chaminda vaas-නවසීලන්තයේ ක‍්‍රිකට් සහය පුහුණුකරු

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
chaminda vaas-නවසීලන්තයේ ක‍්‍රිකට් සහය පුහුණුකරු

bbb.jpg

නවසීලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස් පත්කර ඇත. නවසීලන්තයේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීම සඳහා චමින්ද වාස්ට අමතරව, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දු යවන්නකු වූ මුත්තයියා මුරලිදරන්ගේ ද සහය ලබාගැනීමට ද එරට ක‍්‍රිකට් බලධාරීන් සූදානම් වේ.
ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දු වාර විස්සයි - විස්ස තරඟයක් මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එම තරඟයට පෙර නවසීලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බල ඇණිය ශක්තිමත් කිරීම සඳහා මෙලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයින් දෙදෙනෙක්ගේ සහය ලබාගැනීමට තීරණය කර ඇත.
නවසීලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ෂේන් බොන්ය.
ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දු වාර විස්සයි - විස්ස තරඟයට අමතරව එක්දින තරඟ 5 ක් සහ ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වේ.


උපුටා ගැනීම-Srilankamirror
 

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ehema una eka hodai.ape unta agayak nahane vass gana.mokada vass ge boru pada show nahane malingage wage.ape modayo balanne pita opaya witharai.

    ow ban vaas kiyanne pattama waddek ban.malingala ratata adare na ban.aduma gane unta cheer krana api ganawtah ganak na. 96 world cup1 hama ekama niyama gentelman la mchn. :):):):):):):)