පොරටොක් ඉෂු කරාට බන් ඌ සාමාන්‍ය ජීවිතෙදි උගෙ සොශල් සර්කල් එක සනසගෙන ඉන්නවාද දන්නෙ නැහැ නෙ ?
උදාහරණයක් කියන්නම් . ටිකක් දිග වෙයි.
ඒත් උඹට තෙරුම් යයි මන් කියන කාරණාව.
මගෙ ඉස්කොලෙ බුවෙක් හිටියා.
ඌට කීවෙ "පචයා" කියලා අපි .
මොකද කෙලින්නෙම පච.
මූ ඉස්කොලෙ Deputy Head Prefect ත් උනා.
ගුරුවරුන්ගෙත් හිත් දිනා ගත්තා පචම දීලා.
මුගෙ තාත්තා ඇමරිකාවෙ කෙමිකල් සොසයිටි එකෙ වැඩ කරන්නෙ .
ඉරාක යුද්දෙ සදාම් හුසේන්ට ගහන්න බොම්බෙ හැදුවෙ උගෙ තාත්තා කිව්වා.
ඉරාකෙ සදාම් ගෙ මාලිගාවෙ ෆොටොස් කියලා උගෙ ෆොන් එකෙන් ෆොටොස් වගයක් පෙන්නුවා.
සමහරක් උන් සිරා ගත්තා

මොකද පචය උනත් ඌට ඇත්ත වගෙ ප්‍රසන්ට් කරන්න මාරම ටැලන්ට් එකක් තියෙනවා.
තව කාටද කියලා තිබ්බා උගෙ තාත්තා NASA එකෙ කියලා.
තට්ටු තුනෙ ගෙයක් කිව්වා තියෙන්නෙ අරකයි මෙකයි.
මූ DHP වෙලා උගෙ පාර්ටි එක දෙන්න කොල්ලො උගෙ ගෙදර යනකොට මූ කියනවාලු " අපෙ තට්ටු තුනෙ ගේ අපෙ තාත්තාට ඉන්න අපලයි ඒ නිසා අපි ඉන්නෙ ආච්චිලාගෙ ගෙදර කියලා ඇත්තම ගෙදරට ගිහින්

තනි තට්ටුවෙ පොඩි ගෙයක්.
තව ඉස්කොලෙන් පස්සෙ මුගෙ පච ලයිෆ් එකට ලොකුම වෙපන් එක උනෙ ෆේස්බුක් එක.
මූ පිලිපීන් ගිහින් තිබුණා එක සැරයක් .
යද්දි සින්ගා ට්‍රාන්සිට් වෙලා එද්දි තායි ට්‍රන්සිට් වෙලා.
මූ ෆේස්බුක් එකෙ දැම්මෙ France ගියා කියලා.
ෆන් ඇට් පැරිස් කියලා තායිලන්තෙ එයාර්පොර්ට් එකෙ ෆොටො එකක් දාලා තිබ්බා

තව මූ ඇත්ලටික් කරා ඉස්කොලෙ කාලෙ.
කිසි තෙරුමක් නැහැ.
එත් මූ ෆේස්බුක් එකෙ මූ ඉන්ටර්නැෂනල් තරඟයක් දින්න ගානට කඩෙන් ගත්ත මෙඩල් එකක් අරගෙන ෆේස්බුක් දාල තිබ්බා.
තව මූ දිව්ව රේස් එකෙ කියලා ෆොටොස් එහෙම දැම්මා.
හොයද්දි හම්බ උනෙ ඒක ඇමරිකාවෙ කොලෙජස් වල ඇත්ලටික් කම්පෙටිශන් එකක පික්ස් වගයක් .
මුගෙ අළුත්ම රඟ දැක්වීම පයිලට් කෙනෙක් වීම.
ඉතිං මූ ඔය ඇවියෙෂන් කොර්සස් වලට ගිහින් ෆොටොස් එහෙම දාල කෙල්ලොත් රවට්ට ගත්තා .
පයිලට් වෙන්න යනවයි අරකයි මෙකයි කියලා .
කෙල්ලන්ට බොරු මාට්ටු වෙලාද මන්දා මූට පොල්ල තියලා තිබ්බා.
මූ කොහොම හරි මුගෙ ෆේස්කට් එකට සමාන පින්තූර හොයාගන්නවා නෙට් එකෙන්.
මූ කවර් පික් එකට දාල තිබ්බා මූ ෆ්ලයිට් එක එලවනවා වගෙ.
පිටිපස්සෙ පෙනුමෙන් මූ වගෙම තමා.
එත් ඒකත් ඉමේජ් එක හොයල බලද්දි අහු උනෙ වෙන රටක පයිලට් ලා දෙන්නෙක් ගෙ එයාර් ලයින් එක්ක වීඩියො එකක් ස්ක්‍රීන් ශොට් එකක් මු උදාල තියෙන්නෙ
ඒත් ඔහොම අතෙ පත්තු වෙන පච කෙලලා මූ ලැජ්ජාව නැතුව ඉන්නෙ ඇයි ?
මූ කොල්ලො එක්ක ඔනි දේකට එනවා .
ඒ කිව්වෙ බොන්න සෙට් වෙනවා ,ට්‍රිප් යන්න සෙට් වෙනවා කියන පරක්කුව විතරයි, මල ගෙවල් වල නයිට් ගහන එව්වා වරද්දන්නෙ නැහැ.
තනිකරම සමාජෙ තමා .
බොන්න එහෙම සෙට් උනොත් ඌ එක්ක එන යාළුවන්ටත් එක්ක මූ සල්ලි දානවා.
ඉතිං මූ ටොම් පචයා කියලා දැන දැනත් කොල්ලො මූට මුකුත් කියන්නෙ නැහැ.
ඉතිං ඔය චනුක්ස් කාරයත් එහෙම වෙන්න ඇති.
සොෂල් මීඩියාස් වල පච කෙලියාට
ඇත්ත ජීවිතෙදි ඌගෙ එක්ක ඉන්න එවුන්ට උදව් කරගෙන හොඳින් ඉන්නවා ඇති .