මචං ට්රේට් කරන්න ඕන මෙහෙමයි කරන්නෙ මෙහෙමයි කියල එකක් නෑ. බලාපොරොත්තුවන ලාබය මොන ක්‍රමයෙන් හරි ලැබෙනවා නම් එච්චරයි. ලයිව් ඩේටා එක්ක වැඩ කරන්න කලින් පරණ ඩේටා එක්ක ඔයාගෙ ස්ට්‍රැටජිය ටෙස්ට් කරල බලන්න. එහෙම කරද්දි අපේ උපක්‍රම හරියන වෙලාවල් වගේම වැරදෙන වෙලාවලුත් බලා ගන්න පුළුවන්. වැරදෙන වෙලාවල වැරදුනේ කෝමද කියල හොදට ඇනලයිස් කරන්න. ඒ විදියට ඉස්සරහට ඉස්සරහට එද්දි ඔයා ඔයාගෙ ස්ට්‍රැටජියේ පට්ට ප්රොෆිෂනල් කෙනෙක් වෙනවා.
ඔයාගෙ උපක්‍රමය හොදයි. මමත් ඔය හා සමාන ක්‍රමයකට කරන්නේ.
මම කරද්දි 20, 50, 200 සිම්පල් මූවින් ඇවරේජස් ගන්නවා. ෆිබ් එක ගන්නවා. stochastic rsi එක පාවිච්චි කරනවා. ට්රෙන්ඩ් ලයින් ගන්නවා. පැටන්ස් චෙක් කරනවා.
පැටන්ස් පහසුවෙන් බලා ගන්න පුළුවන් පහසුම ක්‍රමය ට්රෙන්ඩ් ලයින් අදින එක. ට්රෙන්ඩ් ලයින් අදින්න ඕන හැද තිස්සෙම දකුණු පැත්තෙ තියන ටොප්ස් වලින් වගේම බොටම් වලින්. මේක ගැන දාපු වීඩියෝවක් කලින් දාල ඇති ඒක හොයල බලන්න. ට්රෙන්ඩ් ලයින් ක්රොස් කලාම පහල යාම හරි ඉහල යාම හරි නතර වෙන හැටි එකෙ තියනවා.
අවධානය දෙන්න ඕන හැම චාට් එකකම තියන ට්රේඩින් පැටර්න් ගැන. මොකක් හරි අපි හැමෝම දන්න පටන් එකක් හැදීගෙන එනවද බලන්න ඕන. එහෙම එකක් එනවා නම් තාක්ෂණික කරුණු එක්ක වැටෙනවා නම් වැටෙන්න පුළුවන් තැනත් නගිනවා නම් නගින්න පුළුවන් තැනත් අපි උපකල්පනය කරන්න ඕන. ඊට පස්සෙ.
මූවින් ඇවරේජස් ගැන හොද අවධානයක් ඕන. දවස, පැය හතර, පැය, විනාඩි 15 විනාඩි 5 වගේම විනාඩිය. ඩෙත් ක්රොස් වගේම ගෝල්ඩන් ක්රොස්. ඒ වගේම ලයිව් ප්‍රයිස් එක මූවින් ඇවරේජස් වල වැදිල ගන්න සපෝට් වගේම රෙසිස්ටන්ස් හරිම වැදගත්. කොච්චර පහලට යන්න පැටර්න් එකක් ඇවිත් තිබ්බත් මූවින් ඇවරේජස් වල සපෝට් රෙසිස්ටන්ස් වලින් ගමන වෙනස් කරන්න පුළුවන්.
මීලගට මම බලන්නේ RSI වැලියු එක. උඩ නම් තියෙන්නෙ මිල පහල එන්න පුළුවන්. පහල නම් නගින්න පුළුවන්. rsi පහල වෙලා පහලට යන ගමනදි 50 මූවින් ඇවරේජ් එකේ වදින්න නම් යන්නෙ අපිට හිතන්න පුළුවන් 50 වැදිල වැටෙන එක නතර වෙනවා. ඉන් පස්සෙ ඉස්සෙනව කියල. ඒත් ට්රේඩ් කරද්දි හැම තිස්සේම එකම දෙයක් මත තීර්ණ ගන්න එපා. අපි යූස් කරන අනිත් ටූල් වලත් සිග්නල් එක උඩටද යටටද කියල බලන්න ඕන. මූවින් ඇවරේජස් වල විශාලත්වය වැඩිවෙන්න වැඩිවෙන්න ලැබෙන සපෝට් වගේම රෙසිස්ටන්ස් වැඩි වෙනවා.
මීලගට වැදගත් වෙන්නෙ ෆිබ් එක. අපි ට්රෙඩ් කරන ස්වින්ග් එකේ පහලම වගේම උඩම තැන එකතු කරල ෆබ් එක අදින්න. දැන් ලැබෙන ලයින් හොද සපෝට් වගේම රෙසිස්ටන්ස් වෙනවා. මම දවසෙ චාට් එකට ලොකු ෆිඩ් එකක් අදිනවා. ඉන් පස්සෙ විනාඩි පහලවෙ පේන අපි දැන් ඉන්න ස්වින්ග් එකට ෆබ් එකක් අදිනවා. එතකොට අපිට ෆබ් ලෙවල් ගොඩක් එනවා. පරිස්සමට බැලුවම පේනවා ෆබ් ලෙවල් වලින් සපෝට් ගන්න හැටි වගේම රෙසිස්ටන්ස් දෙන හැටි. ෆබ් එක හරියට ඇදගත්තද කියල සැකයක් එනවා නම් බලන්න අපි ඇදපු ෆිබ් එකේ ලයින් වල වැදිල මිල ගමන් මග වෙනස් කරනවද කියල. ඇදපු ලයින් ලග මිල අමාරුවෙන් නම් ලයින් පන්න ගන්නෙ අපි ඇදපු ලයින් බොහෝ දුරට සාර්තකයි.
මේ මම කරන විදිය. මම මේක දැන් ආසන්නව මාස පහ හයක් කරල තියන නිසා මට ටිකක් පහසුයි. මගේ ට්රේඩ් වලින් 90% කට වඩා සාර්ථකයි. මම කැපිටල් එක ග්රෝ කල විදියෙන්ම ඒක පේනවනෙ. ඔයාගෙ ක්‍රමයක් හදා ගන්න එක හොදයි. හැබැයි මාර කැපවීමක් වගේම මහන්සියක් බුද්ධිය වෙහෙසිල්ලක් ඕන. කථාවට කියනව ආයෙ රෝදය හොයා ගන්න දගලන්න එපා කියල. ඒත් රෝදයට අළුත් දේ එකතු කරල කාර්යක්ෂම කරන එක තමයි දක්ෂ කම.
View attachment 160712
ගලා ගැන අවධානයෙන් ඉන්න අයට.
ගලා බොහොම වටින ට්රෙන්ඩ් ලයින් එකක ඉන්නෙ. ඊයෙ ඒ ලයින් එක ටච් කලා අපි බලාපොරොත්තු උනා වගේම. දැන් පහලින් තියන ට්රෙන්ඩ් ලයින් එකට වැටෙයි කියල අනුමාන කරනවා. මේ වෙලාවෙ බයි කරන්න යනවා නම් ටිකක් පරිස්සමට. ඔය ලයින් එකට වැටිලා 50 මූවින් ඇවරේජ් එකෙන් සපෝට් එකක් අරන් අනිත් ට්රෙන්ඩ් ලයින් එක ටච් කරාවි. බ්රේක් කලොත් 45 සීමාවට වත් අවම ඒවි කියල හිතෙනවා. අවධානයෙන් ඉන්න.
------
Post added on Feb 16, 2022 at 4:32 PM