[GUIDE] Chain Lubricants
අද කතාව කියන්න යන්නේ Chain Lube ගැන......
බයික් එකක ප්‍රධාන අංගයක් වන්නේ එහි drive-train එක හෙවත් chain එක.ඉතින් බොහෝ අවස්ථාවල බොහොමයක් අය අපහසුතාවලට මුහුනදෙන්නෙත් මේ chain එකේ ලෙඩ නිසා.එක්කෝ hum එකක් එනවා කියයි, නැත්නම් සිලි සිලි සද්දයක් එනවා කියයි, එහෙමත් නැත්නම් කට කට සද්දයක් එනවා කියනවා.තව සමහරු sprocket සවුත්තු උනේ chain එක නිසා කියනවා.ඒ කියන්නේ chain එක විතරක් නෙවෙයි ඉස්සරහ පස්සහ sprocket එහෙමත් දාන්න වෙනවා..
මෙකී නොකී ගොඩක් කතාවලට පාදක වෙනවා මේ chain එක.ඉතින් ඒ නිසා එක පරිස්සම් කරගන්න එක අපේ යුතුකම.
සාමන්යෙන් බයික් එකකට original එන chain එක ගොඩක් අයට වැඩිකල් හොඳින් තියාගන්න බැරි වෙනවා මේ chain එකට කොහොමද සලකන්න ඕන කියන එක ගැන වැඩි දැනුමක් නැතිකම නිසා.ඉතින් එක අලුතින් බයික් ගන්න හැමෝම මුහුණ දෙන ප්‍රශ්නයක්.අලුතින් එක ගොඩක් ජපන් වගෙම ඉන්දියන් බයික් වලත් රබර් o-ring සහිත chain එනවා. අපේ අය ඕවට පොල්තෙල් වල සිට gear oil, engine oil, පිච්චුන engine oil, grease ඔයවගේ හැමදේම දාල නිකන් අකාලයේ chain එක විනාස කරගන්නවා.
කිසිම වෙලාවකට ලේසියට පහසුවට ඒ වගේ දේවල් කරන්න යන්න එපා ඔබට chain lube එකක් මිලදී ගන්නම බැරි උනොත් හැර.මොකද chain එක විනාශ වෙනවා කියන්නේ ඔබගේ බයික් එකේ ඉස්සරහ සහ පිටුපස sprocket ඒ සමගම විනාශ වෙනවා කියන එකයි.ඔන්න ඒ නිසා තමයි මම මේ chain lube ගැන කියන්න හිතුවේ.
ඉතින් සමහරු chain lube වලට liquid grease කියන නිසා තවත් සමහරු chain වලට grease දාන නිසා මේ ටික මුලින්ම කියන්න හිතුන.
කවදාවත් නිකන් කඩේ ගන්න තියන grease දාන්න එපා chain වලට. කවදාවත් කිසිම service manual එකක එහෙම කියලත් නැහැ.මොකද එකෙන් ඝර්ෂණය අඩු කලාට, ඉක්මනටම දුවිලි, වැලි, පස් වගේ දේවල් වලට නිරාවරණය උනාම වෙන්නේ ඒවා ඉක්මනට බැඳෙනවා.......
ඉතින් එකට තමයි ඔය chain lube නැතහොත් liquid grease වගේ විවිධ නම් වලින් chain සඳහාම වෙන් වුනු lubricants එන්නේ.
අනික ඔතන තව දෙයක් තියෙනවා O-ring, X-ring හෝ වෙනත් වර්ගයක් වෙන්න පුළුවන් ඒ ඕනෑම එකකට මේ chain lube හරියනවා.
තවත් අපි හිතන්නේ නැති කරුණක් තියෙනවා.බයික් එක පදිනකොට chain එක රත් වෙනවා. ඉතින් නිකන් oil හෝ වෙනත් යමක් දැම්මොත් උණු වෙලා විසි වෙනවා.මොකද රස්නෙට ඔරොත්තු දෙන්නේ නැති නිසා.නමුත් මේ chain lube හදල තියන්නේ විවිධ උෂ්ණත්ව වලදී ඒ ඒ ආකාරයට ඝනත්වය (ස්නේහනය කල හැකි හැකියාව) සැකසෙන පරිද්දන්.
වැදගත්ම දේ අපේ අයට liquid grease කිව්වම වැරදියට තේරුම් ගන්නවා මේ කියන්නෙත් අර නිකන් grease කියල. මේක එන්නේ කෑන් (tin) වල spray කරන්නයි තියන්නේ.අන්න ඒකත් හොඳට මතක තියාගන්න...!
ඔයාලට කවදාහරි ඔය බයික් එකක service manual එකක් බලන්න අවස්තාව ලැබුනොත් කියවල බලන්න, එයාල කියල තියෙනවා දාන්න ඕන engine oil grade එක recommended chain lube එක, ඉස්සරහ Fork oil එක වගේ හැමදෙයක්ම.ඒකයි මම එහෙම කිව්වේ.
ඇත්තම කිව්වොත් grease කියන්නේ petroleum වල පිරිපහදුවේ ඔය engine oil වලට වැඩ පහලින් තියෙන එකක්.නමුත් chain lube හදන්නේ හැකිතරම් petroleum අඩු කරලා මොකද ගොඩක් වෙලාවට chain වලට rubber rings එන නිසා.නමුත් ඉතින් බාල ඒවා නම් හදනවා petroleum පාවිච්චි කරලත්.
ඔන්න එහෙනම් මම කියන්නම්කො ඕවගේ කතන්දරේ....
ප්‍රධාන වශයෙන් chain lube කොටස් දෙකයි.
01. Wet lube
මෙම වර්ගය පිරිසිදු වටපිටාවක් සහිත හෝ chain case එකක් සහිත chain වලට සුදුසු නමුත් එසේ නොමැති අවස්තාවන් වලදී යෙදීමෙන් වැලි සහ දුවිලි වැනි දෑ chain එකෙහි බැඳීම සිදුවෙයි.බොහොමයක් wet lube සාදන්නේ oil වර්ග යොදාගෙනයි.ඔය ගොඩක් synthetic chain lube කියල එන්නේ එම වර්ගයන්ය.
02. Dry lube
දැනට ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය වර්ගය වන්නේ මෙයයි.මොකද අපිරිසිදු දුවිල වැලි ගහන මාර්ගයක වුවද ගමන් කිරීමේදී වැලි දුවිලි මද වශයෙන් බැඳුනද. wet lube තරම් නොවන අතර එය chain lube එක වටේ බැදෙන නමුත් chain lube එක සමග මුසු නොවෙයි.පිටතින් තට්ටුවක් මෙන් පිහිටියද chain එක ඇතුලට නොයයි.
අපිට ලංකාවේ බොහොමයක් ගන්න තියන්නේ Wet lube. ඒ කියන්නේ දියර ස්වභාවයෙන් ගන්න තියෙනවා එක.Dry lube එකේදී වෙන්නේ අපි දමන chain lube එක වේලිලා පොත්තක් වගේ වටේ බැඳිලා chain එක ආරක්ෂා කරන එක.නමුත් ප්‍රශ්නේ තියන්නේ මේක වේලෙන්න පැය 4-6 පමණ කාලයක් ගන්නවා. නැත්නම් ගහපු ගමන් බයික් එක පැද්දොත් ඔක්කම එලියට විසි වෙනවා.
තව chain lube එක දැමීමට තිබෙන ආකාරයටත් මේක වර්ග කරනවා.
01. Drip type
02. Spray Type
මෙතැනදී කියන්නේ මේවා chain එකට යොදන්නේ කොහොමද කියල.ඒ කියන්නේ Drip නැත්නම් බින්දු වශයෙන් වක්කරනවා හෝ විදිනවද කියන එක.ලංකාවේ වැඩියෙන්ම ගන්න තියන්නේ spray හෙවත් විදින වර්ගයේ chain lubes.
සමහරු නම් කියන්නේ Drip type ගන්න කියලයි මොකද spray එක ගහනකොට හැමතැනම වදින එක,අපතේයාම, brake pads- disk එක රැදිලා brakes හරිහැටි ක්‍රියාත්මක නොවීම කියන කියන දේවල් නිසා.
Chain Lubes සාදන ද්‍රව්‍ය මත පදනම් කර වර්ග කිරීම.
01. Wax Based
ඉටි භාවිතා කර සාදන මෙම chain lube එක chain එකේ කොටස් අතර තුනී පටලයක් ඇතිකිරීමෙන් ඝර්ෂණය අවම කරයි.දැනට බයිසිකල් (foot) පදින අය අතර ඉතාම ජනප්‍රිය chain lube වර්ගයයි.නමුත් ගොඩක් වෙලාවට බයික් සඳහා සාදන chain lube වලට මිශ්‍ර කිරීමට යොදා ගනී.
02. Teflon Based
රසායන විද්‍යාවේ "PTFE" polytetrafluoroethylene හැදින්වෙන සංයෝගය යොදාගෙන මෙම chain lube නිපදවයි. මෙය සරලව ප්ලස්ටික් විශේෂයක් ලෙස කියන්න පුළුවන්.ඉතින් මෙහිදීත් කොටස් අතරට මෙය ගොස් රැදී පැවතීම නිසා ඝර්ෂණය අඩු වෙයි. බහුලවම බයික් සඳහා සාදන chain lube වලට මිශ්‍ර කිරීමට යොදා ගනී (වෙනත් සංඝටකයක් සමඟ).
03. Molybdenum Di-sulfide (Moly)
අකාබනික රසායන සංඝටකයක් වන මෙයද ඉතාම හොඳ ඝර්ෂණය අඩු කිරීමට යොදාගත හැකි මාධ්‍යක් ලෙස සොයාගෙන ඇත.නමුත් TEFLON සමඟ මිශ්‍ර කිරීමෙන් මෙහි කාරයක්ෂමතාවය ඉතාම ඉහල මට්ටමකට ගෙන ඒමට හැකියාවක් ලැබුණු අතර මුල්ම කාලයේ ගුවන් යානා සඳහා පමණක් යොදා ගැනිණි.
03. Lithium Based
වර්තමානයේ බොහෝ පහල මිලගණන් වල chain lube සඳහා යොදාගන්නේ මෙම lithium ආශ්‍රිත මිශ්‍රණයකි.චීනය නිෂ්පාදනය කරන සියලුම chain lube එකක්ම වාගේ lithium මත පදනම් වෙයි.ඔබට මෙය බොහොම පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ spray කල පසු සුදුපාටට chain එකෙහි බැදී ඇති බව දකින්නට ලැබීමයි.තවදමෙය සාමාන්‍ය වාතයට නිරාවරණය වූ විට ඉතාම පහල උෂ්ණත්වයකට පත්වෙනවා .
තවත් දෙයක් කියන්න ඕන මෙහි තිබෙන Lithium grease කියන එක ඕනෑම දෙයකට භාවිතා කල හැකි (all purpose) වර්ගයක් වෙයි.
ඉතින් ඔයාලට ඉහත සඳහන් කල වර්ග වලින් වෙන වෙනම හදපු chain lubes මෙන්ම ඒවා කලවම් කරලා හදපු chain lubes කඩේ ගන්න තියෙනවා. දැනට හොඳටම හොඳයි කියල කියන්නේ TEFLON සහ MOLY අඩංගු chain lubes. නමුත් මම දන්නේ නැහැ ලංකාවේ ගන්න තියෙනවද කියල.තිබ්බත් ටිකක් ගාන නම් වැඩි වේවි.
ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ ගන්න තිබෙන brands වන්නේ.....
3M, Motul, Wurth, 3-IN-ONE වැනි.....
ඔන්න එහෙනම් chain lube ගැන සියලුම විස්තරේ කියල දුන්න. වෙනත් දැනගැනීමට යමක් තිබේ නම් අහන්න.
හැමෝටම සුභ දවසක්.....!
හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........
මගේ වෙනත් ලිපි:
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Honda VTR250
Honda Hornet CB250F
Honda Jade CB250F
Latest Scooters From Honda 2013
Honda CB400 Super Four
All-in-one Honda CB400 SF models

Last edited:
+ rep dennam dan iwarawela

.. උඹලට ඇති උන ප්‍රශ්න තමයි කිව්වේ ඉතින්....!