ඉස්සර ඔය ලීෆ්ලට් එකතු කර කර ඒව දිහා බල බල ඉන්නවා... ගන්න සල්ලි නෑනේ...
මුලින්ම ගත්තේ මේ ෆෝන් එක. 2001 අවුරැද්දේ.... රු. 3000 ට වගේ මතක
Dialog ආකේඩ් එකකට ගිහිල්ල වැඳපු නැති ටික විතරයි සිම් එකක් ගන්න. ඒ දවස් වල ෆොන් එකේ IMEI අංකේ තියෙන කොටස ෆොටෝ කොපි කරල සිම් එකක් දෙන්නේ. එක ෆෝන් එකකට සිම් එකයි. මං ගත්ත එකට දෙදහස් ගානක ඇරියස් එකක් තියෙනව කියල දෙන්න බෑම කිව්වා. පස්සේ දුන්නා. 30 second SIM එකක්. ඒදවස් වල SMS කියල ඇක්ටිව් කරන්න ඕනෙ. එක මැසේජ් එකකට වැට් එකත් එක්ක 2.50 ක් කැපෙනවා. CLI නෑ.... CLI ආවෙ අවුරුද්දකි විතර ගියාම. ඒකත් මාසෙට 100 ක්ද කොහෙද ගන්නවා.
ඔය අතරේ Celltel තමයි මුලින්ම CLI Free දුන්නේ. මාත් ගත්තා එකක්. 1350 යි.
කාඩ් එක 350 යි 700 යි 1000 යි...
දැන් වගේ 10, 20, 30 කාඩ් නෑ...
incomming වලටත් විනාඩියට 9.50 ක් වගේ කැපුනා
Outgoing වලට වැට් එක්කම 13.50 ක් කැපුනා
එතකොට Hutch තිබුනේ එයාලගෙ ඔරිජිනල් නමෙන් Hutchinson Telecom කියල. ඒක තිබුනේ කොළඹ අවට විතරයි.
ඔය අතර මොබිටෙල් Analog වලින් GSM වලට මාරු උනා... SIM එක 600 ක් හෝ 1000 කි වගේ මතක, උන් දුන්නා සුපිරි ගේමක්. GSM testing කියල තමයි කිව්වේ.... දුන්න දේවල් නිසා අනිත් සමාගම්වල පස්ස බිම ඇනුනා සුපිරියට...
CLI Free...
Out going Call Free (මේකෙන් තමයි උන් ඇල්ලුවේ)
Incoming Free
අම්මෝ... ඉතිහාසේ ගැන කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා... ඔය ඇති...
Hutchinson පස්සේ Hutch උනා... චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන Tower ගහනව කියල සියඹලාණ්ඩුවේ චන්ද්‍රිකා තාක්ෂණ කුළුන කියල එකක් ගහල ඒ පැත්තම කවර් කලා... 2003 - 2004 වගේ.
කොහොම හරි මාතරට සුනාමි ආපු වෙලාවේ වැඩ කලේ HUTCH විතරයි...
(ඔය කාලෙ මං මාතර කැම්පස් හිටියේ 2000 - 2005)