chaminda vaas-නවසීලන්තයේ ක්රිකට් සහය පුහුණුකරු

නවසීලන්ත ක්රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස් පත්කර ඇත. නවසීලන්තයේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීම සඳහා චමින්ද වාස්ට අමතරව, ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දු යවන්නකු වූ මුත්තයියා මුරලිදරන්ගේ ද සහය ලබාගැනීමට ද එරට ක්රිකට් බලධාරීන් සූදානම් වේ.
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දු වාර විස්සයි - විස්ස තරඟයක් මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වේ.
එම තරඟයට පෙර නවසීලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බල ඇණිය ශක්තිමත් කිරීම සඳහා මෙලෙස ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු ක්රීඩකයින් දෙදෙනෙක්ගේ සහය ලබාගැනීමට තීරණය කර ඇත.
නවසීලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ෂේන් බොන්ය.
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දු වාර විස්සයි - විස්ස තරඟයට අමතරව එක්දින තරඟ 5 ක් සහ ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වේ.
උපුටා ගැනීම-Srilankamirror