Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

chega995

Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!❤️❤️

    කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?

    ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?

    හරි සංතෝසයි ඉතින් නේද?
    ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..

    ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?

    ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..

    ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
    රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
    වරකපොළ මන්ත්‍රී?
    රාගම කට්ටි පැනපු රෝගියා?

    සේරම මාර්තු 12ට පස්සෙ නේද?

    මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?

    දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..

    ආහ් අද කවද්ද? මාර්තු 22...

    ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.

    හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?

    ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.

    ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!

    වෛද්‍යවරු මොන දේ කිව්වත්
    මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
    වැඩේ තියෙන්නෙ අපේ අතේ..🙏🙏

    :yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පසුගෙවුම් බිල්පත් ගෙවීමට සහන කාලයක් දෙන ලෙසත්,පෙර ගෙවුම් සඳහා හදිසි ණය හා අමතර ඇමතුම් කාලයක් දෙන ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන්, දුරකථන සමාගම්වලට උපදෙස්
    #lka #News1st
    ඩේට නැතුව වැඩක් නෑ...:dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!❤️❤️

    කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?

    ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?

    හරි සංතෝසයි ඉතින් නේද?
    ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..

    ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?

    ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..

    ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
    රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
    වරකපොළ මන්ත්‍රී?
    රාගම කට්ටි පැනපු රෝගියා?

    සේරම මාර්තු 12ට පස්සෙ නේද?

    මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?

    දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..

    ආහ් අද කවද්ද? මාර්තු 22...

    ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.

    හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?

    ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.

    ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!

    වෛද්‍යවරු මොන දේ කිව්වත්
    මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
    වැඩේ තියෙන්නෙ අපේ අතේ..🙏🙏

    :yes::yes::yes::yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උතුරේ දිස්ත්‍රික්ක 05 සඳහා ක්‍රියාත්මක ඇඳිරිනීතිය අඟහරුවාදා (24) උදෑසන 6 දක්වා දීර්ඝ කෙරේ. එදින පස්වරු 2 ට යලි පනවයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    2352332.jpg
    කොරෝනා රෝගීන් ගණන 80ක් දක්වා ඉහළට

    මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
    මේ වන විට රෝහල් ගතව සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 222ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සියලූම සිල්ලර ඖෂධ ශාලා හිමියන්ට විශේෂ නිවේදනයක්

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරනු ලැබ ඇත.
    එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව "Chioroquine" "ක්ලෝරෝකුයිනීන්"සහ "හයිඩෝක්සික්ලෝරෝකුයිනීන්" "Hydroxychioroquine" නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබයි.
    මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද එහි වැඩිදුරටත් සදහන් වේ
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උතුරේ දිස්ත්‍රික්ක 05 ක ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කෙරේ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    523523533.jpg
    උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය දීර්ඝ කරයි

    මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා උදෑසන 6 දක්වා දීර්ඝ කර තිබෙනවා.
    ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම දිස්ත්‍රික්කවලට උදෑසන 6ට ඉවත් කෙරෙන ඇදිරි නීතිය දහවල් 2ට යළි පනවන බවයි.
    මෙම දිස්ත්‍රික්ක පහේ වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර තිබෙනවා.
    පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛසරසය ආසාදිත දේවගැතිවරයා හමුවූ සහ ඇසුරු කළ සියළු දෙනා හදුනා ගන්නා තෙක් මෙම ගමන් තහනම ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්

    විශේෂඥ වෛද්‍යවරයකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව chioroquine සහ hydroxychioroquine යන ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලු ඖෂධ අලෙවිසැල්වලට නියෝග කර තිබේ.
    මෙම නියෝගය කඩකරන්නන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන පනත

    මැලේරියා ඖෂධයක් ගැන පැතිරයන තොරතුරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක්

    මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත් ක්ලොරොක්වීන් (Chloroquine) නම් ඖෂධය කොරෝන (කොවිඩ් - 19) රෝගීන්ට රෝහල තුලදී පමණක් ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
    මෙම ඖෂධය කොරෝනා (කොවිඩ් - 19) වැළදීමෙන් වැළකීමට සඳහා භාවිත කිරීම නිෂ්ඵල බවයි ඔහු කියා සිටියේ.
    ක්ලොරොක්වීන් (Chloroquine) ඖෂධය සොයා යාමෙන් වැලකි නිවසට වී සිටින ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතවගෙන් ඉල්ලීමක් කරනවා.

    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්

    විශේෂඥ වෛද්‍යවරයකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව chioroquine සහ hydroxychioroquine යන ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලු ඖෂධ අලෙවිසැල්වලට නියෝග කර තිබේ.
    මෙම නියෝගය කඩකරන්නන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන පනත යටතේ නඩු පවරන බව එම අධිකාරිය පවසයි.

    GOOD MOVE
     
    Status
    Not open for further replies.