කොරෝනා ආසාදනයෙන් ලොව පුරා මියගිය ගණන 60000 ඉක්මවයි
කොවිඩ් -19 ආසාදනයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් ගණන අද(04) හැටදහස ඉක්මවා ගියේය.
වැඩිම ආසාදිතයන් ගණන තවදුරටත් අමෙරිකාවෙන් වාර්තා වෙද්දී , ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් නව ආසාදිතයන් 601 දෙනෙකු වාර්තාවී තිබීම විශේෂත්වයක්.
කොවිඩ් - 19 වෛරසය මේ වන විට දක්ෂිණ ධ්‍රැවය හැරෙන්නට ලොව සෙසු සියලුම මහාද්වීප ආක්‍රමණය කර අවසන්.
ඉන් ගෝලීය මරණ 60,378 ක් වාර්තා වී ඇති අතර වාර්තා වන ආසාදිතයන් ගණන එකොලොස් ලක්ෂ 33,000 ඉක්මවා තිබේ.
ඒ අතරින් පූර්ණ සුවය ලබා ඇති ගණන 235,000 කට ආසන්නයි.
මේ අතර ලොව ආසාදිතයින් වාර්තාවීම අතින් ඉදිරියෙන් සිටින්නේ අමෙරිකාවයි.
ඒ අනුව අමෙරිකාවෙන් ආසාදිතයින් 277,607 ක් , ස්පාඤ්ඤයෙන් 124,736 ක් , ඉතාලියෙන් ආසාදිතයන් 119,827ක්, ජර්මනියෙන් 91,159 ක් , ප්‍රංශයෙන් 82,165ක්, චීනයෙන් 81,639ක් , ඉරානයෙන් 55,743ක් , සහ එක්සත් රාජධානියෙන් 38,168ක් හඳුනා ගෙන තිබේ.