Cricket Lovely Cricket

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    W.G.ග්‍රේස්

    ග්‍රේස් මහත්තය සෙල්ලන් කරපු 1 මැච් 1 ක පලවෙනි බෝලෙන්ම එයාව ස්ටම්ප් කලා කියල කීපර් ඇපිල් කලාලු. ලෙග් අම්පයර් ඇවිල්ල විකට් 1 හදන ගමන් කිපර්ට කිව්වලු "උඹල වගේ පොඩි එවුන් කරන විකාර බලන්න නෙමෙයි මේ මිනිස්සු ඇවිත් ඉන්නේ ඒ නිසා පොඩ්ඩක් කෑ ගහන නැතුව ඉන්න" කියල.

    විව් රිචඩ්ස්

    විව් රිචඩ්ස් antigua ටීම් 1 ට ගහපු 1 මැච් 1 කදී බලන්න ආපු අය බලන් හිටියේ පලවෙනි විකට් 1 යනකන් විව් බට කරනවා බලන්න. කොහොම හරි විව් ආපු ගමන් ලකුණක් වත් නොගෙන අවුට්ලු. මිනිහ එලියට යන්න යද්දී සෙනග කෑගහනවලු එක අවුට් නෑ කියල. අම්පයර්ලයි අනිත් ටීම් එකයි ඒ පාර විව්ට කිව්වලු කමක් නෑ ඔයා බැට් කරන්න කියල. විව් බොහොම අකමැත්තෙන් ගිහිල්ල අයත් බැට් කලාලු. අයෙත් බින්දුවටම අවුට්ලු. ඒ පාර නම් මිනිස්සු එයට යන්න දුන්නලු. හැබැයි ඊළඟ ඉනිමේත් මෙය බින්දුවටම අවුට්ලු. මැච් එකයි බින්දු තුනයි.


     
    Last edited:

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ලංකාවේ කතා

    උත්තේජක

    ලංකාවේ බෝලර් කෙනෙක් හිටිය ඉස්සර වකාර් වගේම බෝල් කරන්න හදපු. මෙය ඉස්සර ශ්‍රීලංකා පකිස්තාන් මැච් වලදී පකිස්තාන් ටීම් 1 ඉන්න තැනට යනවලු වසීම් හරි වකාර් හරි එක්ක කතා කරන්න (මේක නං හොඳ දෙයක් මොකද ඒ අයගෙන් අලුත් දෙයක් දැන ගන්න පුළුවන්නේ). දවසක් මෙහෙම යනකොට වසීම් මොනවද බේතක් එයාගේ අතට විදගන්නවලු. දැන් අපේ පොරට මර ප්‍රශ්නේ. ඌ වසීම් ගාවට ගිහිල්ල අර බේත ඉල්ලනවලු උටත් විදගන්න. මු හිතන් ඉන්නේ දැන් හරි තමා වසීම් හොඳට බෝල් කරන්නේ මේවා විදගන්න හින්ද කියල. හැබැයි වසීම් කියනවලු දෙන්න බෑ කියල. දැන් අපේ එකා කියනවලු අනේ මම කාටවත් කියන්නෑ ඊ දෙන්නම ෆාස්ට් බෝලර්ස්ලානේ මටත් දෙන්න කියල. බැරිම තැන වසීම් මිනිහට පෙන්නුවලු බේත. ඉන්සියුලින්.

    ගෙදර පලයන්

    මේකත් ෆාස්ට් බෝලර් කෙනෙක්ට වුන වැඩක්. මෙය හොඳ බෝලර් හැබැයි ෆිල්ඩින් නං චා. දවසක් අපේ කට්ටිය වට කරගෙන කන වෙලාවක හොඳටම ගගහ හිටපු එකාගේ ලේසි කාච එකක් මූ බාපි බිමටම. දැන් ඉතින් කැප්ටන්ට මාරාවේශ වෙලා. කැප්ටන් හිටපු තැනම ඉඳගෙන කෑගැහුවලු "අද රෑම තෝ බඩු ටික පැක් කරගෙන ගෙදර පල" කියල. ඒ විතරක් නම් මදැයි අරුටම දුන්නලු ඊළඟ ඔවරේ ඉඳා දාපිය කියල. මු කොහොම හරි ඒ ඕවරේදීම අර විකට් එක ගත්තලු. අරන් කැප්ටන්ගෙන් ඇහුවලු "අයියේ මම ගෙදර යන්නද?" කියල. ලොක්ක කිව්වලු "නෑ නෑ උඹ මෙන්න මෙහෙට වෙලා ඉඳල ඊළඟ මැච් ටිකත් ගහපන්" කියල.


    ලංකාවේ කට්ටිය කවුද කියල පුළුවන් අය කිව්වත් කමක් නෑ :)
     
    • Like
    Reactions: max_xx

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මර්ව් හියුස්

    ඉන්ටනැෂනල් මැච් 1 ක මර්ව හියුස් බෝල් කරද්දී බැට් කලේ මියන්දාඩ් හරි කපිල් දෙව් හරි. බැට්ස්මන් කිව්වලු උඹ හරියට බස් කොන්දොස්තර කෙනෙක් වගේ කියල. කොහොඅ හරි ඒ මැච් එකේදී අර බට්ස්මන්ව අවුට් කලේ හියුස්ලු. බැට්ස්මන් එලියට යද්දී මෙර්ව් හියුස් දුවගෙන ගිහින් බැට්ස්මන් ඉසරහින් හිටගෙන හිනා වේවි කිව්වලු "ටිකට්ස්, ප්ලීස් " කියල
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    sira machan
    grace ge seen okkoma thibba "kreeda" paththare.....
    hina kaala pana yanawa....
    ela ela rep++++

    Thank you machan. mamath mewa paththara walin dakapuwa thamai. habai sahena kalekata kalin ekai samahara ewage nam naththe.

    thanks for rep. mata nan thama rep power na. but i will add rep.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෙ ටීම් එක ටෙස්ට් මැච් එකක් ගහනවලු ඔන්න අපෙ ඔපනර්ස්ල දෙන්නා බැට් කරන්න ගියාලු....මේ වෙලාවෙ ********එයාගෙ බබාව වඩාගෙන හුරතල් කරමින් හිටියලු.( ඉස්සර මෙයාලට ෆැමිලි බොක්ස් එකට යන්න පුළුවන්ලු...දැන් බැරිලු/ආරක්ෂක හේතු මත )
    ඉතින් ටික වෙලාවකින් විකට් එකක් ගිහින් ******** එයාගෙ අතේ හිටිය බබා වයිෆ්ට දීලා බැට් එකත් අරන් පිටියට බැස්සලු.අර පොඩි එකා මහ හඬින් අඬන්න පටන් ගත්තලු......
    ********* ගෙ වයිෆ් බබාව නලවගන්න මෙහෙම කීවලු.
    ''අඬන්න එපා පැටියෝ..තාත්තා ගිය ගමන් ඉක්මණට එයි හොඳේ"
    මම හිතන්නෙ ********* අවුට් ඔෆ් ෆෝම් කාලෙ හදපු එකක්....!!!
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    බූරුවා

    එක මැච් එකකදී ලංකාවේ පලවෙනි විකට් 1 ඉක්මනට ගියා. ඊළඟට අවේ ලංකාවේ හිටපු හොඳ හයේ හතරේ තඩි සයිස් බැට්ස්මන් කෙනෙක්. අනිත් පැත්තේ හිටියේ ලංකාවේ හිටපු ප්‍රවේගකාරිම බැට්ස්මන්. මේ යක එක බෝලෙකට ලොකු පාරක් ගහන්න ගියා. වැදුනේ නෑ. අර හයේ හතරේ බුවා ඇවිල්ල මුට මොකද්ද කිව්වා. අරු ඊළඟ බෝලෙටත් අරකම කලා. හයේ හතරේ බුවා ආයෙම අරු ගාවට ගිහින් මොනවද කිව්වා. අරු ඊළඟ බෝලෙටත් අර විදියටම ගැහුවා. එක වැදුන කියමුකෝ. කෙලින්ම ගිහිල්ල ෆිල්ඩර් ගේ අතටම බෑවා . දැන් ඉතින් අර හයේ හතරේ බුවාට මාරු නැගල. මු බට එකෙන් පොළොවට ගහන ගමන් කියපි "මම ඔය බුරුවට කිව්වා ඔහොම ගහන්න එපා කියල."
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    සුපර් මෑන්

    දැන් ලංකාවේ ඉන්න හොඳම ප්ලේයර් කෙනෙක්ට ටීම් එකේ අය කියන්නේ සුපර් මෑන් කියල. මෑන් සුපර් විදියට පරදින මැච් දිනවනවා වුනාට මේකට හේතුව වෙන එකක්. මිනිහ බොක්සර් වර්ගයේ අන්ඩවෙයර් එකක් ඇඳලා ඊට උඩින් අන්දිනවලු අර සුපර් මෑන් ස්පයිඩර් මෑන් වගේ අය අඳින එකක්.
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ටීම් එක

    මේ කියන ප්ලේයර් දැන් නම් ටීම් එකේ ඉන්න සොලිඩ් බැට්ස්මන් කෙනෙක්. හැබැයි මෙය මුලින්ම එන්නේ බෝලර් කෙනෙක් විදියට. මෙයා 1997 1998 සීසන් එකේ ගොඩක් විකට් ගත්ත. එතකොට සෙල්ලන් කලේ බ්ලුම්ෆීල්ඩ් එකට වගේ මතක. හැබැයි ටීම් එකට එන්න බැරි වුනා. ඉතින් සීසන් එක ඉවර වෙලා ටික දවසකින් මෙයා ටීම් එක මාරු කලා. ඒ ටීම් එකට එක මැච් එකක්වත් ගහන්න කලින් පොරව ඊළඟ ටුවර් එකේදී නැෂනල් ටීම් එකට සිලෙක්ට් වුනා. දන්නා කෙනෙක් ඉන්නවනම් මිනිහ ගියා ටීම් එකේ විශේෂත්වය කියන්න.
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    නිකන් බලල කමෙන්ට් දාලා විතරක් යන්න එපා. මේ ලංකාවේ කතා වල ප්ලේයර්සලා සහ ටීම් ගෙස් කරන්නත් ට්‍රයි එකක් දෙමු.:P
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    අවසාන කතාව

    මේ ත්‍රෙඩ් එකේ තව කතා දාන්නේ ඇයි කියල හිතුනත් අවසාන වශයෙන් මෙන්න තව කතාවක්.

    ජොන්ටිගේ සිංහල

    ජෝන්ටි රෝඩ්ස් ලංකාවට අපු මුල්ම වතාවේ එයට හිංගල ටිකක් ඉගෙනගන්ඩ හිතුනලු. ඉතින් ලංකාවේ කිරිකට් කණ්ඩායමේ මෙයාගේ හොඳම යාළුවා(ඌ මොකද කියා මතක නැත. ) ලඟට ගිහින් මු හිංගල වාක්කියක් ඉගෙන ගත්ත. ජෝන්ටි ටිකක් සොමියට බර බුවෙක්. ඉතින් දවසක් උදෙන්ම ග්‍රවුන්ඩ් එකට ගිහින් මෙයා අර තණකොළ කපන යන්තරේ කොලුවට නොවඳිනා වැඳුම් වැඳලා එකෙන් වටයක් ගියා. මේද ඉතින් මැච් නොතිබ්බ දවසක් නිසා ඉතින් ජෝන්ටි මේකෙන් බැස්සේ මුළු ග්‍රවුන්ඩ් එකේම තණකොළ කපල. එහෙම ඇවිල්ල අර යන්තරේ බාරව හිටපු කොලුවට කිව්වලු "ගල් ඉබ්බා මට බඩගිනියි " කියල. අර කොල්ලට නිකන් පොල්ලකින් ගැහුව වගේලු. ඒ විතරක්ය අපේ ලංකාවේ ටීම් එකේ කොල්ලෝ ටිකක් ළඟ හිටියලු උන්ටත් අප්සැට්ලු. එකෙක් විතරක් ඉන්නවලු තනියෙම හිනා වේවි. එතකොට අර ලන්කන් ටීම් එකේ ටිකක් තට්ටේ තියන එකෙක් ඇහුවලු අර හිනා වෙන එකාගෙන් "මොකද්ද බන් අරු අර කිව්වේ?" කියල . එතකොට අරු කියනවලු "thank you very much " කියල සිංහලෙන් කියන්නේ ඔහොම තම කියල.
     
    • Like
    Reactions: nlasasatha