COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හුමාලෙ සහ උණුවතුර වල ඇත්තම අවශ්‍යතාවය මොකක්ද? වෛද්‍ය විද්‍යාත්මකව..
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    හුමාලෙ සහ උණුවතුර වල ඇත්තම අවශ්‍යතාවය මොකක්ද? වෛද්‍ය විද්‍යාත්මකව..
    ඔය වයිරස් එක යම් උෂ්ණත්වයකදී විනාස වෙනව.
     
    • Like
    Reactions: SLBro

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    එතකොට වෛරස් එක තියෙන්නෙ වතුරයි හුමාලෙයි ගලන පාත් එකේ විතරද....

    අහල, කියවල තියෙන විදියට වයිරස් එක ඇගට ඇතුලු වෙලා ටික කාලයක් නාසයේ, උගුරෙ රැදිල තියෙනව. ඔය කාලය ඇතුලත අපිට ඔය හුමාලය අල්ලන එකෙනුයි, උණු වතුර බොන එකෙනුයි ගොඩක් දුරට වයිරස් එක නැති කරල දාන්න පුළුවන්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අහල, කියවල තියෙන විදියට වයිරස් එක ඇගට ඇතුලු වෙලා ටික කාලයක් නාසයේ, උගුරෙ රැදිල තියෙනව. ඔය කාලය ඇතුලත අපිට ඔය හුමාලය අල්ලන එකෙනුයි, උණු වතුර බොන එකෙනුයි ගොඩක් දුරට වයිරස් එක නැති කරල දාන්න පුළුවන්.
    බොරුවක් මචන්.

    පට්ට වේගෙන බෝවෙන ලෙඩක් උගුරෙ විතරක් බ්‍රේක් ගහන් ඉදියි කියලා හිතනවද...


    මටත් හැදුනා. උනුවතුර පොදක් බිව්වෙ නැහැ.

    හැබැයි නහයෙ උගුරෙ තද ගතියට උනුවතුර බොනකොට සහනයක් තියෙනවා. නමුත් වෛරසයට බලපෑමක් නැහැ.

    INDIA NEWS

    Can hot water bath or drinking warm water prevent Covid-19? Govt answers​

    The Centre stated the fact that it does not kill the virus nor does it cure the disease. It added that a temperature of 60-75 degrees is required in lab settings to kill the coronavirus.
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

    1 වෙනි අදියර (දවස් 1-4 දක්වා)

    අපේ ඇගට මේ වයිරස් එක ඇතුලු වෙලා දවස් 2ක් විතර යද්දි පහල තියෙන ලක්ෂණ පෙන්නන්න ගන්නව. ඔක්කොම නොවෙන්න පුළුවන්.
    • ඇගට අමාරු ගතිය
    • ඇස් රිදෙන්න ගැනීම, ඇස්වල දැවිල්ල
    • හිසරදය
    • වමනය යාම
    • පාචනය
    • මුත්‍රා කරද්දි දැවිල්ල
    • උණ ගතිය
    • උගුර කැසීම
    2 වෙනි අදියර (දවස් 4-8 දක්වා)
    • ආහාරවල රසය නොදැනීම / ගද සුවඳ නොදැනීම
    • පොඩි වැඩක් කරද්දිත් තෙහෙට්ටුව දැනීම
    • හුස්ම ගැනීමේ අපහසුතාවය
    • පපුව රිදෙන, හිරවෙන ගතිය
    • වකුගඩු තියෙන හරියට වෙන්න ඇගේ පිටිපස්සෙන් දැනෙන වේදනාව
    3 වෙනි අදියර (දවස් 9-14 දක්වා)

    මේ කාලය ඇතුලත අපේ ඇගෙන් ප්‍රතිශක්තිකරණය හැදිල හොද වෙන්න පටන් ගන්නව.

    හුස්ම ගන්න අමාරු, කලන්තෙ ගතිය ගොඩක් තියෙනව නම් හොදම දේ රෝහලකට යන එක. එහෙම නැත්නම් ගෙදර ඉදල පරෙස්සම් වෙල පහල තියෙන දේවල් පිලිපදින්න.

    • පුළුවන් තරම් දියර වර්ග පානය කිරීම
    • උණුසුම්ව ඇති විට කෑම ගැනීම
    • ඇගට සීතල ආහාර නොගැනීම
    • දවසකට පැය 7-8ක නින්දක්
    • හුමාලය ඇල්ලීම දවසට 5-6 වතාවක්වත්
    • උණුවතුර බීම (පැයෙන් පැයට වගේ පොඩ්ඩ පොඩ්ඩ බොන්න පුලුවන් නම් උගුරටත් සහනයක් දැනෙයි )
    ලොකු අමාරුවක් නැත්නම් රෝහලකට ගියත් බෙහෙත් ගොඩක් දෙන්නෙ නෑ. පලවෙනි දවසෙ ඉදල දවස් 10ක් වගේ යනකන් මේ පහල තියෙන බෙහෙත් ටික ගත්ත නම් හොදයි. මේ ටික මට කිව්වෙත් දන්න දොස්තර කෙනෙක්. මේ බෙහෙත්වල වැරැද්දක් තියෙනව නම් නිවැරදි කරන්න.
    • Vitamin D ( Calcium free ) 1000 IU - දවසට 1 ගානෙ දවස් 10ක්
    • Zincovit - දවසට 1 ගානෙ දවස් 10ක්
    • Vitamin C 500mg - දවසට 1 ගානෙ දවස් 10ක්
    • Prition පෙත්තක් සෙම තියෙනව නම් විතරක් රෑට
    • Panadol උණ තියෙනව නම් විතරක්
    කලන්තෙ ගතිය තියෙනව නම් ඇගේ තියෙන ඔක්සිජන් මට්ටම බලන්න පුලුවන් උපකරණයක් ලග තියාගන්න එක හොදයි.

    මෙතන වැරදි දෙයක් මම සදහන් කරල තියෙනව නම් නිවැරදි කරන්න. එකතු කරන්න දෙයක් තියෙනව නම් එකතු කරන්න. අහපු දැකපු කියවපු දේවල් මාර්ගයෙනුයි මම මේ කරුණු ටික ලිව්වෙ.
    ඔයා දාපු ඒවා ගොඩක්ම හරි මචන්.
    මට මුලින්ම ආවේ රෝග ලක්ෂණ මෙවා.
    • ඇගට අමාරු ගතිය
    • ඇස් රිදෙන්න ගැනීම, ඇස්වල දැවිල්ලක්
    • උණ ගතිය (102 ට තිබ්බ මට)
    • උගුර කැසීම
    දැන් අද වෙද්දි උඩ තියෙන රෝග ලක්ෂණ තිබිලා දවස් 2 ක 3 ක් ගිහින්.

    දැන් මට තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්.
    • ආහාරවල රසය නොදැනීම
    • පොඩි වැඩක් කරද්දිත් තෙහෙට්ටුව දැනීම
    • වකුගඩු තියෙන හරියට වෙන්න ඇගේ පිටිපස්සෙන් දැනෙන වේදනාව
    උඹ දාපු බෙහෙත් වර්ග ටිකත් ගොඩක් හරි
     
    • Like
    Reactions: NRTG

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඔයා දාපු ඒවා ගොඩක්ම හරි මචන්.
    මට මුලින්ම ආවේ රෝග ලක්ෂණ මෙවා.
    • ඇගට අමාරු ගතිය
    • ඇස් රිදෙන්න ගැනීම, ඇස්වල දැවිල්ලක්
    • උණ ගතිය (102 ට තිබ්බ මට)
    • උගුර කැසීම
    දැන් අද වෙද්දි උඩ තියෙන රෝග ලක්ෂණ තිබිලා දවස් 2 ක 3 ක් ගිහින්.

    දැන් මට තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්.
    • ආහාරවල රසය නොදැනීම
    • පොඩි වැඩක් කරද්දිත් තෙහෙට්ටුව දැනීම
    • වකුගඩු තියෙන හරියට වෙන්න ඇගේ පිටිපස්සෙන් දැනෙන වේදනාව
    උඹ දාපු බෙහෙත් වර්ග ටිකත් ගොඩක් හරි
    ස්තුතියි මේ දේවල් බෙදා හදා ගත්තාට. තව කෙනෙක්ට වැදගත් වෙයි. වැක්සීන් එක ගහගනද ඉන්නෙ? ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ස්තුතියි මේ දේවල් බෙදා හදා ගත්තාට. තව කෙනෙක්ට වැදගත් වෙයි. වැක්සීන් එක ගහගනද ඉන්නෙ? ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
    බොහොම ස්තුතියි. ඔව් බං.. Doses 2 කම ගහලා ඉන්නේ.
     
    • Like
    Reactions: abhayaratne