ඇඳුම් සඳහා වර්ණ ගැලපීම
ඇඳුම් අඳිනකොට වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. මොනතරම් වටින ඇඳුමක් උනත් ඒ සමඟ යොදන අනෙක් ඇඳුමේ වර්ණය සමඟ ගැලපෙන්නෙ නැත්නම් ඒ ඇඳුම ඇඳීමෙන් වැඩක් නෑ
වර්ණ ගැලපීමේදී හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් කලර් වීල් (Color wheel) එකෙන්. උදාහරණයක් විදියට රෝස පාට ටී ෂර්ට් එකකට ලා කොළ පාට කලිසමක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. Color wheel එකේ යාබද වර්ණ හොඳින් ගැලපෙන අතරෙ විරුද්ධ වර්ණ නිවැරදිව භාවිතා කලොත් ගලපගන්න පුළුවන්. ප්‍රධාන දේ මේකයි. වර්ණ ගලපන අතරෙ එම වර්ණ වලම ලා සහ තද වර්ණ අතර වෙනසක් පෙන්වන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදියට තද නිල් ඩෙනිම් කලිසමක් සහ කහ පාට ටී ෂර්ට් එකක්.
තවත් දෙයක් සාමාන්‍යයෙන් කළු, සුදු සහ අළු පාට වෙනත් ඕනෑම වර්ණයක් සමඟ ගැලපෙනවා. මේවා හඳුන්වන්නේ neutral colors ලෙස. ඔබේ ඇඳුමේ මූලික කොටස් මේ neutral colors වලට අයත් නම් දීප්තිමත් වර්ණයක් තෝරාගන්න ඔබට හැකියාව තියනවා. උදාහරණයක් විදියට කළු කබායක් සහ කලිසමකට සුදු කමිසයක් සහ රතු ටයි පටියක් ගැලපෙනවා.
මී ළඟට ඔබේ සමේ වර්ණය වැදගත්. ඔබේ සමේ වර්ණය අඳුරු නම් ලා පැහැති දීප්තිමත් වර්ණයක් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ගොඩක් සුදුයි නම් ඉතාමත් අඳුරු වර්ණ වලට නොයා ලා පැහැති සහ මඳක් තද පැහැති වර්ණ තෝරා ගැනීම සුදුසුයි. සාමාන්‍යයෙන් සුදු කමිස හෝ ටී ෂර්ට් ඕනෑම වර්ණයක් සමඟ හොඳින් ගැලපෙනවා.
කලිසම් තෝරන විට ඉතාත්ම වර්ණවත් කලිසම් තේරීමෙන් වලකින්න. ඇඳුමක ඇස යායුත්තේ කලිසමට නෙමේ. කලිසම් සඳහා neutral colors හෝ තද නිල්, කාකි වැනි අඳුරු පැහැයට බර වර්ණ පමණක් තෝරාගන්න නිතරම උත්සාහ කරන්න.
ඒ වගේම දේශගුනය අනුව වර්ණ තෝරාගැනීමත් වැදගත්. දවසේ උෂ්නත්වය ඉතාමත් අධික නම් සුදු හෝ ලා වර්ණ ඇඟලා සිටීම ඔබේ දෛනික වැඩකටයුතු වලදී වඩාත් පහසුවක් වේවි.
ජෙල් වැක්ස්
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=19907797
කොන්ඩෙ කපමු http://www.elakiri.com/forum/showthread.php?p=19903219#post19903219
රැවුල නිවැරදි කපමු http://www.elakiri.com/forum/showthread.php?p=19901463#post19901463
Watch එකක් ගමු http://www.elakiri.com/forum/showthread.php?p=19899474#post19899474
සපත්තු ගද http://www.elakiri.com/forum/showthread.php?p=19898593&posted=1#post19898593
බෙල්ට් ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1732830