පෙලක් උන් හිනා වෙනවා තව එකෙක්ට basic මොනවා හරි google කලත්.
උදා: array එකකින් largest no එක හොයන එක ගමු. මම අහන්නෙ ලබ්බටද ඌ ඒක මතක තියන් ඉන්නෙ කියලා. IFS එකේ interview එකේදී ඌ මගෙන් ඇහුවා Number එකක් isPrime ද බලන්න logic එක ලියන්න කියලා. (ඔව් ඒකද කොහෙද තමා දුන්න logic එක). මම අහන්නෙ මොන ලබ්බටද බන් අපි ඔය level එකට දේවල් ඔලුවේ තියාගන්නෙ? අපි රස්සාව විතරක්ම කරනවා නම් ඒක valid scenario එකක්. නැත්නම් මොකටද අපි ඒ තරම් level එකට යන්නෙ. අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි.
මම අර logic එක ගහලා පෙන්නලාත් පොන්නයා salary match කරන්න බෑ කිව්වා. ඔන්න interview.
මාත් මුල් කාලේ හිතන් හිටියේ ඔහොම තමයි. මේ හැම දෙයක්ම Internet එකෙන් or One Click Away Solution එකකින් ගන්න පුලුවන්නම් ඇයි අපි දේවල් ඔලුවේ මතක තියාගෙන ඉන්නේ?
Array එකක Largest Number එක හරි Prime Number එක හරි හොයන ප්‍රශ්නෙකදී වැදගත් වෙන්නේ හරියට ගහන Code එක නෙවේ. උඹ ප්‍රශ්නේ Tackle කරන විදිහ. Specially උඹ Coding වල Basics වලින් ප්‍රශ්නෙට Approach කරන විදිහ. සරලවම කිව්වොත් Engineering කියන්නේ උඹට Technical ප්‍රශ්නයක් ආවම ඒක Tackle කරන Logical Thinking Pattern එක. කවුරුහරි කියනවනම් එළියේ මෙච්චර Resources තියෙද්දී Basics ටික ඔලුවට දාගෙන ඉන්න එක බොරු වැඩක් කියලා, මටනම් ඒක ටිකක් ගොන් කථාවක්. මොකට ChatGPT ගහලා අන්තිම උත්තරේ ආවත් උඹලගේ Target එක වෙන්න ඕන හරි විදිහට ප්‍රශ්නෙට Tackle කරන එක. උඹලා ප්‍රශ්නෙට යොදවන Logical Thinking Pattern එක.
උදාහරණයක්, කිව්වොත්, Array එකක Largest Number එක හරි Prime Number එක හොයන වගේ වැඩකදී, ඒ විදිහට Thinking Pattern එකක් හුරු නැති කෙනෙක් සහ Basics හොදට පුලුවන් එකෙක් ගමුකෝ. උට ඊට වැඩිය ටිකක් Advanced ප්‍රශ්නයක් දෙනවා, එතකොට Basics බැරි එකා Scratch එකේ ඉදන් ප්‍රශ්නෙට යන්න ඕන. Basics පුලුවන් එකා Decisions ගන්නේ අරූට වඩා උඩ Reference තැනක ඉදන්. ඌ ප්‍රශ්නෙට Approach කරන Path එක පට්ට Logical. ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න Basics බැරි එකා මුල ඉදන්ම Thinking Pattern එක ChatGPT එකෙන් Imitate කරනකොට Basics පුලුවන් එකා ප්‍රශ්නේ ගැන බලන්න ගන්නේ මැද තැනක ඉදන්. Basics පුලුවන් එකා ChatGPT Use නොකරත් අරූට වඩා Time Efficient වෙන්න පුලුවන්. තව කිව්වොත් Basics පුලුවන් එකා ChatGPT Use කරානම් Tool එකක් විදිහට (Logical Thinking කෑල්ල නැතුවා) ඌ පට්ට Time Efficient.
ඔය වගේ ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ChatGPT Use කරන එකා හිර වෙනවා. Basics පුලුවන් වෙච්ච එකාට ලොකු Exposure එකක් තියෙනවා. මොකද අරූ හිතන්නේ Reference Point එකක ඉදන් Basics බැරි එකාට සාපෙක්ෂව.
ඒක නිසා මොන Field එකක හිටියත්, Basics පුලුවන් කරගනින්. Career එකේ Ultimate Target එක වෙන්න ඕනෙ Basics ඉගෙනගෙන තමන් ඉන්න Reference Point එක උඩට ගන්න එක. ඒක නිකන් (x -1)(x+1) ගාණක් දෙන්නෙක්ට දුන්නොත් Basics චුට්ටක් පුලුවන් එකා ගාණ හදන්නේ ඕකෙ පද හැම එකම සුලු කරගෙන, ඒත් වර්ග දෙකක අන්තරය දන්න එකා කෙලින්ම දන්නවා ඕක උත්තරේ x^2 -1 එක කියලා. ඒ නිසා උගේ Next decision එක ගන්නේ x^2 -1 එක කියන තැන ඉදන්. අපි ChatGPT Use කරන්න ඕන ප්‍රශ්නෙට ඕන Logical Approach එක ඔලුවේ තියාගෙන Tool එකක් විදිහට වැඩේ ලේසි කරන්න මිසක්, ප්‍රශ්නයක් Tackle කරන විදිහ හිතන්න නෙවේ. (ChatGPT එකට හිතන විදිහ දෙන්න පුලුවන් වුණාට ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ඒක හිතන විදිහ එච්චර Accurate නෑ.)
කවුරුහරි අහනවනම් Logical Thinking Pattern එකයි Basics අතරේ සම්බන්ධේ මොකක් කියලා, උඹලගේ Logical Thinking Pattern එක Advance වෙන්නේ උඹලා Basics දන්න තරමට. උඹලා උඩ Reference Points වලින් ප්‍රශ්නේ ගැන හිතනවනම් මාර විදිහට Advance විදිහට හිතන්න පුලුවන්.