Computer Networking - CCNA!!!

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Computer network එකක් තුල ඇති computer සෑම එකක්ම client කෙනෙක් හෝ sever එකක් ලෙස වැඩ කරනවා. මම මේක ටිකක් පැහැදිලි කරන්නම්.

    මේ රූප සටහන දිහා බලන්නකෝ.

    clientserver.jpg


    මොකක් හරි දෙයක් තේරුම් ගන්න ඇති කියල හිතනවා ඔයාලා...

    Client කෙනෙක් කියන්නේ server එකක් මගින් සපයන සේවාවක් ලබාගන්න computer hardware එකක් හෝ software එකක්.

    Server එකක් කියන්නේ client කෙනෙක්ගෙන් ලැබෙන request එකක් ලබාගෙන ඊට අනුව ප්‍රතිචාර දක්වන, විශේෂ application (software) එකක් මගින් වැඩකරන පරිගණකයක්.

    Client computer එකකින් අපි මොනවා හරි data එකක් request කලාම ඒ request එක server එකට යනවා. ඊට පස්සෙ server එක මගින් ඒ request එක ලබාගෙන එම request එක යම් ක්‍රියාවලියකට භාජනය කරලා අවසාන ප්‍රතිඵලය අපේ computer screen එකේ display කරනවා.

    මේ විදියට clients සහ servers සංකල්පය යොදාගෙන data හුවමාරු කරන ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා.

    Peer to Peer Architecture
    Client - Server Architecture

    Peer to Peer Architecture

    img2_p2p.png


    මුලින්ම රූප සටහන දිහා බලල පොඩි අදහසක් ගන්නකෝ.

    මේ ක්‍රමයේදි අපිට වෙනම server computer එකක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. මෙම ජාලය තුල තියෙන සෑම computer එකක්ම client සහ server කියන භූමිකා දෙකම ඉටුකරනවා. සරලවම කිව්වොත් මේ සෑම computer එකකටම client computer එකට අදාල දේවල් කරන්නත් පුලුවන්. ඒ වගේම server එකක් විදියට අනෙකුත් computers වලට අවශ්‍ය දත්ර් සකසන්නත්, සපයන්නත් පුලුවන්.

    මෙම ක්‍රමයේ වාසි
    • ඉතා පහසුවෙන් ජාලය තුල පරිගණක ස්ථාපිත කරන්න පුලුවන්.
    • සරල සැකැස්මක් ඇත.
    • ජාලය ස්ථාපිත කිරීමට යන වියදම අඩුයි.
    • සරල කාර්යයන් සඳහා භාවිතා කල හැක. (File sharing, Printer sharing)
    මෙම ක්‍රමයේ අවාසි
    • මධ්‍ය ගතවූ පාලනයක් නොමැත.
    • ආරක්ෂාව ඉතා අඩුය. (පහසුවෙන් virus, spyware, Trojan horse වල තර්ජනයට ලක්විය හැකිය)
    • ජාලය පුළුල් කිරීම අපහසුය.
    • සෑම පරිගණකයක් තුලම ඊට අදාල දත්ත සුරැකුම් පද්ධතියක් ස්ථාපනය කල යුතුය.
    • කාර්යක්ෂමතාවය අඩුය. (පරිගණක client සහ server කාර්යයන් දෙකම ඉටු කරන නිසා)
    Client Server Architecture

    lec2-clisrv.png


    මෙම ක්‍රමයේදී වෙනමම client computers සහ server computers දැක ගත හැකිය. Client computers විසින් data request කරයි. Servers මගින් එම request එක ලබාගෙන අදාල සැකසුම් සිදුකර අවසාන ප්‍රතිඵලය Client computer තිරය මතට ලබා දෙයි. මෙම ක්‍රමයේ වාසි සහ අවාසි පහත පරිදි පෙන්වා දිය හැකිය.

    වාසි
    • මධ්‍ය ගතවූ පාලනයක් ඇති නිසා servers මගින් client computers වලට අදාල සීමාවන් පැනවීම සිදු කරයි.
    • Computer resources පහසුවෙන් කලමණාකරනය කල හැකිය.
    • දත්ත ප්‍රතිස්ථාපනය (backup) කිරීම පහසුය.
    • ජාලය පුළුල් කිරීම පහසුය.
    • දුරස්තව සිට වුවත් පහසුවෙන් server computer එක වෙත ලඟා විය හැකිය. (can be accessed remotely)
    • පද්ධතිය තුල ඉහල ආරක්ශාවක් ඇත.

    අවාසි
    • Client computers වලින් එන request ප්‍රමාණය ඉහල යාමෙන් server එක අවහිර වී ජාලය බිඳ වැටීම.
    • Server computer එක ක්‍රියා විරහිත වූ විට මුලු පද්ධතිය ඇණහිටීම.
    • නඩත්තු වියදම ඉහලයි.
    • Server computers පවත්වාගෙන යාමට සහ අලුත්වැඩියා කිරීමට පලපුරුදු තාක්ශණික ශිල්පීන් අවශ්‍ය වීම.
    Good Luck!!!
     
    Last edited:

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan niyamai digatama karagena yanna.mamath ccna karanna inne.sliit eke course ekata kochchara yanawada machan?duration kohomada?Thawa hoda than monawada thiyenne?
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    තොරතුරු සන්නිවේදනය පරිගණක 2ක් පමණක් සම්බන්ධ කරන ලද ජාලයක සිට පරිගණක සමූහයක් සහිත මුලු ලෝකය පුර පැතිරුණු අන්තර්ජාලය දක්වා පුළුල් වෙන්න පුලුවන්. මෙම ක්‍රියාවලිය තුල අපි විවිධාකාරයේ Network Components (ජාලකරණ උපාංග) භාවිතා කරනවා. ප්‍රධාන වශයෙන් මේවා කොටස් 3කට වෙන්කරලා දක්වන්න පුලුවන්.

    • Media
    • Services
    • Devices

    Devices
    Devices කියල හඳුන්වන්නේ Network එකට සම්බන්ධ කරලා තියෙන Hardware කොටස් ටිකයි.

    • Laptop
    • PC
    • Switch
    • Router
    • Hub
    අපිට මෙම උපකරණ නැවත කොටස් 2කට බෙදා වෙන්කරන්න පුලුවන්.

    1. End devices
    2. Intermediary devices
    End devices
    End devices කියන්නෙ අපිට, ඒ කියන්නෙ network එක use කරන අයට ලඟින්ම තියෙන උපකරණ වලට. මේ device වලින් තමයි user කෙනෙක් සහ network එක අතර interface (අතුරු මුහුණත) නිර්මාණය කරන්නෙ.

    • Computers (work stations, laptops, file servers, web servers)
    • Network printers
    • VoIP phones
    • Mobile devices
    • Security cameras
    Intermediary devices
    Intermediary devices කියන්නෙ ඉහතින් දක්වපු end devices එකට සම්බන්ධ කරන devices වලට. මෙම device මඟින් ජාලය අතර සම්බන්ධතාවය ගොඩනගනවා වගේම ජාලය තුල දත්ත හුවමාරුවට උදව් කරනවා.

    • Network Access (switches and wireless access points)
    • Inter-networking (routers)
    • Security (firewalls

    Media
    Media කියන්නේ ඉහතින් සඳහන් කරපු උපාංග එකට සම්බන්ධ කරන්න භාවිතා කරන මාධ්‍යය වලටයි. සමහර මාධ්‍යය ඇහැට පේනවා. සමහර ඒවා පේන්නේ නෑ. ප්‍රධාන වශයෙන් වර්ග 3ක් ලෙස වෙන් කරන්න පුලුවන්.

    • Metallic wires within cables (Copper, Coaxial)
    • Fiber optics (Glass or plastic fiber)
    • Wireless media (Radio frequency, infrared)
    මෙම එක් එක් media වල ගති ලක්ෂණ එකිනෙකට වෙනස්. අපි සුදුසු media එකක් තෝරගන්න කොට පහත සඳහන් කරුණු සලකලා බලන්න ඕනේ.

    • Media එකට සාර්ථකව data රැගෙන යන්න පුලුවන් උපරිම දුර
    • Media එක ස්ථාපනය කරන පරිසරයේ ස්වභාවය
    • Data transmit කලයුතු වේගය
    • ස්ථාපනය කිරීමට සහ නඩත්තු කිරීමට යන පිරිවැය.

    Services
    Services කියලා හඳුන්වන්නේ ඉහතින් සඳහන් කරපු Devices සහ Media යොදාගෙන ලබාදෙන සේවාවන් වලටයි. මෙම සේවාවන් සන්නිවේදන වැඩසටහන් කියල හඳුන්වන්න පුලුවන්. Network user කෙනෙක්ගෙන් ලැබෙන request වලට ප්‍රතිචාර දැක්වීම මෙමඟින් සිදු වෙනවා.

    • Email hosting services
    • Web hosting services

    ඉහතින් සඳහන් කරපු උපාංග Visually represent කරනකොට අපිට මෙම රූප යොදාගන්න පුලුවන්.
    fbznKSG.png


    සම්පූර්ණ ජාලයේම visual map එක පෙන්නුම් කිරීමට අපිට topology diagrams යොදාගන්න පුලුවන්. මෙම topology diagrams කොටස් 2කට බෙදා වෙන් කරන්න පුලුවන්.

    • Physical topology diagrams
    • Logical topology diagrams
    Physical topology diagrams
    මෙහිදී අපි end devices, intermediary devices, cables, configured ports වල භෞතික ස්වභාවය පදනම් කරගෙන diagram එක නිර්මාණය කරනවා.
    kSaeKyk.png


    Logical topology diagrams
    මෙහිදී අපි devices, ports සහ IP Address පදනම් කරගෙන diagram එක නිර්මාණය කරනවා.
    MXEQoEm.png


    Visit my blog....
    http://ciscosl.blogspot.com/
     
    Last edited:

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    CISCO karala JOB hoyanna naha, atleast Degree ekak tiyenna one, nattam CISCO ekin wadak naha,

    Software Developing nam godak hodai,

    Hoda companies wala adurana aya innawanam Job ekak dagannna puluwan wei. man kiwwe practical life experience. CISCO karala job ekakwath atleast Interview ekatawath katha kare naha,EUROPE walatanam usefull. GULF ekatath use naha.

    CISCO no use if you are in SL. Go for Software Developing...
     
    Last edited: