite Element Analysis ගානක් අද වෙද්දි Lines 8ක Python Code එකකට දාලා පට්ට Accurate උත්තරයක් ගන්න පුලුවන්. එහෙම කියලා Engineers ලා කවදාවත් Python පුලුවන් එවුන්ගෙන් Replace වෙන්නේ නෑ. එහෙම දෙයක් ළග පාතකවත් නෑ. මොකද Bullshit Enter කරොත් Python එකෙන් Bullshit Output කරනවා කියලා අපි දන්නවා. ඒක ඔය AI Tools වලටත් අදාලයි. හරි Input එකක් දෙන්න පුලුවන් හොද Knowledge එකක් තියෙන්නේ Engineer කෙනෙක්ට මිසක් Python පුලුවන් එකෙක්ට නෙවේ. අපිට Python කියන්නේ Tool එකක් විතරයි.

    සරලවම කිව්වොත් ඔය කියන තරම් Stats ඇත්තනම්, ඇමෙරිකාවට කලින් ලංකාවේ SE ලා ටික Replace වෙනවා. මොකද මේ වගේ හිගන රටක AI තියෙනවනම් SE ලට නිකන් පඩි ගෙවන්න ඕනේ නැහැනේ බං. මගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා SE ලා. උන්ටනම් ඔය AI ගැන බයක්නම් නෑ මචං. මොකද උන් Tools වලට Adapt වෙන්න දන්නවා. අනික ඔහොම Replace වුණානම් මේ කිරියෙම Thread කීයක් යන්න ඕනද AI නිසා Replace වුණා කියලා.

    උඹ ඔය ස්ටැට්ස් පෙන්නලා පෘව් කරන්න හදන්නේ ලේබර්ස්ලා වගේ ඉන්න අයිටී ෆීල්ඩ් එකේ රිප්ලේස් වෙනවා කියලනම්, උඹේ තර්කේ වැරදි නෑ මචන්. ඒත් මචන් හොදට මතක තියාගන්න ටෙක්නොලොජි එකක් නිසා ජොබ් රිප්ලේස් වෙනවනම් ඊට සාපෙක්ෂව ගොඩක් ජොබ්ස් හැදෙනවා කියලා.