මේ තියෙන්නෙ මචං සෙලර් කෙනෙකුට බඩුවක් වික්කහම ලැබෙන කන්ෆර්මේෂන් ඊමේල් එකක්.
ඕකෙ බලපං බයර්ගෙ ෂිපිං ඇඩ්‍රස් එක ඉස්සරහින් කොලපාටට Confirmed කියලා වැටිලා තියනවා.
ඕක ගැන තමයි ඔය සෙලර්ස්ලා එයාලගෙ ලිස්ටිං වලදි කියන්නෙ කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් වලට විතරයි ෂිප් කරන්නෙ කියලා.
තමන්ගෙ ඇඩ්‍රස් එක කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් එකක් වෙන්න ගොඩක් කාරණා සම්පූර්ණ වෙන්න ඕනෙ මම දන්න විදියට.
ඒව තමයි පේපෑල් එක වෙරිෆයිඩ් එකක් වෙන්න ඕනෙ
ෂිපිං ඇඩ්‍රස් එක පේපෑල් එකට ලින්ක් කරලා තියන කාඩ් එකේ ඇඩ්‍රස් එකම වෙන්න ඕනෙ
ඒ ඇඩ්‍රස් එකට මීට කලිං බඩු අරන් ඩිලිවරි කන්ෆර්ම් කරලා තියෙන්න ඕනෙ.
ඔය කියපු කාරණා සම්පූර්ණ වෙලා නැත්තං අර කලිං කියපු විදියට ෂිපිං ඇඩ්‍රස් එක ඉස්සරහින් Unconfirmed කියලා වැටෙනවා.
එතකොට සෙලර්ස්ලා ටිකක් බයයි අපි ටිකක් ලොකු පේමන්ට් එකක් කරනවනං.
මොකද ඔයා සමහර විට වෙන කාගෙ හරි පේපෑල් එකවුන්ට් එකකින් පේ කරනවා වෙන්න පුලුවන්.
එහෙමත් නැත්තං හොරකං කරපු ක්‍රෙඩිට් කාඩ් එකකින් පේ කරනවා වෙන්න පුලුවන්.
එහෙමත් නැත්තං සෙලර්ගෙ ෆීඩ්බැක් කන්න කියලා හිතාගෙන බොරු ඇඩ්‍රස් එකකට ෂිප් කරන්න කියනවා වේන්න පුලුවන්. (මේක ගොඩක් කරන්නෙ එකම බඩුව සෙල් කරන අනික් සෙලර්ස්ලා)

ඔය මම දන්න විදිය මචං. වැරදි තැනක් තියනවනං දන්න කෙනෙක් නිවැරදි කරන්න.