chef කෙනෙක් ඕනෑ................

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කවුරු හරි chef කෙනෙක් ඉන්නවද EK.. මට ලොකු උදවුවක් ඕනෑ......

bread pudding එකක Temperature එක දැනගන්න ඕන.

දන්න අය දාල යන්න.නොදන්න අය bump එකක් වත් දාල යන්න....:)
 

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    okata chef la oneda bung,,,wanduwe thambapan LOL,,,

    just kidding bung,,,

    Pudding bump,,,
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    විවේකය අඩු නිසා කාලෙකින් විශේෂ යමක් හදන්න බැරි උනා!!
    කාලෙක ඉදලා අපේ යාලුවෝ කීප දෙනෙකුගෙන් ඉල්ලීමක් තිබුණා අතුරුපසට යමක් හදන්න කියලා!! ඒ නිසා මම අද හදන්න යන්නෙ පුඩින් වලින් සරළම එකක් වන පාන් පුඩිමක්!!
    වැඩිය අනං මනං නැති වුනත් රසෙන් අඩුවක් නෑ!!

    අවශ්‍ය දේවල් -

    BP1-1.jpg


    දිනක් පරණ පාන් ගෙඩියක්
    බිත්තර 4ක්
    උකුකිරි (ටින් කිරි) ටින් එකක්
    සීනි ග්‍රෑ 100ක්
    සුල්තානා (මුද්දරස්පලම්) ග්‍රෑ 100 -150ක්
    මාජරින් ග්‍රෑ 150 -200ක්
    වැනිලා එසන්ස් තේහැදි 2ක්
    අගල් 10 -12 කේක් තැටියක්

    BP2.jpg


    පාන් පෙති වල මාජරින් ගාගෙන කුඩා කැබළි වලට කපා හෝ කඩා තැටියට දමන්න.

    ඒ මතට සුල්තානා දමන්න.

    BP3.jpg


    ටින්කිරි ටින් එක කඩා භාජනයකට දමා වතුර ටින් 2ක් පමණ දමන්න.
    (ඒ වෙනුවට නැවුම් කිරි හෝ පිටිකිරිද වැඩිපුර සීනි දමා භාවිතා කළ හැකිය.)
    සීනි, බිත්තර සහ වැනිලා දමා හැන්දකින් තරමක් ගසා ගන්න.

    BP4-1.jpg


    තැටියේ ඇති පාන් 90% ක් පමණ හොදින් පෙගෙන සේ කිරි මිශ්‍රණය වත්කරන්න.
    ඉන්පසු පැය 1/2ක් පමණ පසෙක තබන්න.

    BP5-1.jpg


    සෙන්ටිග්‍රෙඩ් 180ක පමණ ඌෂ්ණත්වයේ විනාඩි 25-30ක් කිරි මිශ්‍රණය ඝණවී උඩ යාන්තම් දුඹුරුපැහැ වන තෙක් පුලුස්සා ගන්න.

    BP6-1.jpg


    මෙන්න මේ වගේ තමා අන්තිමට!!
    මමනම් කැමති උණුවෙන් කන්න!!
    ශීතකරණයේ තබා වුනත් කෑමට ගත හැකිය!!

    මගේ අනෙකුත් කෑම හදන ත්‍රෙඩ්ස්.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1183547


    bohoma amaruwen onna liwwe photo gahannath cameraman kenek genawa