CCNA පාඩම අලුතෙන්

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    CCNA මුල ඉදන් ඉගෙන ගන්න කැමති අයට මේක දාන්නේ.කොපි කරලා දානවා නෙමේ මං මේ.ඇත්තටම මාත් වැඩි කාලයක් නෑ CCNA කරන්න ගිහින්.මට හිතුනා මං දන්නා දේවල් ටිකක් හරි කියල දෙන්න.එකෙන් මටත් ටිකක් හරි මතක හිටිවිනේ.CCNA ගැන පැහැදිලි කරන්න නම් යන්නේ නෑ මං.දන්න ටික ටිකෙන් ටික දාන්නම් මං.

    කට්ටිය දන්නවානේ Network එකක් කියන්නේ මොකක්ද කියලා.සාමාන්‍ය විදිහට කිව්වොත් Network එකක් කියන්නේ පරිගණක 2ක් හෝ වැඩි ගණනක් wired හෝ wireless විදිහට connect කරලා data ,Information ,hardware components share කරගන්න හදාගත්තු ක්‍රමයක්.මේ network එක හදා ගන්න දේවලුත් ඕනේ නේ.ඒවා ටිකත් කෙටියෙන් කියන්නම්.Pc's ,NIC ,Media එකක්,Switch ,Hub ,Router මේ ටික තම මුලිකව ඕනේ කරන්නේ.


    මුලින්ම අපිට වැදගත් වෙන්නේ මේ පාඩමේදී NIC එකේ තියෙන MAC Address එක.මේක ගොඩක් වැදගත් වෙනවා.මේ MAC address එක කියන්නේ අපි ගන්න network card එක හදද්දී එක හදන company එක network card එකට දෙන 16 පාදයේ සංඛ්‍යා වලින් හැදිච්ච address එකක්.මේ MAC address එක bit 48 කින් යුතු වෙනවා.

    උදාහරණයක් විදිහට ගත්තොත් MAC address එකක් 00-05-9A -3C-78-00
    මේක තියෙන්නේ 16 පාදයේ සංඛ්‍යා වලින්.මේක අපි 2 පාදයට හැරෙව්වොත් 0000-0000-0000-0101-1001-1010 - 0111-1100-0111-1000-0000-0000 වෙනවා.මුලින්ම අපි අර ගත්තු MAC address එක අරන් බලමු.එකේ 00-05-9A කියන එක company එකට IEEE එකෙන් දුන්න Vendor ID එක වෙනවා.ඒ කියන්නේ එක company එකක හදන හැම network card එකටම යෙදෙන්නේ IEEE එකෙන් දුන්න address එක.එතකොට 3C-78-00 කියන්නේ network card එකට අදාල serial No එක.එක එක network card එකට මේ serial No එක වෙනස් වෙනවා.මේ කියන MAC address එක HUB ,Switch ,Router ,වල data transfer කරද්දී ගොඩක් වැදගත් වෙනවා.එකී මුලින්ම මේ ගැන කිව්වේ.මේ MAC address එක ඔයාලගේ computer එකේ බල ගන්න ඕනේ නම් command prompt එක ඔපෙන් කරලා ipconfig /all කියල ටයිප් කරලා enter කරන්න.එතකොට බලාගන්න පුළුවන්.

    ඔයාල මේ MAC address එක 2 පදයට හරවල බලන්න.

    00-05-9A - 0000-0000-0000-0101-1001-1010
    3C-78-00 - 0111-1100-0111-1000-0000-0000
    මේ විදිහටි එන්නේ. 16 පාදයෙන් හදද්දී 0 -15 වෙනකන් ඉලක්කන් ගන්න නිසා මේකේ 10 කියන්නේ A 11-B ඔය විදිහට ගිහින් 15 - F වෙනවා.අව්ලක් තියේ නම් අහන්න.වැරදි තියේ නම් හදාගන්න උදව් කරන්න.වටින කට්ටිය බලල බම්ප් එකක් වත් දාන්න අනිත් අයටත් බලන්න.කැමති අය සලකල යන්න.රෙප් නැතත් කමක් නෑ කාට හරි ප්‍රයෝජනයක් උනා නම්.ටික ටික දාන්නම් අනිත් දේවල් ඒවත්.ටයිප් කරන්න ගියාම එපා වෙනවා යාලුවනේ.
     
    • Like
    Reactions: cris_ronaldo

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ඔන්න අද කියන්න යන්නේ HUB ගැන ඔයාලට.ඊට කලින් බලමු network එකක් මුලින්ම ආවේ මොන වගේද කියල.මුලින්ම network එක හදල තියෙන්නේ අපි ඔය Antenna වලට Use කරන Coaxcial cable වලින්.එකට අද වගේ Hub ,Switch use කලේ නෑ.ඉතින් wires ගොඩක් ඇදගෙන වැඩේ කරන්න එපායේ.ඉතින් ඔන්න ඒ කරදරේ ඉවරයක් වෙන්න කියල හදා ගත්ත Hub කියන ගැජමැටික් එක.ඕකේ වෙන්නෙත් අර මුල් කලේ කට්ටිය cable ඇදගෙන කරපු හරියම තම.වෙනස ඔක්කොම Pc වල cable එකම තැනකට connect වෙනවා.එත් Hub එකේ ඇතුල බැලුවොත් තමා පේන්නේ එකම wire එකකට නේද මේ ඔක්කොම සෙට් වෙලා තියෙන්නේ කියල.Hub එක ගත්තොත් මේක Half Duplex component එකක්.ඒ කියන්නේ එක වෙලාවකට එක්කෙනෙක්ට විතරයි වැඩ කර ගන්න පුළුවන්.උදාහරණයක් ගත්තොත් හිතන්න අපි data packet එකක් යවනවා කියල කාට හරි.අපි connect වෙන්නේ hub එකක් හරහා නම් අපි ඒ data packet එක යවද්දී තවත් කෙනෙක්ට data යවන්න බෑ.යවන්න පුළුවන් එත් සිද්ද වෙන්නේ අර ඔක්කොම යවන data mix වෙලා යවන data විකුර්ති තත්වයක් ඇති වෙනවා.ඒ කියන්නේ යවපු data නෙමේ සමහර අයට යන්නේ.මං මුලින් MAC address එකක් ගැන කතා කලානේ.අපි කාට හරි data එකක් යවනවා නම් අපි යවන්නේ එයාගේ MAC address එකට.hub එකට අදුන ගන්න බෑ අපි යවන data එක යන්න ඕනේ කාටද කියන එක.මං මුලින් කිව්වනේ hub එක කියන්නේ නිකන්ම wire එකක් කියල. ඉතින් hub එකට එන data එක එය කරන්නේ එයාට connect වෙලා තියෙන හැම Pc එකටම යවනවා.අදාල එක්කෙනාගේ NIC card එකේ MAC address එක check කරලා data එක බලනවා අදාල කෙනා.අනිත් PC වලින් අර data එක drop කරලා දානවා.හිතන්න කෙනෙක්ට data එකක් යවන්න ඕනේ hub එකට connect වෙලා ඉන්න හැමෝටම.එතකොට කරන්නේ අපිට හැමෝගෙම MAC එක හොයන්න ඕනේ නෑ.එක broadcast එකක් විදිහට යවනවා.ඒ කියන්නේ MAC එක ffffffffffff වෙන්නේ.MAC එක හදන්නේ 16 පාදයෙන් කියල කිව්වනේ.එකේ අන්තිම ඉලක්කම තමා හැම එකටම යෙදෙන්නේ.එක හින්ද broadcast address එක වෙන්නේ ffffffffffff .hub එකට broadcast එකක් එක පාර ඔක්කොටම යවන්න පුළුවන් නිසා single broadcast domain එකක් කියල හදුන්වනවා.එක පාරකට එක්කෙනෙක්ට විතරනේ data tranfer කරන්න පුළුවන්.නැත්තන් වෙන දේ මං කිඋවනේ.එක නිසා ඒ දේ single collision domain කියල හදුන්වනවා.ඉස්සරහදි රුපසටහන් එක්ක දාන්නම් මේවා.



    මේවා දැම්මට වැඩිය බලන කට්ටිය නෑ වගේ.අඩුම ගැනේ හිත සන්තෝස වෙන්න බම්ප් එකක් දාපල්ලා.වැරදි තියෙනවා නම් කියපල්ලා මටත් හදා ගන්න.මාත් තමා ඉගෙනගන්නවා නේ.මේක වත් බලල නිකන් යන්න එපා.මටත් එපා වෙයි එහෙම උනොත් මේක
    දාන එකත්.:no::no::no: